
මුළු රටටම යළිත් සංචරණ සීමා පැනවී තිබේ. ලද නිදහස වගකීම් විරහිත ලෙස හා අයුතු ලෙස ප්‍රයෝජනයට ගත් අශිෂ්ට සුළුතරය නිසා මුළු රට අගුලු ලෑමට සිදුවිය. කෙසේ වෙත් මෙම දුර්භාග්‍ය සම්පන්න බියකරු අත්දැකීමෙන් මිදුණු සුවෙන් හා සැපෙන් පිරි රටක් ලොවක් ඉක්මනින්ම බිහි වේවා යන්න සමස්ත ලෝකවාසීන්ගේ ඒකාන්ත ප්‍රාර්ථනය වේ.

කොරෝනා වයිරසයෙන් දිවි ගලවා ගැනීමට ඇති එකම මාවත එන්නතයි. ඒ සම්බන්ධයෙන් විවාදයක් නැත. එහෙයින්ම ඒ සම්බන්ධයෙන් ජනතාව තුළ විශාල උද් යෝගයක් තිබේ. එය යහපත් ප්‍රවණතාවකි. ප්‍රශ්නය වන්නේ අවශ්‍ය ප්‍රමාණයට එන්නත් නොලැබීමය. එහෙයින්ම යම් යම් ස්ථානවල නොසන්සුන්තා ද ඇති විය. ඉවසීමෙන් හා සංයමයෙන් මෙම අවස්ථාවට මුහුණ දිය යුතුය.
රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් V’ කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 6 ක් ඉදිරි දෙසතිය තුළ මෙරටට ලැබීමට නියමිත බවත් සයිනොෆාම් සහ ෆයිසර් එන්නත් ඇණවුම් කර ඇති බවත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොරෝනා රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළ බව අප පුවත්පත ඊයේ වාර්තා කළේය. රටේ ජනතාවගෙන් සියයට 63 කට එන්නත් දීම රජයේ අරමුණ බවත් දැනට ලබාදෙන ඕනෑම එන්නතකින් රෝගය වැළඳි මරණයට පත්වීමේ අවදානම අඩුකරන බවත් රාජ්‍ය ඇමතිනිය ප්‍රකාශ කළ බව ද මෙම ප්‍රවෘත්තියෙහි වැඩි දුරටත් සඳහන්ය.
වාර්තාවන ආකාරයට ‘‘ස්පුට්නික් V’’ එන්නත් මාත්‍රා ලක්ෂ 130 ක් රජය ඇණවුම් කර තිබේ. ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 50 ක්ද ඇණවුම් කර තිබේ. ඒ අනුව එන්නත්කරණය යම් සුබවාදී තත්ත්වයක් පෙන්නුම් කරයි. මේවා ඇණවුම් කිරීමට ප්‍රමාද වුණා ද? ප්‍රමාද කළාද? ආදි වශයෙන් ප්‍රශ්න කිරීම මෙහිදී තේරුමක් නැත. කොරෝනා සැහැසි ග්‍රහණයෙන් මිදුණු රටක දී එබඳු බරසාර සාකච්ඡා පැවැත්විය හැකිය.
ඕනෑම කාරණාවක දී මෙන්ම එන්නත්කරණයේදී ද ප්‍රායෝගික ගැටලු පැන නගී. ‘‘ස්පුට්නික් V’’ සුළු ප්‍රමාණයක් වශයෙන් ගෙන්වීමට සිදුවී තිබෙන්නේ ද එබඳු ප්‍රායෝගික ගැටලුවක් හෙයිනි. එම එන්නත ගබඩා කළ යුත්තේ සෙල්සියස් අංශක සෘණ 20 ක වැනි උෂ්ණත්වයකය. එමෙන්ම එම උෂ්ණත්වයෙන් පිටතට ගෙන දෙපැයක් ගතවීමට මත්තෙන් එම එන්නත ජනතාවට දිය යුතුය. ඒ සඳහා විධිමත් යාන්ත්‍රණයක් ද තිබිය යුතුය. ඉතිහාසයේ මෙතෙක් හමු නොවුණු එහෙයින්ම පෙර අත්දැකීම් නොමැති වයිරසයක් ඉදිරිපිට කටයුතු කිරීමේ දී මෙබඳු ප්‍රායෝගික ගැටලු එක් අතකින් බලාපොරොත්තු විය යුතුය.
ඇස්ට්‍රාසෙනෙකා එන්නත් පළමු මාත්‍රාව ලබාගත් අයට දෙවැනි මාත්‍රාව ලබා දීමට එන්නත් මාත්‍රා ලක්ෂ 6 ක් අවශ්‍ය වේ. එම එන්නත් ලක්ෂ 15 ක් ඇණවුම් කර තිබුණත් ඉන්දියාවේ සීරම් ආයතනයේ ඇති වු ගින්න හා ඉන්දියාව විශාලා මහනුවරක් බවට පරිවර්තනය වීම හේතුවෙන් එම එන්නත ලබා ගැනීමේ බරපතළ ගැටලුවක් මතුවී තිබෙන බවද රාජ්‍ය ඇමතිනිය ප්‍රකාශ කර තිබිණි.
ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් අයට දෙවැනි මාත්‍රාව වෙන එන්නතකින් ගත හැකි ද? යන්න ගැන නිර්දේශය ලැබීමට තවත් සති දෙක තුනක් ගතවන බව ද රාජ්‍ය ඇමතිනිය ප්‍රකාශ කර තිබිණි. කෙසේ වෙතත් වඩාත් හිතකර ලෙස මෙම ගැටලුව විසඳා ගැනීමේ හැකියාව තිබෙන බවට රාජ්‍ය ඇමතිනිය විශ්වාසය පළකර තිබිණි.
එන්නත්කරණය නියත වශයෙන්ම විධිමත් විය යුතුය. එයට ඉතා දියුණු විද්‍යාත්මක යාන්ත්‍රණයක් සකස් කළ යුතුය. විශේෂයෙන්ම එන්නත්කරණයේ දී ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කළ යුතුය. කවර බලපෑමකට හෝ ඒ ලැයිස්තුව වෙනස් නොකළ යුතුය. බොහෝ අවස්ථාවල ද මෙන්ම මෙම අවස්ථාවේ දී ද කඩප්පුලි දේශපාලනඥයන් එන්නත පළමුව තමන්ටත් තමන්ගේ සනුහරේ අයටත් ලබා ගැනීමට ඉදිරිපත් වනු ඇත. තත්ත්වය අමතක කර ජනතාව විරෝධතා පැවැත්වීමට යොමු වන්නේ එවිටය. සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ තම ජීවිතය පරදුවට තබමින් සිදු කරන උපමා නැති මෙහෙවර අපතේ නොයැවීමට සියලු දෙනා කටයුතු කළ යුතුය.
(***)
2025 නොවැම්බර් මස 04
534
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1689
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එන්නත් දීම වගේම පිළිවෙත් පිළිපැදීමත් ඕනෑ
kasun de alwis Friday, 14 May 2021 01:14 PM
වසර එකහමාරක් ගතවී ඇතත් එන්නත් ගබඩා කරගැනීම ගැන හෝ එන්නත්කරණය ගැන හෝ සැලසුමක් නැති වීම ගැන තීරණ ගන්නවුන්ට අපේ හද පිරි මෙව්වා එක.