IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඡන්දයේ අවිනිශ්චිතතාව තුරන්කර ජනතා අයිතිය තහවුරු කරමු

යෝජිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් තවමත් සමාජය තුළ ඇත්තේ අවිනිශ්චිත බවකි. විචිකිච්ඡාවකි. අප එසේ කියන්නේ ඡන්දය සම්බන්ධ විවිධ පාර්ශ්ව විසින් පළ කරන අදහස් උදහස් සලකා බැලීමෙන් පසුවය. ඒ අතර මෙම මැතිවරණය සඳහා රජයේ සහාය ලබාදෙන ලෙස ඉල්ලමින් මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළ බව මාධ්‍ය වාර්තා කළේය.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට එල්ල වූ තර්ජන පිළිබඳව කෙරෙන පොලිස් පරීක්ෂණ ගැන තම කොමිසම සෑහීමකට පත් නොවන වග ද එම ලිපියේ සඳහන්ය. එසේම මැතිවරණය පැවැත්වීම පිළිබඳ රාජ්‍ය ආයතන (සංවිධාන) වලින් ලැබෙන සහාය මද බව ද එහි දැක්වෙයි.

මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක මැතිවරණ කොමිසමේ ප්‍රධානියා රාජ්‍ය නායකයාට ඡන්දය සඳහා සහාය වන ලෙස ඉල්ලමින් ලිපියක් ලිවීම සාමාන්‍යයෙන් සිදු නොවන්නකි. එම ලිපිය දකින ඕනෑම කෙනකුට මැතිවරණය නිසියාකාරව පවත්වා හමාර කිරීමට හැකියාවක් ලැබේද? යන්න පිළිබඳ සැකයක් මතුවන බව සඳහන් කළ යුතුය.

ඒ අතර ජනාධිපතිවරයා නායකත්වය දෙන එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් වන පක්ෂ සභාපති වජිර අබේවර්ධන, මහලේකම් රංගේ බණ්ඩාර ඇතුළු පිරිස මැතිවරණය නොපැවැත්විය යුතු බවට වන මතයක් ප්‍රචාරය කරමින් සිටිති. විශේෂයෙන්ම රටේ පවත්නා අති දුෂ්කර ආර්ථික තත්ත්වය හුවා දක්වමින් ඡන්දය කල් දැමිය යුතු යැයි ඔවුහු ප්‍රකාශ කරති.

විපක්ෂය මේ සම්බන්ධයෙන් දරන මතය වන්නේ රජය යම් දේශපාලන උපක්‍රමයක් මගින් ඡන්දය නැවතත් කල් තැබුවහොත් ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතින් රැකගන්නට මහජනයා සමඟ වීදි බසින බවය. මේ ආකාරයට යෝජිත පළාත් පාලන ඡන්දය ජාතික තලයේ ප්‍රබල දේශපාලන මාතෘකාවක් බවට පත් වී තිබෙන්නේ ඡන්දය සම්බන්ධයෙන් හටගෙන ඇති අවිනිශ්චිත බව නිසාය.

2023 මාර්තු 09දාට ඡන්දය පැවැත්වීමට මැතිවරණ කොමිසම පැත්තෙන් ඉටුවිය යුතු රාජකාරි නොපිරිහෙලා ඉටුකෙරෙමින් පවතී. එය ස්වාධීන කොමිසමක ශක්තිය මෙන්ම ස්වාධීනත්වය විදහා දැක්වෙන කටයුත්තකි. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීමේ දී එහි මුඛ්‍ය අරමුණක් වූයේ කිසිදු පාර්ශ්වයකට ගැති නොවී ජනතාවගේ අයිතින් හා උරුමය සුරක්ෂිත කර දීමය. මැතිවරණ කොමිසම සීරුවෙන් මෙහෙයවන පළාත් පාලන මැතිවරණය පුංචි ඡන්දය නමින් හැඳින් වුවත් මේ මොහොතේ එය ප්‍රධාන ජාතික මැතිවරණයක් බවට පත්කර ගන්නට විපක්ෂයේ දේශපාලනඥයෝ තැත් කරමින් සිටිති. 

පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ සිටි අමෙරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය හමු වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා තිබුණේ ඡන්දය සැලසුම් කර ඇති පරිදි පැවැත්වෙනු ඇති බවය. එහෙත් දැන් මැතිවරණය සම්බන්ධ නඩු කටයුත්තක් ක්‍රියාත්මක වන බවද අමතක නොකළ යුතුය.

මෙම මැතිවරණය පවත්වන ලෙස හා නවත්වන ලෙස ඉල්ලමින් දැන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගණනාවක් ද ඉදිරිපත්ව ඇත. ඒවා ගැන තීරණාත්මක විභාගයක් ලබන 10දා සිදුවන බව ප්‍රකාශිතය. අධිකරණයේ සිදුවන විභාගයෙන් පසුව හෝ තමන්ට යුක්තිය ඉටුවනු ඇත යන්න ඡන්දයේ අවිනිශ්චිත බවින් සසල වී සිටිනා ජනතාව අපේක්ෂා කරති.

ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩක් වන් ඡන්දය නිසි ලෙස පැවැත්විය යුතුය යන්න විවාදාත්මක කරුණක් නොවේ. රටේ පරමාධිපත්‍යය ජනතාව සතුය. එම පරමාධිපත්‍යය බලය අන් කිසිවකටත් වඩා උත්තරීතරය. ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ යන බල කේන්ද්‍රයන්හි උල්පත ජනතාවයි. එබැවින් මහජනතාව සතු පරම පවිත්‍ර ඡන්ද අයිතිය සුරක්ෂිත විය යුතු බව බහුතර පිළිගැනීමයි.

(***)



අදහස් (0)

ඡන්දයේ අවිනිශ්චිතතාව තුරන්කර ජනතා අයිතිය තහවුරු කරමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site