IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


වෑන් රථය කතුන් තිදෙනකුට මරු කැඳවයි

(හේමලතා ඞී හේවගේ)

කුරුණෑගල සිට නාරම්මල දෙසට ධාවනයවූ වෑන්ථයක් ඊයේ 20 සවස නාරම්මල බැඳිගමුව මන්සන්දියේ බස්රථයකට ගොඩවීම සඳහා මාර්ගය අසල රැඳීසිටි කාන්තාවන් තිදෙනකු යට කරගෙන යෑමෙන් කාන්තාවන් දෙදෙනකු එම ස්ථානයේදීම මියගොස් බරපතල තුවාල ලැබූ අනෙක් කාන්තාව රෝහල් ගතකිරීමෙන් පසු මියගොස් ඇති බව නාරම්මල පොලීසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ නාරම්මල බැඳිගමුව ප‍්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි ජයකොඩි ආරච්චිලාගේ චනද්‍රාවතීල ලද්දුසිංහ බදු සාමාවතීල, බාලසූරිය ආරච්චිලාගේ කාන්ති චන්ද්‍රලතා යන කන්තාවන් බවත් මොවුන් තිදෙනා සමෘද්ධ බැංකුවක් වෙත යෑම සඳහා බස්රථයකට ගොඩවීමට මාර්ගය අසල රැඳීසිටියදී මෙම අනතුරට මුහුණපා ඇතිබවද සඳහන්වේ.

කුරුණෑගල දෙස සිට ගමන්කර ඇති වෑන්රථය මාර්ගයේ සිටි කාන්තාවන්ගේ ගැටී ඒ ආසන්නයේ තිබූ කුඹුරකට ඇදීගොස් නතරවී ඇති බවත් මිය ගිය කාන්තාවන් දෙදෙනා සහ බරපතල ලෙස තුවාල ලබා සිටි කාන්තාව නාරම්මල රෝහලට ඇතුලත් කර පසුව තුවාල ලැබූ කාන්තාව කුරුණෑගල මූලික රෝහල වෙත මාරුකර යැවීමෙන් පසු එහි ප‍්‍රථිකාර ලබමින් සිටිදී මියගොස් ඇති බවද පැවසේ.

.



අදහස් (4)

වෑන් රථය කතුන් තිදෙනකුට මරු කැඳවයි

කුමා Wednesday, 21 December 2022 10:48 AM

රියදුරැ බලපත්‍රය සදාකාලිකව තහනමි කල යුතුයි

:       0       19

කිරිපුකා Wednesday, 21 December 2022 12:10 PM

නීතිියක් හරියට ක්‍රියාත්මක නොවන රටක විනයක් තියෙයිද ? උගතුන් යැයි සම්මත අය පවා පාරෙ වාහන එලවන්නෙ කිසිම ඉවසීමක් විනයක් නැතිව. ඉතින් රියදුරු රැකියාව කරන අයට විනයක් තියෙයිද. පොල්සිය කළ යුත්තේ හැංගිලා ඉඳලා මිසයිල ගහනව වගේ පාරට පැනලා වේගෙ වැඩියි කියලා දඩ ගහන එක නෙවෙයි. හැම කෙනෙකුගෙම විනය හදන එක

:       0       9

Ruhunu Wednesday, 21 December 2022 01:11 PM

රියදුරා දැන් තමයි හරි තැනට ගිහිල්ල තියෙන්නෙ. ණගුලක් බෙල්ලෙ බැන්දනම් උවමනා කාලෙට කුඹුර හා ගන්න තිබුන.

:       0       7

Rohana Wednesday, 21 December 2022 03:05 PM

තමන්ට ගමනයන්න හදිසියක් ඇතත් නැතත් ඉදිරියෙන් යන වාහනය හිමින් ගියොත් පිටුපස වාහනයේ නලාව ශබ්දකිරීම පුරුද්දටගිය විනයක් හික්මීමක් නැති රියදුරන් අනන්තවත් සිටිනවා. අනවශ්‍ය විදියට නලා හැඩවීමත් වරදක්.පාර අයිනේ ඉන්න මගීජනතාව යටකරගෙන යාමට තරම් නොහික්මුන රියදුරන් සිටීම රියදුරු විනය කොතරම් පිරිහී ඇතිදැයි පෙන්වයි. මාර්ග නීති කොතරම් තිබුනත් ඒවා නිසි අයුරින් ක්‍රියාත්මක නොවන නිසා සැමදාම රිය අනතුරු සිදුවෙනවා.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

වීඩියෝ දර්ශන




ගල්කිස්සේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 මැයි මස 05 2309 6

ගල්කිස්සේ වෙරළ පාර, ගාලු පාර අසල මීට සුළු මොහොතකට ඉහතදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.


‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 959 12

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක



මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1166 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 293 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1331 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site