(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට හානියක් නොවන ආකාරයට රට වෙනුවෙන් එකතු වීමට හැකිනම් අනිවාර්යෙන්ම එකතු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (12) පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෙන් ජනාධිපතිවරයා බවට පත්වූ බවත් ඒ හේතුවෙන් පක්ෂ දෙක අතර කිසියම් සම්බන්ධතාවයක් ගොඩනැගී ඇති බවත් කාරියවසම් මහතා කීය.
රටේ අනාගතය සහ තරුණ පරපුර වෙනුවෙන් වන ප්‍රතිපත්ති මාලාවක් සමඟ ඉදිරියට යෑමට ඕනෑම පක්ෂයක් සමඟ සන්ධානගතවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව ද කාරියවසම් මහතා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂය රටේ පැරණිම දේශපාලන පක්ෂවලින් එකක් වීම නිසා එවැනි පක්ෂයක් සමඟ එකතුවීමත් එම පක්‍ෂයටත් ශක්තියක් බව කී කාරියවසම් මහතා සදඟන් කළේ රටේ අනාගතය සහ තරුණ පරපුර වෙනුවෙන් වූ ප්‍රතිපත්තිමාලාවක් සමඟ ඉදිරියට යන්න පුළුවන් ඕනෑම පක්ෂයක් සමඟ එක්ව ඉදිරියට යන්න සූදානම් බවත්ය.
පක්‍ෂයක ප්‍රතිපත්ති රටේ සහ ජනතාවගේ අවශ්‍යතා මත වෙනස් නොවුනහොත් ඒ දේශපාලන පක්ෂයකට පැවැත්මක් නොමැති බව කී ලේකම්වරයා ශ්‍රී ලංකාවේ පැරණිතම වාමාංශික දේශපාලන පක්ෂවලට එයට මුහුණ දීමට සිදුවූ බව ද සඳහන් කළේය.
ප්‍රතිපත්ති වෙනස් නොකරන ස්ථාවරයක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොමැති මෙන්ම එක්සත් ජාතික පක්‍ෂය ද එවැනි ස්ථාවරයක නැතැයි සිතන බවත් පක්‍ෂ දෙකටම රටේ යහපත වෙනුවෙන් වගකීමක් ඇති බවත් සාගර කාරියවසම් මහතා වැඩි දුරටත් පැවසීය.
බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (12) පැවැති මාධ්‍ය හමුවේදී නීතිඥා සාගර කාරියවසම් මහතා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක අපි වෙනුවෙන් කියලා කිව්වා නම් ගැලපෙනවා කොල්ලෝ...
රට වෙනුවෙන්..? අපොයි ඔව්...!
අපි වෙනුවෙන් අපි...
රට වෙනුවෙන්, රටේ ඉන්නේ හරක්නේ...!
රට වෙනුවෙන් නෙවෙයි... ඔබලා නිර්වස්තරෙන් ගොට්ට අල්ලන රාජයක්ෂයෝ වෙනුවෙන් කියන්න.
රට වෙනුවෙන් ....?? අනේ අම්මපාාාා..... පුදුම ජාතිආලයක් නෙ දෙවියනේ.
කොහෙ එල්ලිලා ආවත් කමක් නැහැ. මෙදා පාරනම් ඔය සෙට් එකම ගෙදර තමයි
මේ පක්ෂ දෙකම හොඳම අවස්ථාවේ ඉන්නේ..!
අනේ එහම එකතු වුනා කියල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට හානියක් වෙන්න නැහැ. දෙගොල්ලම ප්‍රතිපත්තියෙන් හොරුන් සහ හොරුන්ගේ රැකවලා.
තවත් එකතු වෙන්න දෙයක් නැහැ මහත්තයො, මේ ජනාධිපති පත් වූ දා සිටම දෙගොල්ලොම එකතුයි. අපි වෙනුවෙන් අපි කියාගෙන යන ගමන යමු. උනුත් එකයි මුනුත් එකයි පැරණි සටන් පාඨය විතරක් අර පාර්ලිමේන්තුවෙ තුන් දෙනාට දෙමු. අපිට පුදුම ඇයි මේ දීගෙ ලියාපදිංචි කරන්න මෙච්චර පමා වුණේ ඇයි කියන එක?
වැලේ වැල් නැති පොහොට්ටුවෙ දේසපාලුවන්ට අලියගේ නැට්ටේ එල්ලෙනව හැරෙන්ඩ වෙන මොනව කරන්ඩද ?
"ධනපති පන්තිය අර්බුදයට ලක්වන විට කොන්දේසි විරහිතව ඔවුන් එකතු වේ". ජාතික ජන බලවේගය වටා දිනෙන් දින ජනතාව රොක්වෙන එකට දූෂිත දේශපාලකයින් බියවී ඇත. ඡන්දදායකයනි.., මෙවර දූෂිතයින් එක්ව වෙනස් ඇඳුම් හැඳ ඔබ හමුවට පැමිණෙනු ඇත. නොරැවටී බුද්ධිමත්ව ඡන්දය භාවිතා කරන්න...
මඩට මඩ එකතුවුණා කියලා වෙනසක් හොයාගන්න බෑ.
රට වෙනුවෙන් නොවෙයි, නුඹලාගේ පැවැත්ම වෙනුවෙන් තමයි නුඹලා එකතු වෙන්නේ. අපි දන්නවා ඒක. ඊළඟ මැතිවරණයේදී බලාගනිමු.
පොහොට්ටුවේ දූෂිතයින් ටික කලුතරින් එක්ව නැගිටින්න හැදුවා. බැරිවුණා. දැන් අලියගේ නැට්ටේ එල්ලිලා නැගිටින්න වගේ හදන්නේ....
රට වෙනුවෙන්. මොවුන් මේ බලන්නේ කොහොමහරි බලයේ එල්ලිලා ඉන්න. මොවුන්ට එනපාර ඡන්දෙ නෙවෙයි, අසූචි වලින් ගහලා එලවපල්ලා.
හොඳ නිවුස් එකක්...
වැසිකිළි සුද්ධ පවිත්‍ර කරන තත්ත්වයට පත්වූයේ කොහොමද?.. හරිම කණගාටුවට කරුණක්...
ඔවු ඉතිං ඌරො , ඌරු ජරාව කන්ඩ කොහොමත් එකතු වෙනවනෙ.