IMG-LOGO

ආර්ථික අර්බුදයට හා ජනතා අපේක්ෂාවලට මැදිවූ අයවැයක්

අතීතයේ නම් අයවැය ලේඛනය යනු වසරේ අතිශයින්ම පෙරළිකාර ලියවිල්ලයි. මුළුමහත් ජාතියේම දැඩි අවධානය දිනාගන්නා අයවැය ලේඛනය මගින් සිදුවන අනපේක්ෂිත දේ ගැන සමාජය අතිශයින්ම සංවේදී විය. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු වැඩි වීම, රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීම වැනි කාරණා අයවැයෙන් ඉටුවනු ඇති බව සමාජය දැන සිටියහ. එසේම ඈත අතීතයේ ඇතැම් අවස්ථාවල මූල්‍ය හා පරිපාලන අංශවලට බලපාන වෙනත් වැදගත් යෝජනාද අයවැයට ගැටගසා තිබුණි. 

එහෙත් අද තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්ය. එදා රටේ තිබූ යහපත් ආර්ථික ස්වභාවය දැන් දකින්නට නැත. ආර්ථිකය ඍණ මට්ටමට වැටී රටේ විදේශ ණය ගෙවාගත නොහැකිව බංකොලොත් බව ප්‍රකාශ කර තිබියදී ඉදිරිපත් කෙරෙන 2023 අයවැය ලේඛනය ගැන ජනතාව තුළ කිසිදු සාධනීය අපේක්ෂාවක් ඇති බවක් නොපෙනේ. ඒ නිසාම සමාජයේ අයවැය ගැන අතීතයේ තිබූ උනන්දුව උද්‍යෝගය එහෙම පිටින්ම ගිලිහී ගොසිනි. ඉදිරි අයවැය සම්බන්ධයෙන් රජය විසින් මෙතෙක් රටට කර ඇති බරපතළ ප්‍රකාශ සහ ඇඟවීම් අනුව ජනතාව කනස්සලු‍සහගතව සිටිනුයේ තව තවත් බදු පැනවීමෙන් කබලෙන් ළිපටම ඇද වැටේද යන සැකයෙනි.

කොවිඩ් වසංගතය හේතුවෙන් මෙන්ම වංචා දූෂණ හා මගඩිකම් නිසා ජාතික ආර්ථිකය මේ තත්ත්වයට පත් වූ බවට චෝදනා නැගෙයි. 2020 ආරම්භ වූ කොවිඩ් වසංගතය හේතුවෙන් රට වසා දැමීම නිසා ආර්ථිකයට වැදුණේ මරු පහරකි. සිල්ලර කඩයේ සිට මහා කම්හල් දක්වා සියලු‍ අංශ අඩපණ වීමෙන් ආර්ථිකයේ ඵලදායිතාව ගරා වැටුණි. ඒ සමඟ රටේ ණය බර අධික ලෙස ඉහළ ගියේය. අද වනවිට ශ්‍රී ලංකාවේ දේශීය හා විදේශීය ණය බර රුපියල් ට්‍රිලියන 25ක් පමණ වේ. මෙම ණය නිසි පරිදි ගෙවා ගැනීමට නොහැකි වීම නිසා බංකොලොත්භාවය ප්‍රකාශ කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් (IMF) සහාය ඉල්ලා සිටීමට ආණ්ඩුවට සිදුවිය.

2022දී මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහනට සම්බන්ධ වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික කළමනාකරණය ගැන මූල්‍ය අරමුදලේ නිර්දේශ ඇතුළත් වට්ටෝරුව රජය වෙත එවා තිබේ. ඉදිරි අයවැය සැකසීමේදී ආණ්ඩුවට ගුරුකොට ගන්නට සිදුව තිබෙන්නේ එකී මූල්‍ය අරමුදලේ නිර්දේශ මාලාව නිසා 2023 අයවැය මූල්‍ය අරමුදලේ තාක්ෂණය විසින් නිර්මාණය කරනු ලබන්නක් බව පිළිගත යුතුය.

රට හරිමඟට ගන්නට රාජ්‍ය ආදායම් ඉහළ දැමීමටත් වියදම් පාලනයටත් මූල්‍ය අරමුදල විසින් රජයට නිර්දේශ ඉදිරිපත් කර ඇති බව නොරහසකි. විවිධ බදු සහ ගාස්තු ඉහළ දැමීම පෞද්ගලීකකරණය ජනතා සහන කප්පාදුව ආදිය මෙම නිදේශවල අන්තර්ගතවන බව දැනගන්නට ඇත. මෙකී යෝජනා මගින් රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙසින් සියයට8.2 සිට සියයට 14.5 දක්වා වර්ධනය කරගත යුතු බවටද ප්‍රකාශිතය. විශේෂයෙන් ආදායම් බද්ද වැනි ඍජු බදුවලින් දැනට ලැබෙන සියයට 20ක බදු ආදායම තවත් වැඩිවිය යුතු බව මූල්‍ය අරමුදලේ තවත් නිර්දේශයකි. 

එහෙත් මේ සියලු‍ බදු හා ගාස්තු අය කරගන්නට තරම් ජාතික ආර්ථිකය ශක්තිමත්ද යන්න විවාදාපන්න ප්‍රශ්නයකි. රටේ භාණ්ඩ මිල ඉහළ යන වේගය හෙවත් උද්ධමනය සියයට 70කට ආසන්නය. ආහාර අංශයේ උද්ධමනය සියයට85ක් පමණ වෙයි. 

මෙම දුර්වල ආර්ථික පසුබිම යටතේ වුවත් 2023 වසරේදී රාජ්‍ය ආදායම අද තිබෙන රුපියල් බිලියන 2056 සිට රුපියල් බිලියන 3500 දක්වා වැඩි කරගත යුතු බවට නිර්දේශ ලැබී ඇත. දැනට මැතිසබයට ඉදිරිපත් කර තිබෙන 2023 විසර්ජන පනතේ ඇස්තමේන්තු අනුව 2023 රාජ්‍ය වියදම රුපියල් බිලියන 3757ක් ලෙස දැක්වෙයි. එය මූල්‍ය අර්මුදල කියන බිලියන 3500ද ඉක්ම වූ ගණනකි.

අයවැය තුලනය කිරීම සඳහා ආදායම් උත්පාදනය කරගත යුත්තේ මෙම සමාජය තුළින්මය. මිලියන 22කට අධික ජනගහනයෙන් දරුවන් හා වැඩිහිටියන් ඉවත් කළ විට ආදායම් උත්පාදනය කරන ශ්‍රම බළකාය ලක්ෂ 100කට අඩුය. එයිනුත් පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ආර්ථිකය සංකෝචනය වීම නිසා තවත් විශාල පිරිසක් රැකියා වියුක්තිකයන් ගොඩට තල්ලු‍ වෙමින් සිටිති. තවත් මාස 6ක කාලය තුළ අලු‍තෙන් රැකියා විරහිත ගොඩට ලක්ෂ දෙකක පමණ පිරිසක් එක්විය හැකි බවට විද්වත් පුරෝකථන දැනටමත් පළ වී තිබේ.

එවන් පසුබිමක අයවැයක් ගෙන ඒම ඉතාමත් දුෂ්කර ව්‍යායාමයකි. රටේ බහුතර පොදු ජනතාව සතුටු කිරීමට සුදුසු යෝජනා අයවැයට ඇතුළත් කිරීම දේශපාලන අංශවල අභිලාෂයයි. 2023 මැතිවරණ වසරක් විය හැකි බැවින් ඒ ගැනද රජය අවධානය යොමු කරනු ඇතැයි සිතේ.

කෙසේ වෙතත් පසුගිය වසර දෙකේ මෙන්ම 2023 අයවැයද ඍණ ආර්ථිකයක් ගොඩගැනීමේ ප්‍රයත්නයක් වන බවට උපකල්පනය කළ හැකිය. උද්ධමනය විනිමය අනුපාතය හා පොලී අනුපාත සාධාරණ මට්ටමට පාලනය කෙරෙන යෝජනා ඇතුළත් ප්‍රතිපත්තිමය ප්‍රකාශ පමණක් විය හැකි ඉදිරි අයවැය පවතින සංකීර්ණ ආර්ථික අර්බුදයට විසඳුම් සොයන විධිමත් පියවරක් වේවායි සුබපතමු. 

(***)



අදහස් (0)

ආර්ථික අර්බුදයට හා ජනතා අපේක්ෂාවලට මැදිවූ අයවැයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14393 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 415 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 251 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site