IMG-LOGO

කුඩුකාරයකුට ජනතා නියෝජිතයකු වියහැකිද?

අප රට බතබුලතින්, යසඉසුරින්, මනුසත් බවින්, ආදරයෙන් පරිපූර්ණ නොවූව ද මත්ද්‍රව්‍යවලින්, මිනීමැරුම්වලින්, සාහසික අපරාධවලින් හා නොයෙක් ආකාරයේ අවර ගණයේ ක්‍රියාකාරකම්වලින් පරිපූර්ණය. දිනපතා එකක් පසුපස එකක් වාර්තා වන සිදුවීම්වලින් ද එය මනාව ඔප්පු වේ. 

මැතිවරණයකට ඉදිරිපත් වන කවර වර්ණයකට අයිති අපේක්‍ෂකයකු වුව ද ඔහුගේ පරම අභිලාසය විය යුත්තේ ගරු කටයුතු මහජන නියෝජිතයකු වීමය. එනම්, මහජනයාගේ ප්‍රශ්න අභියෝගවලදී පසුපසට නොයා ඉදිරිපත්ව ඒවා විසඳීමය. මහජනයාගේ සුවසෙත සැලසීමය. කරුණු කාරණා එපරිදි වුව ද මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපූරු අපේක්‍ෂකයකු සම්බන්ධ ප්‍රවෘත්තියක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. 

මෙම අපේක්‍ෂකයා තිස්පස් හැවිරිදිය. බියගම ප්‍රාදේශීය සභාවට නාම යෝජනා ඉදිරිපත් කර තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙනි. එහෙත්, ඔහු ඉකුත්දා පොලිස් අත්අඩංගුවට පත්විය. ඒ, පසුගස්කන්ද පොලිස් ස්ථානයේ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයාට ලැබුණු ඔත්තුවක් අනුවය. ඔත්තුවෙන් කියැවුණේ, මෙම ගරුකටයුතු මහජන අපේක්‍ෂකයා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවය. අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියෙහි සඳහන් වන්නේ අත්අඩංගුවට ගන්නා විට මෙම අපේක්ෂකයා සතුව අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5500 ක් තිබූ බවය. එමෙන්ම මෙම අපේක්‍ෂකයා අයිස් මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහිවූවකු ද යන්න පොලිස් නිලධාරීන් විසින් විශේෂ පරීක්‍ෂණයකට ලක්කරන බව ද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

හොඳ මිනිසුන් පමණක් මහජන නියෝජිත ආයතනවලට තෝරා පත් කර එවන මෙන් සමාජයේ පොදු ඉල්ලීමක් පවතී. මෙම ඉල්ලීමට ජනතාවගේ ක්‍ෂණික ප්‍රතිචාරයක් වන්නේ ‘අපට තෝරා ගැනීමට සිදුවන්නේ පක්‍ෂයෙන් නම් කරන අපේක්‍ෂකයන් බැවින් හොඳ මිනිසුන්ට අපේක්‍ෂකත්වය ලබාදීම පක්‍ෂයේ වගකීමක් බවය.’ පක්‍ෂයේ නායකයා එයට ප්‍රතිචාර දක්වනුයේ ‘අපේක්‍ෂකයන් සම්මුඛ පරීක්‍ෂණයකට ලක්කර ඔහු සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණයකට ලක්කිරීමෙන් පසුව අපේක්‍ෂක ලැයිස්තුවට නම් කරන’ බවය.

මේවා ‘පට්ට කෙබර’ බව පැහැදිලි වන්නේ පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා බාර ගැනීමෙන් පසු ඇතැම් අපේක්‍ෂකයන් සම්බන්ධයෙන් පළවන වාර්තා අනුවය. මෙහි විශේෂත්වය වන්නේ, ඉතිහාසයේ අන් කවරදාටත් වඩා වැඩියෙන් සෑම වර්ණයකටම අයත් අපේක්‍ෂකයන් සම්බන්ධයෙන් විවිධ මාදිලියේ චෝදනා එල්ල වීමය.

මන්ද මානසික තරුණියකට අතවර කිරීමේ චෝදනාවක් එක් අපේක්‍ෂකයකුට එල්ල වී ඇති අතර, මිනිස් ජාවාරම්හි නිරත පුද්ගලයකුට නාමයෝජනා දී ඇති බවට චෝදනාවකි. තවත් චෝදනා බොහෝය. බියගම ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉදිරිපත් වී ඇති අපේක්‍ෂකයකුට එල්ල වී ඇති චෝදනාව වන්නේ, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5,500ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙනි.

මෙරට ජාතික ප්‍රශ්න කුමක්දැයි විමසුවහොත්, පැකිලීමකින් තොරව දිය හැකි පිළිතුර වන්නේ මත්ද්‍රව්‍ය යන්නය. එපමණටම මෙම මත්ද්‍රව්‍ය නැමැති රකුසා ජාතික දේහය ගිලගෙන අවසන්ය. රටේ හෙට දවස සම්බන්ධයෙන් සුබ සිහින දල්වාගත නොහැකි තරමට මත්ද්‍රව්‍යයේ අණසකට රට යටත් වී තිබේ. මෙහි ඇති ඛේදවාචකය වන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට, ජනතාවගේ ඡන්ද අයිතිය රැක දීමට දේශපාලන පක්‍ෂවලට ඇති උනන්දුව මත් රකුසාගෙන් රට බේරා ගැනීමට නොමැති වීමය.



අදහස් (1)

කුඩුකාරයකුට ජනතා නියෝජිතයකු වියහැකිද?

fairoos Sunday, 12 March 2023 02:23 PM

ලංකාවේ පුළුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 12606 4
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 318 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 217 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site