IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බඩු මිල වැඩිද? පාරිභෝගික අධිකාරිය කියන කතාව

වෙළෙදපොළේ කිසියම් භාණ්ඩයක හිගයක් පවතින අවස්ථාවලදී ඊට විකල්ප භාණ්ඩ මිලදී ගැනීම ඉතා වැදගත් වන බව පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවැසීය.

යම් හේතු නිසා වෙළෙපොළේ සැපයුම අඩු භාණ්ඩ දිගින් දිගට සොයායාම සහ එවැනි භාණ්ඩ නිවෙසේ ගබඩා කර තබාගැනීම හේතුවෙන් යම් භාණ්ඩයකට අනවශ්‍ය ඉල්ලුමක් වෙළෙපොළේ ඇති වන අතර අනවශ්‍ය ලෙස මිල ඉහළයාමද දක්නට ලැබෙන බව බණ්ඩාර මහතා කීය.

එමෙන්ම වෙළෙදපොළේ හිග භාණ්ඩ වෙනුවට වෙනත් විකල්ප භාණ්ඩ කෙරෙහි යොමුවී වැදගත් වන අතර එවැනි අවස්ථාවලදී පාරිභෝගිකයන්ද විකල්ප භාණ්ඩවලට යොමු කිරීමට ඔවුන් ද දැනුවත් කිරීම යෝග්‍ය බව බණ්ඩාර මහතා කීය.

පසුගිය කාලයේ ගෑස්, ඉන්ධන, කිරිපිටි ඇතුළු විවිධ භාණ්ඩ වෙළෙදපොළේ හිගයක් ඇතිවීම දක්නට ලැබුණු අතර අනවශ්‍ය ඉල්ලුමක් ද ඇතිවීම දක්නට ලැබුණු බව කී ඒ මහතා ඒ සදහා විකල්ප භාණ්ඩ පරිභෝජනයට පුරුදුවීමෙන් මුදල් ද ඉතිරිවන බව අසේල බණ්ඩාර මහතා පැවැසීය.

(ගයාන් සූරියආරච්චි)



අදහස් (5)

බඩු මිල වැඩිද? පාරිභෝගික අධිකාරිය කියන කතාව

රටවැසියා Wednesday, 04 December 2024 10:16 PM

දැන් හාල් නැත්නං තණකොල කන්න කියලනේ ඔය කියන්නේ!

:       1       5

විදුර Thursday, 05 December 2024 07:59 AM

හාල් වලට විකල්ප වැලි, මැටි, දහයියා, සීනි, යව, කොල්ලු.... පොල් වලට විකල්ප දෙල්, ලොකු බෙලි, ලොකු ජමනාරං, ලොකු දිවුල්, වට්ටක්කා... ස්තූති මහත්මයා සතුටින් ඉන්න.

:       0       4

රවි Thursday, 05 December 2024 08:08 AM

දැන් තියෙන්නෙ හාල් පොල් හිඟයක්. මේකට විකල්ප භාණ්ඩ මොනවාද. පඩියො වගේ කියනවා..මෝඩ නිලධාරීන්

:       0       3

Pubudu Thursday, 05 December 2024 08:22 AM

මත වෙනුවට මොනවා කන්නද ?පාන් පිටි කාලා හැදෙන ලෙඩ වලට කවුද සල්ලි දෙන්නේ බෙහෙත් බොන්න

:       0       1

ඇක්මන් පෙරේරා දෙමටගල Thursday, 05 December 2024 02:22 PM

මටනම් 1970 -77 කාලයේ පැවති සමගි පෙරමුණ ආණ්ඩුව කාලයේ බලයට ආවෙ

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site