( රොමේෂ් ධනුෂ්ක සිල්වා )
විරැකියාවෙන් සිටින තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා ලබාදීමේ රජයේ වැඩපිළිවෙල සම්පුර්ණයෙන්ම වංචාසහගත ව්‍යාපෘතියක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතා පැවසීය.
යහපාලන රජය සමයේ රැකියා ලබා දුන් විසිපන්දහසකට ආසන්න පිරිසක් මේ වනවිට ඉන් දොට්ට දමා ඇති නිසා එම පිරිස ඔවුනට නැවත රැකියා ලබා දෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණ කළ බැවින් ඔවුන් ද දමා ඇත්තේ ඉහත කී ලක්ෂයකට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළටම බවද ඔහු කීවේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීවේය.
අලුතින් රැකියා ලබා දෙන්නේ හැත්තෑපන්දහසකට විතරයි. ශ්‍රී ලංකාවේ ග්‍රාමසේවා වසම් 14,323 ඇති නිසා එක් ග්‍රාමසේවා වසමකට ලබා දිය හැක්කේ රැකියා 04 ක් පමණයි. ඒ අනුව එක ගමකට එක් කෙනෙකුට විතර රැකියාවක් දීමට පුළුවන්. අනික් කාරණය තමයි මේ විරැකියා ළමයින් ව සම්මුඛ පරික්ෂා කරන්න යන්නේ හමුදා නිළධාරීන් විසින්. ඒක බරපතල තත්වයක්. රජයේ රැකියාවක් ලබාදීමේ සම්මුඛ පරික්ෂා යුද හමුදා ඇතුළු ත්‍රිවිධ හමුදා හෝ පොලීසියේ නිළධාරීන් යෙදවීම කිසිසේත් අනුමත කරන්න බැහැ‘
සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද (02) පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

(ඡායාරූප සහ වීඩියෝ-රොමේෂ් ධනුෂ්ක සිල්වා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක මොකක්ද? රටේ මිනිස්සු දැන් වොඩ්කා බෝතල් වලනේ වතුර බොන්නේ...!
ආණ්ඩුව ඉන්නේ ආර්ථික අර්බුදයකලු... රැකියා ලක්ෂයක් දෙන එකත් ආසියාවේ ආශ්චර්යය වගේ වැඩක් වෙන්ටැ...
අප දැනට බලයේ ඉන්න තක්කඩි රැලට කඩේ යනවා නොවේ. එම තක්කඩින්ගේ බලුවැඩ අනුමත කරනවද නොවේ. ඉතින් කියන්නකෝ බලන්න ඔයාලාගේ කටින් පුළුවන් නම් මම කිසිඳු වංචාවක් මෙතෙක් කරලා නැහැ කියලා... මම සත්ගුණවත් පිංකඳ කියා.
යහපාලන බූරුවන් කියන බයිලා අපි ගණන් ගන්නවද ? රටක් අවුරුදු ගානක් ආපස්සට ගෙනිච්ච සාපේ මේ අයගේ හත්මුතු පරම්පරාවටම වදින්න ඉඩ තියනවා.
ඇයි මොකක්ද මේ ආණ්ඩුවේ අවුල. 69 ලක්ෂයක් ඡන්දෙ දීලා ඉල්ලුවේ ජාතික ආරක්ෂාව විතරයි. ආණ්ඩුව ආපු දේ දැනටමත් කරලා ඉවරයි. දැන් අපිට ජ්‍යාත්‍යන්තර බලපෑම් නෑ. මට හිතාගන්න බැරි ඇයි මේ ආණ්ඩුව රස්සාවල් දෙන්න බඩු මිල අඩු කරන්න මෙච්චර මහන්සි වෙන්නේ කියලා. මේ රටේ කොච්චර කොස් තියෙනවද? හමුදාව යොදවා කොස් පොළොස් පරිභෝජනයට ජනතාව යොමුකළ යුතුයි.
අනේ අපොයි පුත්තලම පැත්තේ ඉන්න ඒ අහිංසක සත්තුන්ටත් අවනම්බුවක් මේ වගේ තුට්ටු දෙකේ සත් ගුණවත් පින් මාමලා ඉන්න එක...තමන්ගේ රෙදි ටික හොදට හෝදලා එනවා. අනුන්ගේ රෙදි හෝදන්න කලින්....එනවා මෙතන අනිත් කෙනාගේ බොරු ගැන කතා කරන්නේ. කතා කරන්නකෝ මෙතෙක් කල් කළ සහ කරමින් පවතින බොරු ගැන...
අපේ අගමැති තුමා ඉන්දියාවෙන් හරි උදව් අරන් මොනවා හරි කරාවි.?
ඕකත් යහපාලනෙන් නිවාස දුන්නා වගේද?
ඉතිං තමුන්ලා එහෙමවත් දුන්නද? අනෙක ඡන්දෙ කිට්ටුවෙලා ඔයාලා බඳවා ගත්තු ටිකක්... ස්ථිරත් නැතිව. ඒව වංචා සහගත නැත්ද?
රටේ රැකියාදීම ජාතික ප්‍රතිපත්තියක් වියයුතු කරුණක් මිස දේශපාලනයට සම්බන්ධ වියයුතු නැහැ. විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලැබුණු ගමන් අදාල සුදුසුකමට අදාල ආයතනවලට පුහුණුව සඳහා යොමුකළ යුතුය. පසුව පුරප්පාඩු අනුව ලැයිස්තුවකට අනුව රැකියා දියයුතුය. මෙයට රජයක් තිබුණද නොතිබුණද අදාල නැහැ. ජාතික කොමිසමේ ලැයිස්තුවට අනුව අනුපිළිවෙලට රැකියා දියයුතුය. ලැයිස්තුව ප්‍රසිද්ධ කළයුතුය.