IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පාර්ලිමේන්තුවට සුපිරි ඇඳක් ගෙනාවේ කාට යහන්ගත වෙන්නද?

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පෞද්ගලික ආයතනයක් මුදල් වැයකර ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුවේ  කාර්යාලයට සුපිරි මෙට්ටයක් සහ  ඇඳක් ඇතුළු භාණ්ඩ කිහිපයක් පසුගිය ජූලි මාසයේදී ගෙනැවිත් ඇති හෙයින් මේ සුපිරි ඇඳ සහ මෙට්ටය ගෙනාවේ කාට යහන්ගතවීමට දැයි  සමගි ජන බලවේගයේ පක්ෂයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී අද (9)  ප්‍රශ්න කළේය.

පෞද්ගලික ආයතනයක් පාර්ලිමේන්තුව ඇතුළට  මෙලෙස භාණ්ඩ ගෙන ඒම  ජනාධිපතිවරයාගේ මෙන්ම පාර්ලිමේන්තුවේ  ආරක්ෂාවටද විශාල තර්ජනයක් බව පැවසූ මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි  කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

පතිරණ මහතා මෙසේ පැවසුවේ මුලසුනේ අවසර ඇතිව ප්‍රකාශයක් කරමිනි.

බුද්ධික පතිරණ මහතා

මේ පාර්ලිමේන්තුවට ජූලි මාසේ 28 දහවල් 11.00 ට  භාණ්ඩ වගයක් ඇවිල්ල තියෙනවා. හැබැයි පාර්ලිමේන්තුවෙන් මිලදී ගැනීමක් කරල නැහැ. මම  ඒ රිසිට් සියල්ල සභාගත කරනවා.මේක ගෙනල්ලා තියෙන්නේ පෞද්ගලික ආයතනයක්. ඒ ආයතනය  මුදල් ගෙවලා තියෙන්නේ. ඒ භාණ්ඩ ඇවිල්ල තියෙන්නෙ ජනාධිපතිතුමාගේ කාර්යාලයට. එතකොට ඒ ඔක්කොටම අස්සන් කරලා තියෙන්නේ ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු ලේකම්තුමා. මම ඒ ලියකිවිලි සභාගත කරනවා.

ඒ භාණ්ඩ අතර සුපිරි මෙට්ටයක් තියෙනව. ඝනකම අඩියකට වැඩියි. මෙහෙම මෙට්ටයක් මේ කාමරයට ගෙනාවෙ මොකටද. මම දන්න තරමට ජනාධිපතිතුමාගේ කාමරේ කවුරුත්  බුදි යන්නේ නැහැ. එකේ කවුරුහරි යහන්ගත වෙනවද කියන එක බරපතළ ප්‍රශ්නයක්. නැත්නම් ජනාධිපතිතුමා යහන්ගත වෙන්න ඕන. එහෙම නැත්නම් කාර්ය මණ්ඩලය. මේ ගැන පරීක්ෂණයක් කරන්න. අගමැතිතුමනි ඕනිනම්  අපිත් එන්නම් බලන්න. ඒක ජනාධිපතිතුමාගේ ආරක්ෂාවටත් හොඳයි. සභාවේ ආරක්ෂාවටත් හොඳයි. මේ විදියට මේ වගේ බඩු ගේන්න පුලුවන්ද.  රුපියල් තුන්ලක්ෂ හතළිස්  දෙදහසක ඩබල් බෙඩ්   එකක්  ගෙනල්ලා තියෙනවා. සින්ගල් බෙඩ් එකක් නම් තව හිතන්න තිබුණා. ඊට අමතරව දෙලක්ෂ හැත්තෑ තුන් දහසක පුටුවකුයි එක්ලක්ෂ දහනව දහසක   මෙට්ටෙකුයි ගෙනල්ලා තියෙනවා.

(ආණ්ඩු පක්ෂයෙන් බාධා)

පතිරණ මහතා:

ඔව් ඔව්, කාගෙත් කීර්තිනාමය හානි වෙන්නේ මේවා ගෙනාපුවාමයි. ඩබල් බෙඩ් ගෙනල්ලා  කාර්යාල කාමරයක  තියපුවාම. කරුණාකර ඒ ගැන පරීක්ෂණයක් කරන්න. මහලේකම්තුමා දැනුවත්වද  මේ භාණ්ඩ ආවේ. ආරක්ෂක අංශ දැනුවත්වද ආවේ.  පෞද්ගලික ආයතනයක් මුදල්  ගෙවපු භාණ්ඩ මේක ඇතුළෙ තියෙන්න පුලුවන්ද. ඒ වගේම ජනාධිපතිතුමාගේ දිවුරුම් දීමට අදාළ උත්සවයේ සියලුම බ්ල්පත් ජනාධිපතිතුමාගේ පෞද්ගලික සල්ලිවලින්  නිරවුල් කළා කිව්වට  ඒ සල්ලි ගෙවලා තියෙන්නෙත් මේ පෞද්ගලික ආයතනය. ඒ ලියකිවිලිත් මම මෙතන සභාගත කරනවා. මේකේ භයානකකම මේකයි. මේ වගේ එක මිනිහෙක් ඔහොම කරලා ගියා. ජනාධිපතිතුමා එදා අර්ජුන මහේන්ද්‍රන්  යන්නේ මඟුල් ගෙදරකට කියලා කිව්වා . ගියා ගියාමයි ආවේ නැහැ. දැන් මේ  දෙවෙනි මිනිහා වෙන්න පුළුවන්. එදා අගමැතිතුමා බ්ලැක්මේල් කරලා අර්ජුන මහේන්ද්‍රන් රට පැන්නා. දැන් දෙවැනි මිනිහා ජනාධිපතිතුමාට ඇඳන්දීලා මෙට්ට දීලා රට පැන්නොත් මොකද කරන්නේ.

නියෝජ්‍ය කතානායක  අජිත් රාජපක්ෂ මහතා:

ඔය විස්තර සභාගත කරන්න

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා

දැන් මේ කාරණය ඔබතුමාලා පුන පුනා කියනවා.  කතානායකතුමා තීන්දුවක් ගත්තා. බලලා කියන්නම් කියලා කිව්වනේ. ඔබතුමා ඔය ඇඳේ නිදි  යන්නේ නැහැනේ. මම දන්නේ නැහැ ඔබතුමා යනවද කියලා. ඕකට ඔච්චර උනන්දු නිසා කියන්නේ. වැදගත් දේවල් මෙතන කතා කරන්න  තියෙද්දි  ඇඳක් ඇද ගන්නවා. ඇඳවල් ගැන කතා කරන්නෙ නැතුව රටේ ප්‍රශ්න ගැන කතා කරන්න.



අදහස් (9)

පාර්ලිමේන්තුවට සුපිරි ඇඳක් ගෙනාවේ කාට යහන්ගත වෙන්නද?

sharm warn Friday, 09 December 2022 04:43 PM

සමහර විට අර උපදේශක මණ්ඩලෙ කවුරු හරි විවෙක ගන්න පවිච්චි කරනවද කවුද දන්නෙ. . කප්පම් මොකද මෙකට උඩ පනින්නෙ?

:       8       14

නැතිද මං කියන්නේ...! Friday, 09 December 2022 05:06 PM

පාර්ලිමේන්තුවේ ඉඳලා මහජන මුදල් සොරාකාල සැපට හම්බකරපු සැමදේම ක්‍ෂණිකව දාල "පණ යන" වටිනාම ඇඳ නිසා වෙන්න ඇති පාර්ලිමේන්තුවේ 225හේ සුපිරි ඇඳවල්....!!

:       0       0

de silva Friday, 09 December 2022 05:13 PM

ජනාධිපතිතුමා ඇතුළු පාර්ලිමේන්තුවේ බහුතරයක් විශ්‍රාම ගැනීමේ වයස පැනලා දැන් අවුරුදු 15 ක් 20 ක් ගත වෙලා. සමහරු පාර්ලිමේන්තුවේ පුටුවේ වාඩිවෙලා නිදි. මේ වයසක සීයා පාර්ලිමේන්තුවේ දී ගිමන් හරින්න ඇදක් ගෙනාවහම ඒකටත් විරුද්ධ වෙන්නේ මොකද? කප්පම් කාරයා පවා මෙවැනි දෙවල් අනුමත කරනවා.

:       2       0

සඳුන් Friday, 09 December 2022 05:23 PM

අළුත් ඇමතිකම් වලට සුදුසුකම් තෝරන සම්මුබ පරීක්ෂණ වලට ගේන්න ඇති.

:       1       0

ranil Friday, 09 December 2022 05:56 PM

ඔව් මෙගොලොන්ට වැඩ කරලා මහන්සියි.

:       1       0

Kumara Friday, 09 December 2022 07:51 PM

මෙගොලොන්ට තියෙන සැප මදි වෙලාද තවත් ඇඳවල් දීලා තියෙන්නේ.

:       0       0

sampath Friday, 09 December 2022 08:24 PM

ඔය කාලා නිදිකිරා වැටෙන අයට හදිසියට ගිහින් නිදාගන්නයි ඕක ගේන්න ඇත්තේ. රටේම මිනිස්සුන්ට පේන ගොරව ගොරව නිදාගන්නට වඩා හොඳයි ඕක ඇතුළට වෙලා නිදා ගන්න එක. අනෙක ඔය 70,80 පැන්නම එක තැන නින්ද යනවා. ඔය මෙට්ට තව ටිකක් ඕනි වෙයි. තරුණයට ඕවා තේරෙන්නේ නෑ.

:       0       0

Dasa P Saturday, 10 December 2022 03:07 AM

සමනල් තටුවක පහස ඇති සුපිරි මෙට්ටයක්.

:       2       0

Chandra Saturday, 10 December 2022 08:25 AM

දැන් පාර්ලිමේන්තුවෙන් කෙරෙන්නේ ජනතාවගේ , ඉදිරිපස , පිටිපස සහ ගැන සොයා බලන එකනේ.. ජනතාව මේ අමාරුවේ වැටිලා තියෙන්නේ ඒවා ගැන සොයා බලන අමාත්තන්ශ්යක් නැතිකමට .ඒවාට දක්ෂ කෙනෙක් වහාම පත් කල යුතුයි . ඒ නිසා, ඒවා පරීක්ෂා කරන්න, හොයා බලන්න පාර්ලිමේන්තුවට ඇදක් අනිවාර්යේම්ම අවශ්ෂයි . මේ රට එතකොට ඉක්මනටම දියුණුවෙයි .

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 579 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site