
(ටී.කේ.ජී.කපිල)
හිටපු අමාත්‍ය,පොදු ජන එක්සත් පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය
හිටපු අමාත්‍යවරයා මීට මාසයකට පමණ පෙර ඇමෙරිකා එක්සත් ජනපදය වෙත ගොස් තිබුණි.
ඔහු පිළිගැනීම සදහා රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණී ලොකුගේ , පවිත්‍රා වන්නිආරච්චි, ශාන්ත බණ්ඩාර, එස්.එම්.චන්ද්‍රසේන, ප්‍රසන්න රණවීර, පියල් නිශාන්ත යන මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ .
මෙහිදී ගුවන් තොටුපළෙන් පිටතට පැමිණි සනත් නිශාන්ත අමාත්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේ මේ පැමිණීම පිළිබඳව අදහස් දැක්වීය . බැසිල් රාජපක්ෂ මහතා පක්ෂය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම පක්ෂයේ ඉදිරි කටයුතු කිරීම සදහා මෙසේ පැමිණ තිබෙනවා . මෙම පැමිණීම පක්ෂයට ශක්තියක් . මන්ත්‍රීවරුන්ට ගමට ගිහිං ජන්දෙ ගන්න රාජපක්ෂවරු අවශ්‍යයැයි ද පැවසීය .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර හොරාකාලා පැනලා ගිය කෙනා අල්ලන්න එයාර්පෝර්ට් එකේ කවුරුවත් නැහැ. මේ නම් ඇවිත් ඉන්නේ හොඳකට නම් වෙන්න බෑ. තවත් මොකක් හරි විනාශයක් තමයි ඉතින්.
පොදුජන එක්සත් පෙරමුණේ විශාල හොරු පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.
ලංකාවේ ජාතික ධනය මහාපරිමාණයෙන් හොරාකාපු මේ නූගත්, කපුටු මිනිසුන් කොහොමද විශේෂ අමුත්තෙක් වෙන්නේ? මෙයා කොහොමද ලංකාවේ දේශපාලනේට හවුල් වෙන්නේ..? මෙයාට නීතිය හරියට ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇයි? දිවිනැගුම කියලා කෝලමක් නටලා මහාපරිමාණයෙන් මුදල් විනාශ කළා.
මේ මිනිස්සුන්ට තව දුරටත් විශේෂ අමුත්තන්ගේ මැදිරිවල පහසුකම් ලැබෙන්නේ කොහොමද?
සාධු, සාධු, සහ තවත් සාධු....
නැවතත් අගාධයට යාමේ පෙර නිමිත්තක්...!
මම කැමැතිම දේ තමයි මේ ප්‍රවෘත්තිය දැකපු ගමන් කුලප්පු වෙලා භූමිතෙල් ගෑවුණු ගැරඬි වගේ කොමෙන්ටු කොටන සජබ, ජවිපෙ අප්පුහාමිලා තමන්ගේ හිතළු මත හෝ හිස් කටකතා මත පදනම් වෙලා ලියන මනස්ගාත කියවන එක...
වර්තමානයේ දකුණු ආසියාවේ බොහෝ රටවලට ප්‍රමාණික උගත් කමක් සහ තමන්ගේ රටට සැබවින්ම ආදරේ කරන අවංක නායකයින් පිරිසක් ලැබිලා තියෙන නිසා ඒ රටවල් දියුණු වෙමින් ඉදිරියට යනවා. අනේ ඉතින් අපේ කරුමෙට මෙහේ වීරයින් වෙන්නේ හරි හමන් පාසල් අධ්‍යාපනයක්වත් නැති මෙලෝ උගත්කමක් වත් නැති ගස්ගෙඩි කඩාපු දේශපාලනෙන් ඇවිත් ඩීල් දාන්න විතරක් දන්නා කපටි තක්කඩි විතරයි. සම්පත් එහෙමට නැති රටවල් පවා අගේට දියුණු වෙනවා. සියලු සම්පත් සපිරි අපේ රට මේ තක්කඩි නිසා වෙන දියුණු රටවලට විකිණිලා යනවා. ඒ තක්කඩි ආවහාම ඔවුන්ට බැලමෙහෙවර කරලා එමගින් තමන්ගේ බඩ වඩාගන්න නීචයින් රැලකුත් මේ රටේ ඉන්නවා. හරියට ගෙරිකුණට වහන නිල මැස්සන් වගේ... රට ආයෙත් නන්නත්තාර වෙන්න ගනීවි...!
පිටරටක පුරවැසියෙක්, ලංකාවේ කිසිම තනතුරක් නෑ... නඩු කප්පරක්, රට විනාශයට අරන් ගිය පවුලක සාමාජිකයෙක්... හැබැයි යන්නේ පොලිස් ආරක්ෂාව මැද මෝටර්කේඩ් එකේ... කපුටන්වත් ඔලුවේ තියාගෙන රඟන රටක් මේක... කිසිම කෙනෙකුට වගේ වගක් නෑ... අම්මපා මෙහෙම රටක් ලෝකේ කොහේවත්ම නැතුව ඇති...
පාතාලෙන් භාගයක් කටුනායකට බැහැලා... පොලිසිය ඉස්සරහින්, ඒ අය පිටිපස්සෙන්. ජය වේවා...!!!
හොරු වෙනුවෙන් හොරු...
මොනවා කරත් හැමදාම ඒ අය දිනනවා... අපි පරාජය වෙනවා.
ලංකාවේ ඉන්න වහල්ලුන්ට, රටට හෙණ ගැහුවත් කමක් නැහැ තමන්ගේ මඩිය තරවෙනවා නම්... ඉස්සෙල්ලාම මොවුන්ට ගහන්න කුණු බිත්තර...
මෙයාට පොලිස් ආරක්ෂාව දීගෙන එක්කන් යන්න... මෙයා රජයේ දරන තනතුර කුමක්ද?
බැසිල් මැතිතුමා සාදරයෙන් පිළිගනිමු....
දීකිරිවලට සාක්කිදෙන හොර බළල්ලු...
මොන කෙහෙල් මලක්ද මේ රටට වෙලා තියෙන්නේ...? කරුමයක්... ශ්‍රී ලංකාවේ සල්ලි අපරාදේ...!
මොලහතා ලංකාවට වඩම්මලා? සාටකෙත් නැහැ. මහා හොරුන් පිළිගන්න.., හොරු රැළක් ඇවිත්. ලැජ්ජයි. මෙදා පාර මොන යටිකූට්ටු වැඩක් කරන්න හිතාගෙන ඉන්නවාද දන්නේ නැහැ. මුහුණ දකින එකත් අපිට හරිම පිළිකුල්..!
වහල්ලුන්ට දැන් හොඳ ඇතිනේ..
ලැජ්ජයි ...!!! මේ වගේ ලෝක ප්‍රසිද්ධ හොරුන් පොලිස් ආරක්ෂාව ඇතුව....? රටේ මිනිස්සුන්ට දැන්වත් ඇත්ත ඇති සැටියෙන් සිතීමට විඥානය පහළවේවා..! ඒ වගේම කපුටාගේ අවසානය තීරණය කරන ඉරණම් ගමනද කියන්නත් බැහැ මේ. ස්වභාව ධර්මයාගේ දඬුවම්වලින් බේරෙන්න කාටවත් බැහැ.. අරගලයට ජය වේවා..!!!
නිවෙන්න කිට්ටු පහන් වල දැල්ල සැරයි.කපුටාස් ඇන්ඩ් අදර් ලෑම්ප්ස් වලත් දැල්ල සැර වෙනවා ඇත්තේ මේ නිසා වෙන්නට ඇති.