IMG-LOGO

2025 අගෝස්තු මස 23 වන සෙනසුරාදා


ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම

මෙරට ජාතික ක්‍රීඩාව නොවූව ද ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට්ය. ලෝක සිතියමේ අබැටක් තරම් කුඩා රටක් වුව ද ජාත්‍යන්තරය තුළ අභිමානයෙන් නැගී සිටීමට මේ රටට හැකි වූයේ ක්‍රිකට් ක්‍රීඩාවේ ආනුභාවයෙනි. ජයග්‍රහණ අහිමිව පරාජයේ දුක්ඛිත අත්දැකීම් නොනැවතී විඳින මෙරට ජනයාගෙන් සාතිසය බහුතරයක් සිය ප්‍රමෝදයේ ප්‍රධානම මෙවළම බවට ක්‍රිකට් ක්‍රීඩාව පත්කර ගත්හ. 1996 වසරේ දී අර්ජුන රණතුංග ඇතුළු පිරිවර ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමත් සමග මෙරට ගම් නියම්ගම් නගර ජනපද සිසාරා ක්‍රිකට් උන්මාදය ගංවතුරක් මෙන් ගලා ගියේය.

ඒ වූ ක්‍රිකට් අද අප රටේ තහනම්ය. වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තහනම් කර ඇත. නිලවරණයකින් පත් වූ නිලධාරී මණ්ඩලයකට කටයුතු කරගෙන යාමට ඇති දේශපාලන බලපෑම් හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම තීරණය ගෙන ඇති බව ද සඳහන්ය.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම තීරණය ගනු ලැබුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කළ ඉල්ලීමකට අනුව බවය. ශ්‍රී ලංකා ක්‍රිකට්හි සභාපති ෂම්මි සිල්වා සහ පිරිස පවසන්නේ තමන් එබඳු ඉල්ලීමක් නොකළ බවත් ක්‍රිකට් පරිපාලනයට සිදු කෙරෙන දේශපාලන බලපෑම් හේතුවක් අයි. සී.සී.ය මෙම තීරණය ගත් බවත්ය. හේතුව කුමක් වුවත් දැන් රටේ ක්‍රිකට් තහනම්ය.

මෙම ක්‍රියාදාමය තුළ රට පාවාදුන් දුෂ්ටයන් කවුදැයි සොයා බලා තරාතිරම් බේදයකින් තොරව ඔවුන්ට දඬුවම් කළ යුතුය. තම තමන්ගේ ප්‍රශ්න තම සීමාව තුළ විසඳා ගැනීමේ සමත්කම සියලු පාර්ශ්ව සතුවිය යුතුය. හන්දියේ චන්ඩින් මෙන් හැසිරී වහසි බස් දොඩමින් ප්‍රශ්න විසඳා ගත නොහැක. එහෙත් සිදු වූයේ එයමය. ප්‍රතිඵලය ක්‍රිකට් තහනම් වීමය. අලාභය පොදුවේ මුළුමහත් රටටමය.

ආසියානු කුසලාන අවසන් මහ තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජයත් සමග ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ එක්දින විවාදයක් පැවතුණි. මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට සහභාගි වෙමින් සිටිය දී ක්‍රිකට් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ විවාදයක් පැවතුණි. ඒ අතරවාරයේ දී ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් පරිපාලනයට අතුරු කමිටුවක් දැමූ අතර ක්‍රිකට් පරිපාලනය එයට එරෙහිව අධිකරණයට ගියේය. අධිකරණය ලබාදුන් තීන්දුවෙන් ක්‍රිකට් අතුරු කමිටුව අහෝසි වී ගිය අතර හිටපු පරිපාලනයටම ක්‍රිකට් ආයතනය බාර විය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කිරීමට පියවර ගත්තේ ඔය අතරවාරයේදීය.

ලෝක කුසලාන තරගාවලියක් වැනි අතිශයින්ම වැදගත් තරගාවලියක් ඇතුළත සිදු වූ මෙම ක්‍රියාදාම​ෙයන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට බලපෑමක් ඇති නොවේ යැයි පැවසිය නොහැක. අපේ කණ්ඩායම වෙතින් අතිශය දුර්වල ක්‍රීඩා රටාවක් මතුවීමට කලක පටන් එන ක්‍රිකට් ආරවුල හේතු වූ බව ද සත්‍යයකි.

වැරැදි කර ඇත්නම් වැරැදිකරුවන්ට එරෙහිව අධිකරණයට යාමට කිසිදු බාධාවක් නැත. ඒ සඳහා වන විධිවිධාන අප රටේ තිබේ. එ මග නොයා නොමග යෑමේ ප්‍රතිඵලය රටේ ක්‍රිකට් තහනම් වීමය. දැන් කවුරුත් කළ යුත්තේ තහනම ඉවත් කර ගැනීමට සද්භාවයෙන් කටයුතු කිරීමය.

(***)



අදහස් (0)

ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 4205 0
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 219 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 180 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site