IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ආර්ථිකය කාබාසිනියා කරන ශ්‍රී ලංකන් ගුවන් සේවය

ශ්‍රී ලංකන් ගුවන් සේවය රටේ ආර්ථිකය කාබාසිනියා කරන සුදු අලියකු බවට චෝදනා නැගෙනුයේ හේතු විරහිතව නොව සහේතුකවය. ශ්‍රී ලංකන් ගුවන් සේවය එක් කලෙක පක්ෂ කාර්යාලයකින් වෙනස් නොවීය. පාලකයන්ගේ නෑදෑ හිතවතුන්ගේ මනදොළ සපුරන නින්දගමක් බවට එය පත්ව තිබිණි. සියවස් ගණනාවකින් හෝ මෙම ආයතනය ගොඩ නැගිය නොහැකි බවට සමාජ මතයක් නිර්මාණය වී තිබෙන්නේ ද එම පරිසරය තුළ ය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් ඇස් අරවන ප්‍රකාශයක් ඉකුත් දා කළේය. ඒ පාර්ලිමේන්තුවේදීය. ‘‘ශ්‍රී ලංකන් ගුවන් සේවයේ බත් පැකට්ටුවේ සිට තිබෙන්නේ ගැහිල්ල’’ යැයි හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

‘‘ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ලබාදෙන කජු මිනිසුන්ට තබා බල්ලන්ටවත් කන්න බෑ’’ මීට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ විධායක ජනාධිපති ධුරය හෙබවූ අවධියේදී ය. එය එකල මහත් ආන්දෝලනයට තුඩු දුන්නේය.

එම මතකය යළිත් අලුත් කරමින් හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ‘‘ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කජු මිනිසුන්ට තබා බල්ලන්ටවත් කෑ නොහැකි බව තමා කලකට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කිරීමෙන් පසු ඒ ගැන සොයා බැලීමේදී කජු ගෙනැවිත් තිබුණේ ඩුබායි රාජ්‍යයෙන් බව අනාවරණය වූ බවය. එහෙත් ඩුබායි රාජ්‍ය යනු කජු සෑදෙන රටක් නොවේ’’ යනුවෙනි.

මෙම අනාවරණය කිරීම සුළුකොට තැකිය යුතු නැත. කජු නොසෑදෙන රටකින් කජු ආනයනය කිරීමේදී යන වියදම කොපමණද යන්න වටහා ගැනීම අසීරු නැත. විශේෂයෙන්ම කජු බහුලව වැවෙන රටක් වන ශ්‍රී ලංකාව ඩුබායි රාජ්‍යයෙන් කජු ආනයනය කිරීම සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති කොමිසමක් පත්කර විමර්ශනය කළ යුතු තරමේ දෙයකි. එහෙත් මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක ජනාධිපති ධුරය ඉසිලු එම අවධියේ දී ඒ සම්බන්ධයෙන් ගත් පියවරක් අනාවරණය වූයේ ද නැත.

යම් තැනෙකින් ජල කාන්දුවක් සිදුවන්නේනම් එය එම මොහොතේදීම පිළිසකර කළ යුතුය. නැතහොත් ජල කාන්දුව ප්‍රසාරණය වී මහා විනාශයක් සිදුවේ. ඕනෑම ආයතනයක වංචා දූෂණ සම්බන්ධයෙන් මෙම ධර්මතාව පොදුය. කුඩාවට පටන් ගන්නා වංචාව දූෂණ අවසානයේදී එම ආයතනයම බිමට සමතලා කර දැමීමට හේතුවේ. හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළ කරුණුවලින් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අත්වී තිබෙන්නේද එම ඉරණමම බව පැහැදිලිය.

ගුවන් යානා මිලදී ගැනීම ඇතුළු සියලු කොන්ත්‍රාත්වලින් මුදල් ගසා කන බව ප්‍රකාශ කර ඇති හිටපු ජනාධිපතිවරයා සෑම ඇමැතිවරයකුම මෙම ගුවන් සේවාවට අසීමිතව සේවකයන් රිංගවූ බවද සඳහන් කර ඇත. එමෙන්ම රජය කිසිම වෘත්තීය සමිතියකට ගුවන් සේවාව ගැන කිසිම සාකච්ඡාවක් දී නැතැයි ද වෘත්තිය සමිතිවලට කාලය දීම වැදගත් බවද ප්‍රකාශ කර තිබේ.

රාජ්‍ය ආයතන සංස්ථා මණ්ඩල පවතින රජයේ දේශපාලන පක්ෂයේ ශාඛා සමිති බවට පත්වීම කාලාන්තරයක් මුළුල්ලේ මේ රටේ සිදුවන්නකි. ඇතැම් අමාත්‍යංශ මේ සම්බන්ධයෙන් කදිම උදාහරණ සපයයි. ඇමැතිවරයා පත්වන්නේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් නම් එම ආයතනයේ බහුතර සේවක පිරිස බවට පත්වන්නේ එම දිස්ත්‍රික්කයෙන් අලුතින් පත්වීම් ලැබූවන්ය. එම අමාත්‍යංශය කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ඇමැතිවරයකුට බාර දුනහොත් එතැන් සිට එහි බහුතර සේවක පිරිස බවට පත්වන්නේ එම දිස්ත්‍රික්කයෙන් අලුතෙන් එක්වූ සේවක පිරිසය.

දේශපාලනඥයා දේශපාලනය කළ යුතුය. මැතිවරණවලට ඉදිරිපත් විය යුතුය. ඒ සඳහා තමන්ගේම වූ බළඇණියක් නිර්මාණය කරගත යුතුය. එහෙත් ඒ වෙනුවෙන් රාජ්‍ය බිල්ලට දිය යුතු නැත. ආර්ථිකයට හෝ තමාට හිතවත් පිරිස්වලට නොව සුදුසුකම් සහිත ඕනෑම අයකුට  නියමිත ක්‍රමවේදයකට යටත්ව රැකියාවකට ඒමේ අයිතිය තිබේ.

එහෙත් එසේ නොවී දේශපාලනඥයාගේ ‘ලිස්ට්’ එකට අනුව එම ආයතන පුරවන්නේනම් එහි නියත ප්‍රතිඵලයක් වන්නේ එම ආයතන බිඳ වැටීමය. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අදාළව හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය වලංගු වන්නේ මෙම පරිසරය තුළය. ඔහු පවසන්නේ සෑම ඇමැතිවරයකුම මෙම ගුවන් සේවයට සේවකයන් අසීමිතව දැමූ බවය.

අරගලය නමින් ප්‍රකාශයට පත් වූයේ මෙම දේශපාලන තක්කඩිකම්වලට එරෙහිව ජනතාවගේ හදවතේ ගැඹුරුම තැනින් ප්‍රකාශයට පත්වූ විරෝධය විනා අන් යමක් නොවේ. එය එයට හිමි අරුතෙන්ම තේරුම් ගැනීමට තවත් අරගල ගොඩනැගෙන තුරු තක්කඩි දේශපාලනඥයන් බලා සිටින්නේනම් එය මුළු මහත් ජාතියේ ම අවාසනාවකි.

(***)



අදහස් (12)

ආර්ථිකය කාබාසිනියා කරන ශ්‍රී ලංකන් ගුවන් සේවය

Pitarata Monday, 12 June 2023 12:41 PM

අපි රට ගිහිල්ලා අරන් එන ඩොලර් ගිලින ගුවන් සේවය හරිහමන් මැනේජ්මන්ට් එකකට දෙන්න.

:       3       25

ajithMonday, 12 June 2023 04:01 PM

හොඳ සිහියෙන් ඉන්න මැනේජ්මන්ට් එකක් ඕක ගන්නේ නැහැ....

:       2       19

de silva Monday, 12 June 2023 05:55 PM

වහලා දමන්න... මේකෙ පාඩු පියවන්න වියදම් කරන මුදල්වලින් කොටසක් ගොඩ ඇදලා තිබෙන ලංගම බස්රථ ටික පිළිසකර කරන්න... අනෙක් කොටස දුම්රිය දෙපාර්තමේන්තුවට දෙන්න. මෙහෙම මුදල් නාස්ති කරන්න එපා... මිනිස්සු ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන්...

:       3       18

srilankan api Tuesday, 13 June 2023 02:26 PM

දුම්රියෙන්, බස්එකෙන්... ඩුබායි, යුරෝපයට ලෝකයේ රටවල්වලට යන්න බැහැ. අපි ඉන්නේ දූපතක නැව් මගින් යන්න පුළුවන්... නමුත් කාලය වැඩිය... ලෝකයාටම රටේ නම ගෙනියපු ලෝකයේම ඉතාම පැරැණි ගුවන් සමාගම් අතරේ අපත් ඉන්නවා. වහලා දමන්න බැහැ. ඒ තුළින් සොරකම් කළ අය අල්ලලා මරණ දඬුවම දිය යුතුයි.

:       8       5

aviation apiTuesday, 13 June 2023 02:28 PM

වහපල්ලා හොර නඩය ඉන්න පාර්ලිමේන්තුව ශ්‍රී ලන්කන් වහන්න බැහැ...

:       2       2

ddd Monday, 12 June 2023 06:16 PM

එය එමිරේට්ස් යටතේ පවතින විට ඉතා ලාභදායි සංවිධානයක් විය. එමිරේට්ස් සමඟ හවුල්කාරිත්වය නවත්වන්නේ ඔහු නිසා සම්පූර්ණ වරද රාජපක්ෂටයි.... මේ සියල්ලටම හේතුව දුර්වල දේශපාලන නායකත්වයයි. මෙය නිවැරදිව ඡන්දය දී නිවැරදි නායකත්වය තෝරා ගැනීමට කාලයයි.

:       2       31

chandima Monday, 12 June 2023 11:55 PM

එතකොට රටේ සල්ලි ගිලින ඇමැති මන්ත්‍රී ගොල්ලෝ ගැන කතා කරන්නේ නැතිද?

:       0       4

Rata Perata Thursday, 15 June 2023 11:55 AM

ඇයි ඕක එමිරේට්ස් එකෙන් ලාබ දායකව කරගන්න යනකොට එයාගේ සනුහරේට යන්න ගුවන් යානාවක් දුන්නේ නැහැ කියලා... එක දවසින් පවරාගත්තු එක නේද ශ්‍රී ලන්කන් අවසානය...? ඊටපස්සේ ශිරන්තිගේ මල්ලි දාලා ඉතුරු ටිකත් කෑවා...

:       0       1

srilankan nowana api Friday, 16 June 2023 10:19 AM

ශ්‍රී ලන්කන් අපි, ඩුබායි, යුරෝපයට ලෝකයේ රටවල්වලට යන්නේ සිරි ලන්කන් විතරද? අනික් ගුවන් යනා යන්නේ නැද්ද? ද සිල්වා කියලා තියෙන්නේ ගුවන් තොටු පොලවල් වහන්න කියලා නෙවේනේ? සිංගප්පූරුව, ඇතිහැඩ්, එමිරේට්ස්, ක්වන්ටස් වගේ ගිහිල්ලා බලන්න තත්වේ කොහොමද කියලා. ද සිල්වා කියනවා වගේ ඕක වහලා දාලා සල්ලි වෙන දෙයකට යොදවන එක හොඳයි...

:       0       4

චතුරි Friday, 16 June 2023 10:26 AM

මේකෙ කොමෙන්ට් කියෙව්වාම පහැදිලිව තේරෙනවා සමහරක්ට ගුවන් තොටුපොළේ හා ගුවන් යනා සේවයක වෙනස නොතේරෙන බව. හිතන් ඉන්නේ දෙකම ඒකයි කියලා...

:       1       1

de silva Friday, 16 June 2023 06:15 PM

මිනිස්සු දැනටමත් ඩුබායි, යුරෝපයට යන්න 90%භාවිතා කරන්නේ විදේශ ගුවන් සේවා ශ්‍රී ලන්කන් එකේ ලබාදෙන පහසුකම් අවම වන අතර ටිකට් සඳහා අයකරන මිලේ අඩුවක් නොමැත...

:       0       4

de silva Saturday, 17 June 2023 02:20 PM

මේ සුදු අලි නඩත්තු කිරීම පසෙක දමා එම මුදල් රටේ පොදු ප්‍රවාහන සේවාවලට යොදවා රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න කටයුතු කරන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 187 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2070 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site