IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ඔහු නික්ම ගොස් වසරයි

තම කාරිය නිමවා වේලාසන ඔහු පිටත්ව ගියේය. ඒ පසුගිය වසරේ පෙබරවාරි විසිහතර වැනිදාය. තම කාරිය නිමවා, මතකය රඳවා යන්නම යන්න ගිය මාධ්‍ය සගයන් අතරට ඔහු ද එක් විය.

ඒ බන්දුල පද්ම කුමාරය...!

බන්දුල මල් පත්තරකාරයකු ලෙසින් හැඳින්වූවෝ ඔහු මාධ්‍ය තුළ කළ නිහඬ පෙරළි දැක නිහඬ වූහ. මේ මල් පත්තරකාරයා ලේක් හවුසියේ මුල් පුටුවට ගියේය. වැඩ දන්නා අයගෙන් වැඩ ගැනීමේ හිතාදර උපාය මාර්ග ඔහු ළඟ තිබිණි. සිනාවකින් සියල්ල බාරගත් බන්දුල විද්‍යුත් මාධ්‍යයක, මාධ්‍ය ප්‍රකාශකයකු වූයේ දවසේ පත්තර පළ කළ විස්තර රටට කියන්නටය. මුල් පිටුවට ඇස ගියේ හිත ගියේ දේශපාලකයන්, වෘත්තිකයන්, කලාකරුවන්ගේ පමණක් නොව සාමාන්‍ය ජනයාද බන්දුල ‘මුල් පුටුවෙන්’ කළ මෙහෙවර සමග එක්විය.

පාසල් වියේදීම සිනමාව ගැන ඇල්මක් උනන්දුවක් ඇතිව සිටි බන්දුල සිනමාව, වේදිකාව නළු නිළියන්, ගායක ගායිකාවන් වෙනුවෙන්ම පුවත්පතක් සැකසුවේය. සිනමාවට ගීතයට ආදරය කළ බන්දුල පද්ම කුමාර ඒ ක්ෂේත්‍රවල ආරක්ෂකයකු ලෙසත් පෙනී සිටියේය.

මාධ්‍යකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කිසියම් දෙයක් කිරීමේ ඕනෑකම ඔහුට තිබිණි. මාධ්‍යකරුවන්ගේ එකමුතුවක් ගොඩනගා එහි ක්‍රියාකාරි සාමාජිකයෙක්ද වූයේය. විශේෂයෙන්ම ශ්‍රී ලංකා කර්තෘ සංසදය පිහිටුවීමේලා පුරෝගාමියෙක් වූයේය.

සිනමාවට ගීතයට ආදරය කළ බන්දුල පද්මකුමාර එම ක්ෂේත්‍රවල ආරක්ෂකයකු ලෙසින් පෙනී සිටියා පමණක් නොව එම ක්ෂේත්‍රවල නියැළුණු කලාකරුවන්ගේ ගැටලු ගැනද අවධානය යොමු කළේය. ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලින් ඈත් වූ බන්දුල දේශපාලන පුවත්පතකට ද අත ගැසුවේය.

වැඩකිරීමෙන් වෙහෙසට පත් නොවන හේතුව බන්දුල තුළ තිබූ ඕනෑකමයි. ඒ ඕනෑකම ඔහුගේ පවුලේ කටයුතු අතපසු කිරීමට අවසර දුන්නේ නැත. බිරිඳ සමන්මලී ඔහුගේ පිළිවෙත් හොඳින් දැන සිටියාය. ඔවුනගේ මුතු දියණියත් හිරු පුතණුවනුත් ඔහුගේ මව මෙන්ම තම පියා හොඳින් හඳුනාගෙන සිටියහ.

පාන්දර තුනේ සිට අලුත් දවසේ වැඩ ආරම්භ කරන බන්දුල ශාරීරික වෙහෙසක් සමග ඇයි හොඳයියක් පැවැත්වූයේ නැත. වැඩ කිරීමම ඔහුගේ ජීවිතය විය. ජීවිතයේ සතුට විය. සියල්ල අතහැර නිදහස් මිනිසකු ලෙස පිටත්ව යාමට ඔහුට ශක්තිය දුන්නේ වැඩෙහි යෙදීමෙන් ඔහු ලැබූ සතුටයි.... තෘප්තියයි.

ඔහුගේ ඇසුරෙන්, ඔහුගේ සේවයෙන් ආස්වාදයක් ලැබූ හදවත්වල ඔහු පිළිබඳ මතකය ඔහු නික්ම ගොස් වසරක් පිරෙන දා යළි අලුත් වනු ඇත ! අපිත් ඔබ සිටින තැනට කවදා හෝ එන්නෙමු. නැත්නම් අපි ඔබ  එන තෙක් බලා සිටින්නෙමු.

කරුණා පෙරේරා



අදහස් (2)

ඔහු නික්ම ගොස් වසරයි

Senaka Saturday, 25 February 2023 04:38 PM

ශ්‍රේෂ්ඨ මාධ්‍ය වේදියෙක්... ඒ කාලේ අපි ස්වර්ණවාහිනියේ මුල්පි‍ටුව පටන් ගන්න වෙලාවේ ඉඳන් ඉවර වෙනකන්ම බලනවා. එතුමා තමන්ගේ වැඩසටහන ස්වාධීනව සමබරව පවත්වාගෙන ගියා. ඒකෙන් සමහර පක්ෂවලට රිදුණා. ඔවුන් සංවිධානාත්මකව එතුමාට මඩගහලා බිම වට්ටන්න නොයෙක් උත්සාහ ගත්තා. ඒත් එතුමාව වට්ටන්න බැරි වුණා. දැන් හැමෝම එතුමගේ වැඩසටහන කොපි කරලා. ඒ කියන්නේ එතුමා මාධ්‍ය කලාවේ දාර්ශනිකයෙක්... ඒ වගේ හිත හොඳ මාධ්‍යවේදීන් මේ ලෝකෙ හරි අඩුයි. එතුමාට සොඳුරු නිවන් සුව අත්වේවා...!

:       5       117

HARAMANIS Sunday, 05 March 2023 02:58 PM

ඔහුට නිවන් සුව පතමු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 219 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site