IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


අලුත බැඳපු අය දරු සම්පත එපා කියයි

ආර්ථික අර්බුදය ප්‍රධාන ගැටලු‍වක් වෙලා

ළමයින්ගේ අනාගතය විනාශ කරන්න බැරි නිසා ළමයි හදන්නේ නෑ.

2022-2023 නව දරු උපත් ලියාපදිංචිය 83,500කින් පමණ අඩු වෙලා

වෙනත් වර්ෂවලට සාපේක්ෂව විවාහ ලියාපදිංචියත් අඩුවෙලා

දරුවෝ හදන්නේ නැති බහුතරය සිංහල බෞද්ධ

විවාහ නොව ‘ලිවින් ටුගෙදර්’ ඉන්න ප්‍රමාණයත් ඉහළට

 

මේ වෙන විට රට වැටි ඇති ආර්ථික අර්බුදය බලපාන්නේ ආහාර සඳහා පමණක් නොවෙයි.මේ අර්බුදය රටේ ජනගහන වර්ධනයට ද බලපා තිබේ. ඊට කදිම සාක්ෂිය වෙන්නේ 2021-2022-2023 වසරවල විවාහ ජීවිතයට අලු‍තින් එක් වූ අයගෙන් බහුතරයක් දරුවන් හැදීම ප්‍රතික්ෂේප කිරීමය.මේ හේතුවෙන් පසුගිය වසරවලට සාපේක්ෂව අලු‍තින් සිදුවෙන දරු උපත් ලක්ෂයක් පමණ අඩු වී තිබේ.2019-2020 වසරවලදී ද දරුවන් හැදීම අත් හැර දැමු අලු‍තින් විවාහවූ අය ඒ සඳහා හේතු ලෙස පෙන්නුවේ කොවිඩ් වසංගතයයි.කොවිඩ් වසංගතය පාලනයට ලබා දුන් එන්නත් නිසා දරුවන් හැදීම පමා කිරීමට ඔවුනට සිදු වූයේ වෛද්‍ය උපදෙස් මතය.

එහෙත් මේ වෙන විට කොවිඩ් වසංගතය පහව ගියද දරුවන් හදා ගැනීමට අලු‍ත විවාහ වූ අය මැළිකමක් දක්වති.ඊට හේතු ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ රටේ පවතින ආර්ථික අර්බුදයයි.අලු‍ත විවාහ වූ තමන්ට ජීවත් වීමට නොහැකි තත්ත්වයක් තුළ දරුවන් තැනීමෙන් තවත් අනවශ්‍ය බරක් පැටවෙන බව ඔවුහු පෙන්වා දෙති. ‘‘අපි දරුවන්ට ආදරෙයි.ඒත් අපේ කියා දරුවෙක් හදන්න අපි කැමති නෑ.ඒක අපේ පුද්ගලික හේතුවක් මත ගත් තීන්දුවක්.අපි විවාහ වුණේ ණය වෙලා.ඒ ණය ගෙවන්න අවුරුදු 6ක් වත් යයි.දැන් ඉන්නේ කුලී ගේක.ණය ගෙවන්නයි කුලි ගෙවන්නයි.කන්න බොන්නයි.ජල විදුලි බිල් ගෙවන්නයි අපි හම්බ කරන පඩිය මදි.මේ වෙන විට රැකියා ආයතනයේත් ප්‍රශ්න. සමහර විට රැකියාවත් අහිමි වෙන්න ඉඩ තියෙනවා.මේ පවතින ආර්ථික අර්බුදය හමුවේ උපදින දරුවාගේ අනාගතය අඳුරු කරන්න අපි කැමති නැති නිසා.දරුවෙක් නොහද ඉන්න තීන්දු කළා.දරුවෙක් ඉපදුන තැන සිට දරන්න වෙන වියදම් දරන්න අපර අමාරුයි.දරුවා ඉපදුන පසු කිරි පිටි, බේත් හේත් වලට වියදම් දරන්න අපට බැහැ.මේ යන විදිහට ළමයින්ට නිසි අධ්‍යාපනයක් දෙනවා කියන එකත් ගැටලු‍වක්.මේ නිසා අපි දරුවන් හදන්න කැමති නෑ”‍.මේ අලු‍ත විවාහ වූ බොහෝ දෙනෙකු දරණ මතයකි.

තවත් අය පවසන්නේ දරුවන්ට අපි ගොඩක් ආදරෙයි.ඒ ආදරය නිසාම දරුවන් හදන්නේ නැති බවය.ඊට හේතු ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ ලංකාවේ නිසි අධ්‍යාපනයක් ලබා ගැනීමට තම දරුවන්ට නොහැකි බවය.”‍අද එක් දරුවෙක් ඉන්න පවුලකටවත් එයාලට ලැබෙන මාසික ආදායමින් ජීවත් වෙන්න බැහැ.අලු‍තින් වැට් බදු වැඩි වීම මත හැමදේම මිල ඉහළ ගිහින්.ඒවගේම ලංකාවේ ඉගෙන ගත්තා කියා කරන්න රැකියාවක් ළමයින්ට නෑ.විදේශ ගත වෙන්නයි සිද්ධ වෙන්නේ.අපි ඉගෙන ගෙන මේ විඳින දුක ළමයින්ට දෙන්න බෑ.ඒනිසා දරුවන් හදන්නේ නැතිව ඉන්නයි තීරණය කළේ”‍.මේ අලු‍තින් විවාහ වූ තවත්අය කියන කතාවකි.

එසේම අලු‍ත විවාහ වූ සහ විවාහ වීමට ඉන්න බොහෝ දෙනෙක් විවාහය ලියාපදිංචි කරගත් විගස විදේශ ගත වීමට මාන බලති.ඒ රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ඔවුනට සටන් කිරීමට බැරි හෙයිනි. එනිසා ඔවුන් කරන්නේ සාමාන්‍ය පරිදි විවාහ ගිවිසුමක් සිදු කොට මංගල උත්සවයට වියදම් කිරීමට ඇති මුදලින් විදේශ ගත වීමටය.මෙහිදී දෙදෙනාගෙන් එක් අයෙකු මුලින් විදේශ ගත වී ටික කලකින් තමන්ගේ සහකරුවා ගෙන්වා ගනියි.එවන් පසුබිමක් තුළ දරුවන් තැනීමට ඔවුන් පෙළඹෙන්නේ නැත.ඒ විදේශ ගත වූ පසු කිරීමට ලැබෙන රැකියාව මත තම ඉදිරි අනාගතයම රැඳි පවතින හෙයිනි.එනිසා එවන් අයද විවාහ වුවත් දරුවන් හදන්නේ නැත.

තවත් පිරිසක් කියන්නේ අපේ මවුපියොත් අපි නිසා දුක් වින්දා. අපිත් මේ රටේ ආර්ථිකය නිසා දුක් විඳිනවා.එනිසා අපි දරුවෝ හැදුවත් පවතින ආර්ථික තත්ත්වය හමුවේ දුක් විඳින නිසා දරුවන් හැදිම කරන්නේ නැති බවය.

අලු‍ත විවාහ වූ අයගෙන් බහුතරයක් මෙලෙස දරුවන් හදන්නේ නැති බවට මේ වෙන විට ඇතැම් දේශපාලකයින් සහ නිලධාරින් පිළිගැනීමට කැමති නැත.එනිසාම ජනලේබන හා සංබ්‍යාලේබන දෙපාර්තමේන්තුවේ ඇතැම් වාර්තා එළියට දැමීමට ඇතැම් නිලධාරිහු අකමැත්ත පළ කරති.ඒ වෙන කිසිවක් නිසා නොව, රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ උද්ගතව ඇති තවත් ප්‍රශ්නයක් ඉස්මතු වීම වැළක්වීමට බව එහි ප්‍රකාශකයෙකුද අපට සනාථ කළේය.මේ වෙන විට විවාහ ලියාපදිංචියද අඩු වී ඇති අතර ඉන් පෙනෙන්නේ පවතින ආර්ථික අර්බුදය හමුවේ විවාහය ද නතර වීම යැයි එම ප්‍රකාශකයා කීය.එසේම මේ වසර ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට සුදානම් නිසාත් මෙවැනි ප්‍රශ්න ඉස්මතු වුණොත් එය බලයේ ඉන්න අයගේ ජන්ද පදනමට විශාල බලපෑමක් ඇති කරාවිය යන බිය නිසා එම දත්ත සඟවා ඇති බවට ද අප වෙත වාර්තා වුණි.

 

දත්ත කියන කතා

 

ජනලේබන හා සංබ්‍යා ලේබන දෙපාර්තමේන්තුවේ නව දත්ත එළියට දැමීමට පමා වුවද 2012 ජූලි මාසයේ සිට 2023 ජූනි දක්වා උපත් ලියාපදිංචි වාර්තා බැලූ විට නව දරු උපත් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් අඩු වී ඇති බව පෙනී යයි. 2012- ජූලි සිට 2013 -ජූනි දක්වා 2013 වර්ෂය වෙනුවෙන් නව දරු උපත් 352,450ක් ලියාපදිංචි වී තිබුණි.2013 ජූලි සිට 2014 ජූනි දක්වා 2014 වර්ෂය සඳහා නව දරු උපත් 361,800 ක් ලියාපදිංචි වී තිබුණි.2014 ජූලි සිට 2015 ජූනි දක්වා 2015 වර්ෂය වෙනුවෙන් නව දරු උපත් 342,108ක් ලියාපදිංචි වී තිබුණි.2015 ජූලි සිට 2016 ජූනි දක්වා 2016 වර්ෂය වෙනුවෙන් නව දරු උපත් 331,525ක් ලියාපදිංචි වී තිබුණි.2016 ජූලි සිට 2017 ජූනි දක්වා 2017 වසර වෙනුවෙන් නව දරු උපත් 322,089 ක් ලියාපදිංචි වී තිබුණි.2017 ජූලි සිට 2018 ජූනි දක්වා 2018 වසර වෙනුවෙන් නව දරු උපත් 325,741ක් ලියාපදිංචි වී තිබුණි.2018 ජූලි සිට 2019 ජූනි දක්වා 2019 වසර වෙනුවෙන් නව දරු උපත් 329,177ක් වාර්තා වී තිබුණි.2019 ජූලි සිට 2020 ජූනි දක්වා 2020 වසර වෙනුවෙන් 299,875ක් නව දරු උපත් ලියාපදිංචි වී තිබුණි.2020 ජූලි සිට 2021 ජූනි දක්වා 2021 වසර වෙනුවෙන් 295,418 ක් නව දරු උපත් ලියාපදිංචි වී තිබුණි.2021 ජුලි සිට 2022 ජූනි දක්වා 2022 වසර වෙනුවෙන් 289,863ක් නව දරු උපත් ලියාපදිංචි වී තිබුණි.2022 ජූලි සිට 2013 ජූනි දක්වා 2023 වසර වෙනුවෙන් නව දරු උපත් 268,920ක් ලියාපදිංචි වී තිබුණි.

2013 සිට ගත්විට මෙරට නව දරු උපත් ලියාපදිංචියේ සීඝ්‍රලෙස අඩු වීමක් දක්නට ලැබෙන්නේ 2023 වසරේදීය.2013 වසරට සාපේක්ෂව 2023 වසරේ නව දරු උපත් 83,530ක් අඩු වී ඇත.2013ට සාපේක්ෂව 2022 වසරේ නව දරු උපත් ලියාපදිංචිය 62,587 කින් අඩු වී ඇත.2013 ට සාපේක්ෂව 2021 වසරේ දරු උපත් ලියාපදිංචිය 57032කින් අඩු වී ඇත.

මෙලෙස අලු‍ත විවාහ වී දරුවන් හදන්නේ නැති බහුතරයක් සිංහල බෞද්ධ වීමද විශේෂත්වයකි.මේ ගැන අපට අදහස් ප්‍රකාශ කළ අලු‍ත විවාහ දිවියට එළැඹි මුස්ලිම් තරුණයෙකු පැවසුවේ මුස්ලිම් ප්‍රජාවද පවතින ආර්ථික අර්බුදය හමුවේ දරුවන් හදන්නේ අඩුවෙන් කියාය.වෙනදාට මුස්ලිම් පවුලක ළමයි 3-5ක් විතර හිටියා.නමුත් දැන් පවතින ආර්ථික අර්බුදය හමුවේ අපේ අයත් ළමයි 2-3 කට සීමා කරලා යැයි කීය.

 

යොවුන් වියේ මවුවරු

 

නවතම ලෝක බැංකු දත්ත මගින් ද පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ එක් පවුලක් දරුවන් හැදීම දෙදෙනෙකුට සීමා කර ඇති බවය.නමුත් එසේ තිබියදී සෞබ්‍ය ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා පොලිසියේ දත්ත අනුව ළමා ආරක්ෂණ අධිකාරිය පෙන්වා දෙන්නේ නව යොවුන් වියේ පසුවෙන මව්වරු 2022 වසරේදි පමණක් 2087ක් සිටින බවය.ඒ විවාහ නොවි ප්‍රේම සබඳතා හෝ වෙනත් අයෙකු නිසා අතවරයට පත් අය බවද එම අධිකාරිය පෙන්වා දී තිබුණි.එය සමස්ත යොවුන් වියේ පසුවෙන දරුවන්ගෙන් සියයට 4ක් ප්‍රමාණයකි. 2022 වසරේදි මෙලෙස අතවරයට පත් වූවා යැයි පැමිණිලි ලැබුණ අයගෙන් 1391ක් සිය කැමැත්තෙන් එයට යොමුවී ඇති බවද පොලිසිය මඟින් ඉදිරිපත් කළ වාර්තාවේද සඳහන් වෙයි.

කෙසේ වෙතත්, මෙලෙස ගැබ් ගෙන ඇති නව යොවුන් තරුණියින් අවුරුදු 15-19 වයසේ පසුවෙයි.එසේම ළමා ආරක්ෂණ අධිකාරියට සහ පොලිසියට වාර්තා වෙන්නේ සිදුවෙන අතවරවලින් තුනෙන් එකක් පමණි.නමුත් නිල වශයෙන් ප්‍රකාශ නොකළත් වාර්තාවෙන අතවර මෙන් හත් ගුණයක් පමණ සිදුවෙන බව පිළිගන්නා මතය බව ළමා ආරක්ෂණ අධිකාරියේ ප්‍රකාශිකාවකද අපට සනාථ කළාය.

ලංකාවේ දිනකට ඉපදෙන දරුවන්ගෙන් ආබාධ සහිත දරුවන් 16 දෙනෙක් ඉපදෙති.ඒ බව 2020 වසරේදි කළ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කළ සමීක්ෂණයකදි හෙළි වී තිබේ.එසේම වසරකට උපත් ආබාධ සහිත දරුවන් 5800ක් ඉපදෙන බවද එම වාර්තාවේ සඳහන් වෙයි.ඒ අනුව ගත් විට දිනකට උපත් ආබාධ සහිත දරුවන් 16 ක් උපදින බව එම වාර්තාවේ සඳහන් වෙයි.එසේම වසරකට දරු කළල මාස 7කට පසු කුස තුළ මිය යන ගණන 1900ක් පමණ බවද සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දත්ත මගින් පෙන්වා දෙයි.දිනකට නීති විරෝධි ගබ්සා කිරිම් 650ක් සිදුවෙන බව 2016 දී සිදු කළ නවතම වාර්තාවකින් සෞඛ්‍ය අංශ සොයා ගෙන ඇත.එසේම වසරක ගබ්සා වීම් 240,000 ඉක්මවන බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙන වාර්තාවල සඳහන් වෙයි.

 

විවාහ නොවී එකට ජීවත් වීම

 

මීට හේතු ලෙස සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ විවාහ නොවි ‘ලිවින්ටුගෙදර්’ සංකල්පයෙන් එකට විසීමට තරුණ පිරිස් යොමු වීම බවද පෙන්වා දෙයි. කොවිඩ් සහ ආර්ථික අර්බුද හමුවේ දරුවන් හදන එක අමාරුයි කියන ගමන් මේ වෙන විට විවාහ නොවි ලිවින්ටු ගෙදර් සංකල්පයේ බොහෝ දෙනෙක් ජීවත් වෙති.මේ අය ගැබ් ගැනීම වළකාලීමට ගන්නා විවිධ ඖෂධ සහ එන්නත් මඟින් උපත් ආබාධ දරුවන් ඉපදීම වැඩි වී ඇත.ගබ්සා කිරිම වැඩි වී ඇත.එනිසා මේ සඳහා වගකිව යුතු පාර්ශ්ව අවධානය යොමු කළ යුතු බවද අප කළ විමසීමකදී සෞඛ්‍ය අංශයේ ප්‍රකාශකයෙකු කියා සිටියේය.

මේ සම්බන්ධව අදහස් ප්‍රකාශ කළ සෞඛ්‍ය ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි මහත්මිය ප්‍රකාශ කළේ නව යොවුන් වියේ පසුවෙන යෞවනියන් අතවරයට පාත්‍ර වීමේ ලොකු වැඩි වීමක් නෑ.අපි ළගට තොරතුරු එන්නේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් ළඟ ලියාපදිංචි වූ ගර්භනි මව්වරුන්ගෙන් නව යෞවන වයසේ අය කොපමණද කියායි.එහි ලොකු වැඩිවීමක් නම් නැහැ.ලංකාවේම තොරතුරු අපට එනවා.සමහර ප්‍රදේශවල ඒ ප්‍රතිශතය වැඩියි.ඒ හැරෙන්න වැඩි වීමක් නෑ.අලු‍තින් විවාහ වූ අය ළමයි හදන්නේ නැහැ කියන එක අපි කියන්න ඕනැ සමීක්ෂණයක් කරලා.ඒකට අපි ගාව දත්ත නැහැ.නමුත් පසුගිය වසරවලට සාපේක්ෂව නව දරු උපත් ලියාපදිංචිය අඩුයි.විවාහ විම් අඩුයි.නව දරු උපත් අඩුවීමට කොවිඞ් වසංගතය බලපෑවා.එසේම දැන් පවතින ආර්ථික් අර්බුදය හමුවේ අලු‍ත විවාහ වෙන අය දරුවන් හදන එක අඩු වී ඇති බව ජනලේබන හා සංබ්‍යාලේබන දෙපාර්තමේන්තුවේ දත්ත බැලු‍වම කියන්න පුලු‍වන් යැයි චිත්‍රමාලි මහත්මිය ප්‍රකාශ කළාය.

එසේ නම් මෙය ආර්ථික අර්බුදය හමුවේ අපට මුහුණ දීමට සිදුව ඇති තවත් බේදවාචකයකි.මෙරට අනාගතයට හොඳ දරු පරපුරක් බිහිවීමද එමඟින් සිහිනයක් වෙනු ඇත.එනිසා මේ සියලු‍ කාරණා ගැන බලධාරින්ගේ අවධානය යොමු කර ඉක්මන් විසඳුමක් ලබා දෙනු ඇතැයි යන්න අපේ බලාපොරොත්තුවයි.

ප්‍රගීත් සම්පත් කරුණාතිලක

 



අදහස් (4)

අලුත බැඳපු අය දරු සම්පත එපා කියයි

chandima Monday, 08 January 2024 06:57 PM

ඒ කියන්නේ ඉස්සරහට සෑහෙන පිරිසක් ජනාධිපතිකමට සුදුසුකම් ලබනවා...?

:       4       6

pakeer Monday, 08 January 2024 09:48 PM

මේක හොඳ ප්‍රවණතාවයක් කියලා මට හිතෙන්නේ... මීට අවුරුදු ගාණකට කළින් වුණා නම් මමත් මේ තීරණ ගන්නවා. ඒක හොඳයි. මේ කාලකණ්ණි සිංහල.., ජනතාව ඕනෑම නෑ...

:       8       9

මැක්ස් Tuesday, 09 January 2024 03:33 PM

අවුරුදු 6-7ක් යනතුරු ගෙවීමට තරම් ණයවී මගුල් කා ඊට හිලව්වට ළමයි නොහදා සිටීම මුදල් කළමනාකරණයේ තමන් තුළ ඇති අදක්ෂතාව පෙන්වා දීමකි. එසේම ළමයකු පිළිබඳ වගකීම ගැනීමට ඇති බිය පෙන්වා දෙන හේතුවකි. "දරුවන්ට මෙහි අනාගතයක් නෑ" යන අඳෝනාවත් පුහු මනස්ගාතයකි. මෙහි නැති, වෙනත් රටවල ඇති මහලොකු අධ්‍යාපනය කුමක්දැයි රට රටවල සංචාරය කර ඒ පිළිබඳ සැලකිය යුතු අත්දැකීමක් ඇති මා හට සැබවින්ම ඇති ගැටළුවකි. තම දරුවන්ගේ ළමා කාලය සොරාගෙන, ඔවුන්ව මී පොරට දක්කවන දෙමාපියන් නම් මා වෙනත් රටවල දැක නොමැත...

:       8       14

fairoos Wednesday, 10 January 2024 08:01 PM

ළමයි හදන එකනම් අඩුවෙලා... හැබැයි දූෂණය වැඩිවෙලා තියෙනවනේ නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

දියමන්තියෙන් බැබළෙන බොස්ට්වානාවෙන් ඉගෙනගනිමු
2024 ජනවාරි මස 29 3852 1

ආර්ථික වශයෙන් දිළිඳු රාජ්‍යයන් ඒවා සතු විභවයන් පාවිච්චි කර දියුණුව කරා ගමන් ගන්නා ආකාරය පැහැදිලි කරන්නේ අප්‍රිකානු කලාපයේ බැබළෙන ආර්ථිකයකට හිමිකම්


ලෝකයම කතා කරන මෞරි මන්ත්‍රිනිය
2024 ජනවාරි මස 15 3727 2

වසර 170 කට පසු නවසීලන්ත පාර්ලිමේන්තුවට ගිය ළාබාලතම මන්ත්‍රී මැයයි. පාර්ලිමේන්තුව නියෝජනය කරද්දී, ඇගේ වයස අවුරුදු 20 යි මාස 7 කි.


2024 ඔබට කොහොමද?
2024 ජනවාරි මස 08 11179 1

හැදාමත් නිවැරදි පලාඵල කියන ඉරිදා ලංකාදීපය ගෙනා නව වසරේ පලාඵලය


අලුත බැඳපු අය දරු සම්පත එපා කියයි
2024 ජනවාරි මස 08 1875 4

පවතින ආර්ථික අර්බුදය හමුවේ අලුත විවාපත්වන බොහෝ දෙනෙකු දරුවන් ගැන නොසිතන බව අනාවරණය වෙයි.


සිරිපා කරුණාවට ප්ලාස්ටික් හා පොලිතීන් එපා
2023 දෙසැම්බර් මස 25 628 2

සිරිපා කරුණා සමය උඳුවප් පොහොය දිනයෙන් ඇරඹෙයි. සෑම වසරකම ප්ලාස්ටික් සහ පොලිතීන් සිරිපා ගමන්මග දිග ගොඩගසන ඔබ, මෙවර ඒ වරද නොකරනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි


දේශගුණික විපර්යාස සමුළුව ඇයි?
2023 නොවැම්බර් මස 29 779 2

නොවැම්බර් මස 30 වැනිදා (හෙට) ඩුබායිහිදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව නම් කර ඇත්තේ ‘‘කොප් 28’’ (COP 28) ලෙසය. දේශගුණික ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 353 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1740 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1575 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site