(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 80 කින් ඉහල දැමූ බව ලිට්‍රෝ ගෑස් සමාගම අද (6) පෙරවරුවේ පැවසීය. මෙම මිල ඉහළ දැමීමත් සමග කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 30 කින්ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 15 කින් ද, ඉහළ දැමූ බවත් නව මිල අද (4) සිට ක්‍රියාත්මක වන බවත් එම සමාගම කීය. මෙම නව මිල සංශෝධනය සමග රුපියල් 4280 ක් පැවති කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 4360 ක් දක්වා ඉහළ ගියේය. රුපියල් 1720 ක්ව පැවැති කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1750 ක් දක්වාද, රුපියල් 800 ක්ව පැවැති කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 815 ක් දක්වා ද, ඉහල දමා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇඟට දැනෙන ගණනකින් අඩුකරනවා (රුපියල් 400 ක් පමණ කියලා කිව්වේ) කියපු මුදිතයා මෙන්න බොලේ අසූවකින් වැඩිකරලා.
මුදිත ගෑස් ගෙනාවා කිව්වේ හඳෙන්... ඒක නිසා මිල ටිකක් වැඩිවුණා. ගණන් ගන්න එපා.