(ඩයනා උදයංගනී)
වත්මන් රජය තුළ දැඩි අර්බුදයක් පවතින බව එහි ඇමතිවරුන්ගේ ප‍්‍රකාශවලින්ම පැහැදිලි වන්නේ යැයි එක්සත් ජාතික පක්‍ෂ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.
රාජ්‍ය ඇමතිවරුන් වන විදුර වික‍්‍රමනායක, වාසුදේව නානායක්කාර, විමලවීර දිසානායක යන රාජ්‍ය ඇමතිවරුන් මාධ්‍ය හමු පවත්වමින් තමන්ගේ දුක් ගැනවිලි කියා තිබෙන බව කී මන්ත‍්‍රීවරයා ඇතැමුන් තම ඉල්ලීම් ඉටුනොවුවහොත් ඉල්ලා අස්වන බව පවා කියා තිබෙන බව ද පැවසීය.
19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සියයට සියයක් සර්ව සම්පූර්ණ සාධාරණ එකක් නොවන බව තමන් පිළිගන්නා බව කී මන්ත‍්‍රීවරයා එසේ වුවත් එයින් රටේ ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය තහවුරු වූ බව සඳහන් කළේය.
පසුගිය රජය දින 100 ආණ්ඩුව තුළ ජනතාවට සහන රැසක් ලබාදුන් බව කී මන්ත‍්‍රීවරයා වත්මන් රජය බලයට පත්වී දින 58ක් ගතව ඇතත් ජනතාවට කිසිවක් ලැබී නැතැයි ද කීවේය.
හඬ පට පෙන්වමින් ජනතා ප‍්‍රශ්න අමතක කරවීමට රජය උත්සාහ ගන්නා බව ද හෙතෙම ප‍්‍රකාශ කළේය.
කාවින්ද ජයවර්ධන මහතා මේ බව පැවසුවේ කොළඹ, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී අද (14) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(ඡායාරූප -ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයිට නරකද තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ ගැන බැලුව නම්................?
මේකෙන් පෙන්නේ රජයේ අර්බුද නෙවේ. ඇමතිවරුන්ගේ නොහැකියාව............මේගොල්ලන්ට මේවා නොදී බැරිකමට දුන්නේ මේ ගැන දැනගෙන තමයි. මේගොල්ලන්ට දුන්න ටාගට් කරගන්න බැරි නිසා අහන් වෙනවා. එජාපයේ අයට කියන්න දෙයක් නැති නිසා බොරු හදනවා.
හරි දුකයි වගේ නේද ? මහ මැතිවරණයෙන් පසු රට පාළනය කරන්නේ ඇට්ටර වෙච්ච සට කපට දේශපාලකයින් නොව. උගත් , වියත් ,රටට දැයට ආදරය කරන උසස් මිනිසුන්. පක්ෂ පාට භේදයක් නැතිව කූණු ගඳ ගහන දේශපාලකයින් කුණු කූඩ ගතවනු ඇත.
වත්මන් ආණ්ඩුවේ අර්බුදය කොහොම වුනත්, තමන්ගේ පක්ෂයේ අර්බුදය ගැන කවුරුත් දන්නවා. අනුන්ගේ පක්ෂයේ අර්බුදය ගැන සොයන්න කලින්, තමන්ගේ පක්ෂයේ අර්බුදය විසඳන්න.
ප්‍රකාශන ඕනේ නැහැ ආයතන වලින් පේනවා ආයතන ප්‍රධානීන් එනවා ඇවිත් තියෙන ඒවත් අවුල් කරනවා මෙහෙම ගියොත් හරිම අමාරුවක වැටෙන්නේ මේ ආයතන ප්‍රධානීන් සදහා පුහුනුවක්වත් දීල එවන්න.
අනේ ඔයාලගේ පක්ෂය තුල කිසිම අරබුදයක් නැහැනේ. අනුන්ගේ කුණු හොයන්න කලින් තමන්ගේ කුණු සුද්දකර ගන්න.
මේ ... අනිත් පට්ටියේ හරකුන්ගේ ගොම ගොඩවල් අතපත ගාන්නේ නැතිව තමුන්ගේ පට්ටියේ ඉන්න මී හරකුන්ගේ ගොම ගොඩවල් ඉස්සෙල්ලාම අතපත ගානවා. ලැජ්ජයි.. එක එක්කෙනාගේ තවමත්....