(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 80 කින් ඉහල දැමූ බව ලිට්‍රෝ ගෑස් සමාගම අද (6) පෙරවරුවේ පැවසීය. මෙම මිල ඉහළ දැමීමත් සමග කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 30 කින්ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 15 කින් ද, ඉහළ දැමූ බවත් නව මිල අද (4) සිට ක්‍රියාත්මක වන බවත් එම සමාගම කීය. මෙම නව මිල සංශෝධනය සමග රුපියල් 4280 ක් පැවති කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 4360 ක් දක්වා ඉහළ ගියේය. රුපියල් 1720 ක්ව පැවැති කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1750 ක් දක්වාද, රුපියල් 800 ක්ව පැවැති කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 815 ක් දක්වා ද, ඉහල දමා තිබේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ලිට්‍රෝ ගෑස් රුපියල් 80 කින් ඉහළ යයි
චමුදිත Sunday, 06 November 2022 01:48 PM
ඇඟට දැනෙන ගණනකින් අඩුකරනවා (රුපියල් 400 ක් පමණ කියලා කිව්වේ) කියපු මුදිතයා මෙන්න බොලේ අසූවකින් වැඩිකරලා.
ABSunday, 06 November 2022 07:06 PM
ගෑස් මිල ඉහළයාම ලංකාවේ පමණක් බලපාන කාරණයක් නොව ලෝකයේ ඕනෑම රටක ගෑස් මිල/ ඉන්ධන මිල තීරණය කරනු ලබන්නේ ලෝක වෙළෙඳ පළේ මිල උච්ඡාවචනය අනුව වේ. මිල ඉහළයාම සහ පහළයාම හේතුව පාරිභෝගිකයින් දැනුවත් කළයුතු වේ..
Dinesh Sunday, 06 November 2022 07:41 PM
කියනකොට එහෙමයි. කරනකොට මෙහෙමයි.
de silva Sunday, 06 November 2022 02:36 PM
මුදිත ගෑස් ගෙනාවා කිව්වේ හඳෙන්... ඒක නිසා මිල ටිකක් වැඩිවුණා. ගණන් ගන්න එපා.
ගම්බාරේSunday, 06 November 2022 04:58 PM
සිරිමාවෝ හඳෙන් හාල් ගේනවා කියලා 1970දී බලය ගත්තා... රට සාගරයේ ගිලුණා. ඇත්තටම හඳෙන් ගෑස් ගෙනාවා නම් ප්‍රවාහන වියදම් යන්න බැහැ එහෙන් ටැංකි පුරව පුරවා වීසිකළාම ලංකාවට වැටේවි නේද? මොකද හඳ තියෙන්නේ පොළොවට උඩින් නිසා..