(පාලිත ආරියවංශ සහ ප්‍රසන්න පද්මසිරි)
පස්සර මඩොල්සිම මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරැළී වූ අද(6) සිදු වූ අනතුරකින් එහි ගමන් ගත් මගීන් 8 දෙනෙකු මිය ගොස් ඇති බව මඩොල්සිම පොලිසිය කියයි.
බස් රථයේ සිටි මගීන් 50 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.
බදුල්ල සිට ඇකිරිය දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරැළී මෙම අනතුර සිදුව තිබේ.
තුවාල ලැබූ මගීන් පස්සර සහ බදුල්ල රෝහල් කරා ගෙනයාමට ප්‍රදේශවාසීහු සහ පොලිසිය එක්ව කටයුතු කරමින් සිටිති.
මේ වනවිට බදුල්ල රෝහලට තුවාලකරුවන් 15දෙනෙකු පමණ ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
එම ප්‍රදේශයේ වැසි සහිත කාලගුණ තත්වයක් පැවති බවද, බස් රථය ලොරි රථයකට මාර්ගයේ ඉඩදීමට යාමේදී අනතුර සිදුව ඇතැයි අනාවරණය වූ බවද පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් මඩොල්සිම පොලිසිය පරීක්ෂණ පවත්වයි.







(ඡායාරූප සහ වීඩියෝ- ප්‍රසන්න පද්මසිරි)



(පස්සර රෝහල)





(බදුල්ල රෝහල - ප්‍රසාද් රුක්මාල්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරක පාලකයෝ පත්වුණාම ස්වභාව ධර්මයත් කම්පා වෙනවලු. අනේ මන්දා හැමදාම මොනවා හරි වෙනවා.
මහලොකු විපත් මගක් අපේ රටට මෙයාලා ආපු දවසේ ඉඳන්..
මේ ගතවුණු මාස එක හමාරට මොනතරම් විපත් වුණාද අපේ රටට...
ශාපලත් පාලකයින්ගේ කරුමේ ගෙවන්න වෙලා තියෙන්නේ අහිංසක මිනිස්සුන්ට...
බස් එකක් පෙරලුණාම ඒකට පාලකයින් වැරදිවෙන්නේ කොහොමද?
අනේ මන්ද මේ අනතුරක් උනාම ඒක කොහෙවත් යන" මුසල දේශපාලුවන්ගේ ගිණුමට නොදමන්න " අපි නුගත් මිනිසුන් හින්දමද කියල...
මේකෙ අදහස් දාල තියෙන පණ්ඩිත අය දැක්කම හිතෙනවා මේ වගේ අය නේද ඡන්ද බලෙන් ආණ්ඩු පත් කරන්නෙත් නැති කරන්නෙත් කියලා. බස් එකක් පෙරළුනාමත් රටේ නැත් බයිලා ගහනවා.
ඉතාම කනගාටුදායකයි.
උඩරට ගම්බද ප්‍රදේශවල බොහොමයක් පාරවල් තවමත් තියෙන්නේ එදා කරත්තවලින් තේ කෝපි ගෙන ඒමට සුද්දන් තැනූ තත්වයෙමයි. ඒ නිස මේ පාරවල් බස් දෙකක් කන්ටෙනේර් දෙකක් පහසුවෙන් මාරුවිය හැකි ලෙස වහාම පලල්කල යුතුයි. අධිවේග මාර්ගවලට වඩා මෙයට ප්‍රමුඛත්වයක් දියයුතුයි.
හෙඩින් එකේ තියෙන්නේ 9 ක් මරුට කියලා .
පාලකයන් ගේ වරද නෙවෙයි.. ලංකා කේන්දරයේ සෙනසුරු ලබලා තියෙන්නේ ඒ නිසයි මේ වගේ විපත් සිදු වන්නේ.
මියගිය අයට මගේ බලවත් ශෝකය හා පීඩාවට පත් උන අයට ඉක්මන් සුවය පතමි. මේ කදුකර පටු පාරක්. සුන්දර මනරම් මනස්කාන්ත පරිසරයක්. ඉදිරියෙන් එන ලොරියකට පාර ඉඩදීමේදී පහළට පෙරලී ඇත. අවාසනාවන්ත සිදු වීමක්. රියදුරු හා කොන්දොස්තර මහතාගේ නොසැලකිල්ල වෙන්න ඇති. බස් එකේ තත්වයට ඉංජිනේරු කාර්මික අංශය වග කියන්න ඕන. මේ දොර දෙකේ බස් එකක්. දන්න තරමින් හොදට තියෙනවා.
අපේ මිනිස්සු තවම කොහෙද ඉන්නෙ කියලා උඩ තියෙන පින්තූර දැක්කම හිතා ගන්න අමාරුයි. බහුතරයක් දෙනා ෆෝන් එක උස්ස ගෙන පොටෝ ගන්නවා. තව අය වීඩියෝ කරනවා. කෙනෙක්ගෙ දුකක් වේදනාවක් සමරු සටහන් විදියට තමන් ලග තියාගන්නෙ කොහොමද කියලා මම දන්නෙ නෑ.