
(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකාවේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම සදහා ප්‍රංශයේ සංචාරක නියෝජිතයන් අසූ දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට අද (21) දින උදෑසන පැමිණියහ.
මෙම පිරිස මහනුවර, බෙන්තොට සහ කොළඹ යන ප්‍රදේශ වල සංචාරය කරමින් සහ මෙම ප්‍රදේශ වල තිබෙන හෝටල් පද්ධතිය නිරීක්ෂණය කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට ප්‍රංශයේ සිට සංචාරකයන් කැදවා ගෙන ඒමට නියමිතය .
මෙම සංචාරක නියෝජිතයන් පිරිස ප්‍රංශයේ සිට ෆ්‍රෑන්ක්පර්ට් නුවරට ගොස් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 501 දරන ගුවන් යානය මඟින් කටුනායක ගුවන්තොටුපළ වෙත උදෑසන 07.25ට පැමිණ තිබුණි .
මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ , සංචාරක හෝටල් වල නියෝජිත පිරිසක් , සංචාරකයන් ප්‍රවාහනය කරන බස් රථ සේවා සමාගම් වල නියෝජිත පිරිසක් සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ .



COMMENTS
හිතවත් මිතුරනි , ලංකාවට සාදරයෙන් පිලිගන්නෙමු
ලියුම් කරෞවනෙනි...... මම අහල තියෙන්නෙ ෆ්‍රෑන්ක්පර්ට් තියෙන්නෙ ජර්මනියෙ කියල... ප්‍රන්සෙ තියෙනෙ පැරිස්......
හෙරොයින් ටික විකුනගන්න හොඳ වෙලාව .. මුන් දන්න ඇති මගුලක් නැහැ , කුඩු ටිකක් කකුල්දෙක අස්සෙ ගහගෙන ආපහු යයි යන්න ..
අපේ සශ්‍රිලංකාවේ අයියලා Frankfurt නුවරත් ෆ්‍රාන්ස් වලට විකුනලා වගේ .මෙච්චර කාලයක් ජර්මනි වලට තිබ්බ නගරයත් ඉවරකලා
ගොන් කථා කියන්න එපා ඕයි. ප්‍රංශෙ කොහෙද ප්‍රැන්ක්පර්ට් නුවරක් මෝඩයෝ.
අර නුවර ස්ටේෂන් එක සුද්ද කරලා දාන්න ඉස්සෙල්ලම, සුද්දන්ට නෙමෙයි ලංකාවේ අයටත් යන්න එපා වෙනවා එතන හැටි දැක්කම,
ශ්‍රී ලංකන් සිනහව සහිත ප්‍රංශ විලාසිතාව
මෙම සංචාරක නියෝජිතයන් පිරිස ප්‍රංශයේ සිට ෆ්‍රෑන්ක්පර්ට් නුවරට