IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජාතික සමගියේ සහජීවන අරුත කියන පොඩිත්තෝ

ජාතික සමගිය, ආගමික සහජීවනය යන මාතෘකා යළිත් සමාජය තුළ ගැඹුරු සංවාදයකට බඳුන් වී තිබේ. ඇස් ඉස් මස් හා ලේ මෙන්ම ජීවිතද දහස් ගණනින් පූජා කර ඇතත් ඇතමකුට ජාතික සමගිය හා ආගමික සහජීවනය යනු කුමක්දැයි එයට හිමි නිසි අරුතෙන් හඳුනා ගැනීමට නොහැකි වී තිබේ. අතට ලැබෙන ඩොලර් මිටි නිසා හෝ තම මානසික උමතුව නිසා හෝ ඔවුහු  අන්ජාතීන් මෙන්ම අන් ආගම් පීඩාවට පත්කෙරෙන ආකාරයේ ප්‍රකාශ කරති. මේ දිනවල ඒ සම්බන්ධ සිදුවීම් එක පෙළට වාර්තා වෙමින් තිබේ.

ආගමික ග්‍රන්ථවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙන්ම වෙනත් අණ පනත්වල ඇති මුද්‍රිත අකුරු සජිවී ක්‍රියාකාරීත්වයට රැගෙන ආ යුතුය. ඒවා මහ පොළොවට රැගෙනවිත් පුරවැසි ජීවිත සමඟ බද්ධ කළ යුතුය.

ඒ සම්බන්ධ අතිශයින්ම වැදගත් සේයාරුවක් අප පුවත්පත ඉකුත්දා පළ කළේය. එම සේයාරුවෙහි ඇති වැදගත්කම නිසාම එම සේයාරුව අප පුවත්පතෙහි මුල් පිටුවෙම සැලකිය යුතු ඉඩක් වෙන්කර පළ කර තිබිණි.

අප පුවත්පත් මුල්පිටුවේ පළකර තිබූ සේයාරුවෙන් දැක්වුණේ මුස්ලිම් ජාතික ළමයින් පිරිසක් ගාල්ල කොටුගොඩ ප්‍රදේශයේ සිංහල බෞද්ධ නිවසකට රැස්වී බෞද්ධ පිරිසක් සමඟ පොසොන් සැරසිලි සිදු කරන ආකාරය වේ.

එම සේයාරුවෙන් ප්‍රකාශයට පත් කෙරෙන අර්ථය නිවැරැදිව හඳුනා ගැනීමට සමත් වන්නේ නම් එය අනාගත ජයග්‍රහණවලට මනා පිටිබලයකි. සිංහල මුස්ලිම් දරුවන්ගේ ආගමික සහජීවනයට ගාල්ල ප්‍රදේශයේ ප්‍රකට දානපතියකුවන රාසික් අන්වර් හාජියර් මහතා අනුග්‍රහය දක්වා ඇති බවද සඳහන්ය. මෙම සහජීවනය කෙතරම් විචිත්‍රද යන්න අමුතුවෙන් විස්තර කළ යුතු නොවේ.

ලෝකයට ආගම් බිහිවූයේ මානව වර්ගයාට විමුක්තියේ මාවත හෙළි පෙහෙළි කිරීමටය. ඇතැම් ආගම් දර්ශන මිනිසාගෙන් ප්‍රතික්ෂේප වීම නිසා අභාවයට ගියේය. බොහෝ ආගම් දර්ශන සියවස් ගණනාවක් පුරා මානව සමාජය සමඟ බැඳී පවතී. ආගම ඇදහීම විශ්වාස කිරීම පෞද්ගලිකත්වයට යටත් කාරණාවකි. එය හැරුණු විට අනෙකුත් ආගම් සමඟ සසඳමින් තමන්ගේ ආගම හුවා දැක්වීමට යාම ශිෂ්ට සම්පන්න නොවේ. එහෙත් එම අශිෂ්ටත්වය ඇතැමකුගෙන් පොළා පනී. ගැටුම් ඇවිළී යන්නේ එවිටය.

ආගම් අතර ඇති විවිධත්වය තුළම විචිත්‍රත්වය ඇත. එය අත්විඳිමට ඇති විචිත්‍රත්වයකි. එම විචිත්‍රත්වය අත් විඳීමට නම් විසල් පළල් මනසක් තිබිය යුතුය. මනුෂ්‍යත්වයෙන් පිරිපුන් විය යුතුය. ගාල්ල පොසොන් සැරසිලිවලට සම්බන්ධ සේයාරුව අපට වඩාත් වැදගත් වන්නේ ඒ අර්ථයෙනි. සමගිය, සංහිඳියාව කෙතරම් බලගතු ද යන්න එම කතා කරන සේයාරුව නිහඬව කියාපායි.

ගැටුම් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකේය ජාතියට අමුතුවෙන් ඉගෙන ගැනීමට දෙයක් නැත. පරම්පරා ගණනාවක් ලේ කඳුළු සහිතව එම අත්දැකීම අත්විඳ ඇත. තිස්වසරක කුරිරු යුද්ධයෙන් හා ආගමික උමතුවෙන් යුතු අතළොස්සක් පිරිස වරින් වර පණ ගැන්වූ ආගමික ගැටුම්වලින් අප අත්පත් කර ගත් ජයග්‍රහණයක් නැත. අපට උරුම වූයේ දුක කඳුළ වේදනාව පරාජය හා විනාශය පමණි. කරුණු කාරණා එපරිදි වුවද එකී පාඩම් වුවමනාවෙන්ම අමතක කරන පිරිස් සිටිති.

අප පුවත්පත පළකළ සේයාරුවෙන් කියැවෙන්නේ ජාතික සමගිය ආගමික සංහිඳියාව ඇති කළ යුත්තේ දරුවන් තුළින්ම බවය. තමන්ගේ දේශපාලන හා අනෙකුත් විශ්වාසයන්ට අනුව පමණක් සියල්ල විග්‍රහ කරගනිමින් තමන්ට අභිමත පරිදි සියල්ල ගළපා ගන්නා වැඩිහිටියන්ට පෙර දරුවා තුළ උත්තුංග අදහස් රෝපණය කළ යුතුය.

මිනිසා නොහදා රට හදන්න බෑ යන්න ඒකායන සත්‍යයකි. එමෙන්ම දරුවා නිවැරදිව හදානොගෙන මිනිසා හදන්න වෙයි යන්නද එපමණටම සත්‍ය වුවකි. ‘පබස්සර විදං භික්ඛවේ චිත්තර’ යනුවෙන් බුදුපියාණන් වහන්සේ වදාළ පරිදිම ළදරු සිත ප්‍රභාස්වරය. පිරිසුදුය.

එම පිරිසුදු සිත අපිරිසුදු වන්නේ බැහැරින් එන කෙළෙස් කහටිණි. එහෙයින්ම ජාතික සමගියේ හා ආගමික සංහිඳියාවේ වැදගත් බව පිළිබඳ දේශන පැවැත්වීම වෙනුවට දරුවාට ඒ සඳහා අවස්ථාව සලසන ක්‍රියාකාරකම් සකසා දිය යුතුය. සිංහල-මුස්ලිම් දරුවන් එක්ව ප්‍රීතිමත් හදින් පොසොන් සැරසිලි සිදු කරන සේයාරුව අදටත් හෙටටත් වලංගු වන්නේ එහෙයිනි.

(***)



අදහස් (1)

ජාතික සමගියේ සහජීවන අරුත කියන පොඩිත්තෝ

සස්මික Thursday, 30 November 2023 07:23 PM

සුපිරියි...!

:       2       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 396 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site