
(නිමන්ති රණසිංහ)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිට බන්ධනාගාර ගතකළ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හෙට (13) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ගතකිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය අද (12) නියෝග කළාය.
මෙම සැකකරු එලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත ගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තුරුය .
මෙම සිද්ධියට අදාළව ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ගල්වැව සිරිධම්ම හිමි නීතිපති උපදෙස් ප්‍රකාරව ඇප මත මුදා මුදාහැරීමට අධිකරණය නියෝග කළේ ඉකුත් 23 වෙනිදාය.
ගාලුමුවදොර අරගල සිද්ධියට අදාළව මෙම සැකකරුවන් දෙදෙනාව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් අගෝස්තු මාසයේදීය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ත්‍රස්තවාදීන්ව අත්අඩංගුවට ගන්න...
අත පය හතර හොඳින් තියාගෙන, කොහෙන්හරි බඩකට පුරවාගෙන ජීවත්වෙන කෙනෙක්...
ඇත්ත ත්‍රස්තවාදීන් නිදහසේ එළියේ ඉන්න එක තමයි දුක...
මේ NGO ත්‍රස්තවාදීන් සමඟම තම වයසක ගුරුවරයාට ගහන්න ආපු 300 ක් පමණ වූ අමණ පිරිසද එක කාමරයකට දැම්මා නම් අමණ ගහනය බලාගන්න පුළුවන්... ළමයෙක් විශ්වවිද්‍යාලයට ගිහින් තම ජීවිතය හදාගෙන රටට සේවයක් කරන ඒ ලස්සන මාවත තනිකරම වනසා දමන මෙවැනි අය රටටම පිළිලයක්...
මේක මහා අපරාධයක්...!
නන්දසේනට මුකුත් නැහැ... රනිල් රාජපක්ෂට නම් හොඳක් වෙන්නේ නැහැ... මේ කරන අපරාධයට...
රට විනාශ කරන පිළිල, දේශපාලන හොරුන්ටත් වඩා මොවුන් භයානකයි. ඉගෙන ගන්නෙත් නැහැ.. අනිත් අයට ඉගෙන ගන්න දෙන්නෙත් නැහැ.
මෝඩ අරගලකාරයෝ උඹලා උසි ගන්නපු උන් කොහෙද දැන්. මේවා බලලා අනිත් උන් හැදියව්. අන්තිමට දෙමව්පියෝ තමයි උඹලා ගැන බලන්න ඉන්නේ. ඒ මිනිස්සු දුක් විඳලා උඹලාට ඉගැන්නුවේ. ඔහොම ඉන්න නෙමෙයි. උඹලා මෝඩයෝ වගේ ඔහේ රැල්ලට ගියා මහා ලොකුවීරයෝ වගේ. උඹලගේ අරමුණ උනේ මොකද්ද කියලා උඹලවත් දැනගෙන හිටියේ නෑ නේද . පැහැදිලිව රටට වැඩක් කරන්න හිටපු මනුස්සයා පන්නලා දැම්ම. උඹලාට බුරියානි කන්න දීලා උන්ගේ වැඩේ කරගත්තා. කෝ කෝ දැන් උන්. උන්ගේ වැඩේ කරගත්තා උඹලාඉස්සරහට දාල.... උඹලා අහුඋනා.... පව් උඹලා.....
කව්ද එළියේ ඉන්න කෙනා.