IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රතනහිමි රිමාන්ඩ්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

2020 වසරේ මහමැතිවරණයෙන් අපේ ජනබල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය බලපෑම් කොට ලබා ගැනීම සඳහා එම පක්ෂයේ මහ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  අතුරලියේ  රතන හිමියන් අද  (29) නුගේගොඩ අධිකරණයට ඉදිරිපත්වීමෙන් අනතුරුව ලබන මස 12 වෙනිදින  දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් රුවන්තිකා  මාරසිංහ මහත්මිය නියෝග කළාය.

 එම චෝදනාවට අධිකරණය මග කිරීම හේතුවෙන් පූජ්‍ය රතන හිමියන්ට අධිකරණය මගින් වරෙන්තු නියෝගද නිකුත්කෙරිණි. රිමාන්ඞ්  භාරයට පත් රතන හිමියන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සමග  අධිකරණය වෙත  පැමිණ සිටියහ.

අපේ ජන බල පක්‍ෂයේ මහ ලේකම් පූජ්‍යවේදිනිගම විමල තිස්ස හිමියන් කොළඹ අපරාධ කොට්ඨාස කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබිණි    

එම විමර්ශනවලට අදාළව රතන හිමි අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය උන්වහන්සේ වැඩසිටි රාජගිරිය සඳහම් සෙවණට ගියද උන්වහන්සේ එහි නොසිටි බවත් දුරකථනයද විසන්ධි කර ඇති බවත් එම කොට්ඨාසය මීට පෙර අධිකරණයට දැනුම් දී තිබිණි.



අදහස් (6)

රතනහිමි රිමාන්ඩ්

කුකුල් චමින්ද Friday, 29 August 2025 01:55 PM

මේ මාව බලාගත්තාටත් වඩා හොඳින්, මේ අති උතුම් චීවරධාර උන්නාන්සේව, රිමාන්ඩ් එකේ ඉන්න සහෝදරයෝ ටික බලාගන්න ඕනෑ.

:       2       19

රනේ Friday, 29 August 2025 02:05 PM

සාදු.. සාදු..

:       3       16

දලුවගෙදර Friday, 29 August 2025 02:37 PM

පන්සලේ සිටම, දියවන්නාවට නොගොස් දේශපාලනය කරන්න ඉගෙනගන්න...

:       3       14

බකල ජයා Friday, 29 August 2025 05:58 PM

අතන මෙතැන කොතැන හිටියත් අන්තිමේට ඔතැන තමයි ඉන්න වෙන්නේ.

:       0       8

උකුස්සා Friday, 29 August 2025 06:58 PM

ආයෙත් මහණ වුණොත් හොඳ නැද්ද?

:       0       8

කව්ද බෝයි Saturday, 30 August 2025 10:03 AM

ආයෙත් මහණ වෙන්න? මේ වගේ අය අඳන කඩයකටවත් සුදුසු නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site