IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


බැසිල් දිවයනට

(ටී.කේ.ජී.කපිල)

හිටපු අමාත්‍ය,පොදු ජන එක්සත් පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය

හිටපු අමාත්‍යවරයා මීට මාසයකට පමණ පෙර ඇමෙරිකා එක්සත් ජනපදය වෙත ගොස් තිබුණි.

ඔහු පිළිගැනීම සදහා රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණී ලොකුගේ , පවිත්‍රා වන්නිආරච්චි, ශාන්ත බණ්ඩාර, එස්.එම්.චන්ද්‍රසේන, ප්‍රසන්න රණවීර, පියල් නිශාන්ත යන මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ .

මෙහිදී ගුවන් තොටුපළෙන් පිටතට පැමිණි සනත් නිශාන්ත අමාත්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේ මේ පැමිණීම පිළිබඳව අදහස් දැක්වීය . බැසිල් රාජපක්ෂ මහතා පක්ෂය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම පක්ෂයේ ඉදිරි කටයුතු කිරීම සදහා මෙසේ පැමිණ තිබෙනවා . මෙම පැමිණීම පක්ෂයට ශක්තියක් . මන්ත්‍රීවරුන්ට ගමට ගිහිං ජන්දෙ ගන්න රාජපක්ෂවරු අවශ්‍යයැයි ද පැවසීය .



අදහස් (24)

බැසිල් දිවයනට

Asintha Sunday, 20 November 2022 09:30 AM

මෙච්චර හොරාකාලා පැනලා ගිය කෙනා අල්ලන්න එයාර්පෝර්ට් එකේ කවුරුවත් නැහැ. මේ නම් ඇවිත් ඉන්නේ හොඳකට නම් වෙන්න බෑ. තවත් මොකක් හරි විනාශයක් තමයි ඉතින්.

:       4       64

janahitha Sunday, 20 November 2022 09:47 AM

පොදුජන එක්සත් පෙරමුණේ විශාල හොරු පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

:       3       60

sam Sunday, 20 November 2022 09:59 AM

ලංකාවේ ජාතික ධනය මහාපරිමාණයෙන් හොරාකාපු මේ නූගත්, කපුටු මිනිසුන් කොහොමද විශේෂ අමුත්තෙක් වෙන්නේ? මෙයා කොහොමද ලංකාවේ දේශපාලනේට හවුල් වෙන්නේ..? මෙයාට නීතිය හරියට ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇයි? දිවිනැගුම කියලා කෝලමක් නටලා මහාපරිමාණයෙන් මුදල් විනාශ කළා.

:       3       55

සුජිත් Sunday, 20 November 2022 10:17 AM

මේ මිනිස්සුන්ට තව දුරටත් විශේෂ අමුත්තන්ගේ මැදිරිවල පහසුකම් ලැබෙන්නේ කොහොමද?

:       4       62

ජගත් ලියනගේ Sunday, 20 November 2022 10:30 AM

සාධු, සාධු, සහ තවත් සාධු....

:       4       31

ravin Sunday, 20 November 2022 10:36 AM

නැවතත් අගාධයට යාමේ පෙර නිමිත්තක්...!

:       3       51

මැක්ස් Sunday, 20 November 2022 10:39 AM

මම කැමැතිම දේ තමයි මේ ප්‍රවෘත්තිය දැකපු ගමන් කුලප්පු වෙලා භූමිතෙල් ගෑවුණු ගැරඬි වගේ කොමෙන්ටු කොටන සජබ, ජවිපෙ අප්පුහාමිලා තමන්ගේ හිතළු මත හෝ හිස් කටකතා මත පදනම් වෙලා ලියන මනස්ගාත කියවන එක...

:       70       8

ධනුSunday, 20 November 2022 01:55 PM

අප මේ කතාකරන්නේ මේ රටේ ජනතාව අන්ත දුක්ඛිත තත්ත්වයකට පත් කළ නූගත්- පව්කාර පවුලක සාමාජිකයෙකු පිළිබඳවයි. ඔබත් ඒ පවට කරගහපු මිනිහෙකු බව ඔබ ලියා ඇති ස්වරයෙන් මොනවට පැහැදිලි වේ. මේ පාපතර ක්‍රියාවට සම්බන්ධවන හැම පුද්ගලයෙකුටම වග කියන්න වෙනවා. ඒ තරමට අද මේ රටේ මිනිසුන් ආයිත් ගොඩඑන්න නුපුළුවන් ආකාරයෙන් දුක්ඛිත තත්ත්වයකට පත් වී අවසානයි. එය ඔබට හෝ උන්ට සාධාරණීය කරන්නට හිතර එකඟව පුළුවන්ද?

:       4       55

චතුරිSunday, 20 November 2022 06:29 PM

මැක්ස්.... කියලා කිව්වාටබොරු නමකින්. මෙ ඉන්නෙ හොර තක්කඩි බේබි කෙනෙක්. මොලයක් තියෙන කෙනෙක් මෙහෙම හිතන්නේ නැහැ. මොවුන්ට තමයි කියන්නේ කාලකන්නි කියලා. දැන් මහ ලොකුවට කිව්වා නේද 22 වගන්තියේ හැටියට ද්විත්ව පුරවැසි කමත් තියෙන අයට දේශපාලනය කරන්න බැහැ කියලා. කාගේ මුදල් වලින්ද කපුටාව පිළිගන්නේ. වට්ටි අම්මලා මුදලාලිලා ගියේ. මොහුට මොකටද පිළිගැනීමක්..? දරුවෝ කන්න නැතිව මන්ද පෝෂණය. කපුටා පියාඹගෙන ආපු විදියට... කූඩුවට යන්න මෙච්චර ගරුසර. රට වෙනුවෙන් කෑගහන කොල්ලන්ව හිරකරන්නේ මොවුන්ගේ මේ වැඩවලට... මොවුන්ගේ ගෙවල් ගිනි තියන්න තිබුණේ... මොවුන් නිදාගෙන ඉන්නකොට...

:       1       5

චන්දිම Sunday, 20 November 2022 11:02 AM

වර්තමානයේ දකුණු ආසියාවේ බොහෝ රටවලට ප්‍රමාණික උගත් කමක් සහ තමන්ගේ රටට සැබවින්ම ආදරේ කරන අවංක නායකයින් පිරිසක් ලැබිලා තියෙන නිසා ඒ රටවල් දියුණු වෙමින් ඉදිරියට යනවා. අනේ ඉතින් අපේ කරුමෙට මෙහේ වීරයින් වෙන්නේ හරි හමන් පාසල් අධ්‍යාපනයක්වත් නැති මෙලෝ උගත්කමක් වත් නැති ගස්ගෙඩි කඩාපු දේශපාලනෙන් ඇවිත් ඩීල් දාන්න විතරක් දන්නා කපටි තක්කඩි විතරයි. සම්පත් එහෙමට නැති රටවල් පවා අගේට දියුණු වෙනවා. සියලු සම්පත් සපිරි අපේ රට මේ තක්කඩි නිසා වෙන දියුණු රටවලට විකිණිලා යනවා. ඒ තක්කඩි ආවහාම ඔවුන්ට බැලමෙහෙවර කරලා එමගින් තමන්ගේ බඩ වඩාගන්න නීචයින් රැලකුත් මේ රටේ ඉන්නවා. හරියට ගෙරිකුණට වහන නිල මැස්සන් වගේ... රට ආයෙත් නන්නත්තාර වෙන්න ගනීවි...!

:       3       57

senaSunday, 20 November 2022 11:33 AM

හොඳ විග්‍රහයක්...

:       4       27

C.K.Lankaputhra Sunday, 20 November 2022 12:19 PM

පිටරටක පුරවැසියෙක්, ලංකාවේ කිසිම තනතුරක් නෑ... නඩු කප්පරක්, රට විනාශයට අරන් ගිය පවුලක සාමාජිකයෙක්... හැබැයි යන්නේ පොලිස් ආරක්ෂාව මැද මෝටර්කේඩ් එකේ... කපුටන්වත් ඔලුවේ තියාගෙන රඟන රටක් මේක... කිසිම කෙනෙකුට වගේ වගක් නෑ... අම්මපා මෙහෙම රටක් ලෝකේ කොහේවත්ම නැතුව ඇති...

:       3       43

විජේ Sunday, 20 November 2022 12:21 PM

පාතාලෙන් භාගයක් කටුනායකට බැහැලා... පොලිසිය ඉස්සරහින්, ඒ අය පිටිපස්සෙන්. ජය වේවා...!!!

:       3       37

de silva Sunday, 20 November 2022 12:34 PM

හොරු වෙනුවෙන් හොරු...

:       2       30

ලුම්බිණි Sunday, 20 November 2022 01:14 PM

මොනවා කරත් හැමදාම ඒ අය දිනනවා... අපි පරාජය වෙනවා.

:       6       11

fairoos Sunday, 20 November 2022 02:24 PM

ලංකාවේ ඉන්න වහල්ලුන්ට, රටට හෙණ ගැහුවත් කමක් නැහැ තමන්ගේ මඩිය තරවෙනවා නම්... ඉස්සෙල්ලාම මොවුන්ට ගහන්න කුණු බිත්තර...

:       3       58

RAHEEM Sunday, 20 November 2022 02:43 PM

මෙයාට පොලිස් ආරක්ෂාව දීගෙන එක්කන් යන්න... මෙයා රජයේ දරන තනතුර කුමක්ද?

:       3       125

Gamunu Sunday, 20 November 2022 03:00 PM

බැසිල් මැතිතුමා සාදරයෙන් පිළිගනිමු....

:       14       1

siri Sunday, 20 November 2022 03:28 PM

දීකිරිවලට සාක්කිදෙන හොර බළල්ලු...

:       2       11

saki Sunday, 20 November 2022 05:24 PM

මොන කෙහෙල් මලක්ද මේ රටට වෙලා තියෙන්නේ...? කරුමයක්... ශ්‍රී ලංකාවේ සල්ලි අපරාදේ...!

:       1       4

ගමේ එකාලා Sunday, 20 November 2022 06:04 PM

මොලහතා ලංකාවට වඩම්මලා? සාටකෙත් නැහැ. මහා හොරුන් පිළිගන්න.., හොරු රැළක් ඇවිත්. ලැජ්ජයි. මෙදා පාර මොන යටිකූට්ටු වැඩක් කරන්න හිතාගෙන ඉන්නවාද දන්නේ නැහැ. මුහුණ දකින එකත් අපිට හරිම පිළිකුල්..!

:       2       5

Kumara Sunday, 20 November 2022 06:04 PM

වහල්ලුන්ට දැන් හොඳ ඇතිනේ..

:       1       4

විජිත් Sunday, 20 November 2022 07:04 PM

ලැජ්ජයි ...!!! මේ වගේ ලෝක ප්‍රසිද්ධ හොරුන් පොලිස් ආරක්ෂාව ඇතුව....? රටේ මිනිස්සුන්ට දැන්වත් ඇත්ත ඇති සැටියෙන් සිතීමට විඥානය පහළවේවා..! ඒ වගේම කපුටාගේ අවසානය තීරණය කරන ඉරණම් ගමනද කියන්නත් බැහැ මේ. ස්වභාව ධර්මයාගේ දඬුවම්වලින් බේරෙන්න කාටවත් බැහැ.. අරගලයට ජය වේවා..!!!

:       2       10

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 20 November 2022 08:12 PM

නිවෙන්න කිට්ටු පහන් වල දැල්ල සැරයි.කපුටාස් ඇන්ඩ් අදර් ලෑම්ප්ස් වලත් දැල්ල සැර වෙනවා ඇත්තේ මේ නිසා වෙන්නට ඇති.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1347 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1567 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 409 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site