IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මැතිසබයේදී රන්ජන්ගෙන් අද විශේෂ ප්‍රකාශයක්

( +++ සුජිත් හේවාජුලිගේ)

මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි කරවීමට බන්ධනාගාර නිලධාරින් විසින් විශේෂ ආරක්‍ෂක රැකවල් යටතේ පාර්ලිමේන්තුවට අද (21) පස්වරුවේ රැගෙන එනු ලැබීමට නියමිතය.

රන්ජන් රාමනායක මහතා අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් ද කිරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවැසේ.

තමාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීමට අවස්ථාව දෙන්නැයි රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබූ අතර මේ අනුව ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසන්නැයි පාර්ලිමේන්තු මහ ලේකම්වරයා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දී තිබිණි.

පාර්ලිමේන්තු රැස්වීම් අද සිට ලබන 24 වැනිදා සිකුරාදා දක්වා පැවැත්වෙන අතර රන්ජන් රාමනායක මහතා ඒ සියලුම රැස්වීම්වලට සහභාගිවීමට නියමිතය.

ආන්දෝලනාත්මක හඬපට සිද්ධිය සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා ලබන 29 වැනිදා දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති.



අදහස් (7)

මැතිසබයේදී රන්ජන්ගෙන් අද විශේෂ ප්‍රකාශයක්

Amula Tuesday, 21 January 2020 05:21 AM

අද මොනවගෙන් මොනවා වෙයිද.?

:       0       10

hemantha Tuesday, 21 January 2020 05:45 AM

ඔබ තුමාට නැතිවෙන්න දෙයක් නැහැනේ, දෙන එක දෙන්න ඔය සුදු ඇදගෙන බන කියන අයගේ රෙදි ගැලවෙන්නම.

:       0       62

Bernard Perera Tuesday, 21 January 2020 05:52 AM

රන්ජන් රාමනායක ගේ හොඳ වැඩත් තියෙනවා නරක වැඩත් තියෙනවා.

:       0       22

rana Tuesday, 21 January 2020 06:18 AM

ඇට්ටි හැලෙන්න දෙන්න රන්ජා !

:       2       44

Bandara Tuesday, 21 January 2020 06:59 AM

දැන් අපේ කට්ටිය රන්ජගේ පැත්තට ගිහින් වගේ. අකේ කාලේ වනේ වාසේ.........පිස්සන්ටත් අනුගාමිකයෝ ඉන්නවා......

:       4       49

athuraTuesday, 21 January 2020 08:12 AM

බණ්ඩාට අනුව ඕන පිස්සෙක් අහවල් පවුලේ ගුණ ගයනවානම් ඔහු පිස්සෙක් නොවෙයි.

:       0       1

Raveendra Tuesday, 21 January 2020 07:53 AM

නීතියක් ගෙනෙන්න පුළුවන් නම් සැකයකට හෝ මොනයම් හේතුවකට දියවන්නා ඔයේ ඉන්න " මිහරකෙක් " ගේ රජයේ බෝඩිමට ගියොත් නීතියෙන් නිදහස්, නිවැරදි වෙනතෙක් එම මිහරකාට දියවන්නා පට්ටියට ඒමට නොහැකි වෙන ආකාරයට. රටේ මුල් පුරවැසියාට මෙම අදහස් කියවීමට හැකි වේවා !

:       14       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 82 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 30 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site