IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


නිශ්ශංක සේනාධිපතිට ඇප

(මනෝප්‍රිය ගුණසේකර)

 

ශ්‍රී ලංකාව අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම ඇතුළු චෝදනා 7573ක් යටතේ නීතිපතිවරයා විසින් ඇවන්ට්ගාඩ් සමාගමේ හිටපු සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුලු විත්තිකරුවන් 13දෙනෙකුට එරෙහි නඩුවට ඉදිරිපත් වූ මූලික විරෝධතාවක් සැලකිල්ලට ගනිමින් එම නඩුවේ චෝදනා 19ක් හැර  සෙසු චෝදනා පවත්වාගෙනයාමට නොහැකි බවට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල තීරණය කළේය.

ඒ අනුව එම නඩුවෙන් චෝදනා ලැබ සිටි  රක්නා ලංකා සමාගම, ඇවන්ට්ගාඩ් සමාගම, පාලිත ප්‍රනාන්දු මහතා, එගොඩවෙල මහතා, සුජාතා දමයන්ති ජයරත්න මහත්මිය නමැති විත්තිකරුවන්  5දෙනා සියලුම චෝදනාවලින් නිදහස් කළ විනිසුරු මඬුල්ල සෙසු විත්තිකරුවන් 8දෙනාට එරෙහි නඩුව ලබන පෙබරවාරි 10 වැනිදා සිට විභාග කිරීමට තීරණය කළේය.

එමෙන්ම මෙම සිද්ධියට අදාල මාස තුන හමාරක කාලයක් රිමාන්ඩ් භාරයේ පසු වූ ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා රුපියල් ලක්ෂ 5 මුදල් හා රුපියල් ලක්ෂ 25 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත මුදාහැරීමට නියම කළේය.

මෙලෙස නියම කරන ලද්දේ ධම්මික ගනේපොළ, සභාපති මංජුල තිලකරත්න සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් විසිනි.



අදහස් (20)

නිශ්ශංක සේනාධිපතිට ඇප

Mahee Friday, 17 January 2020 10:40 AM

එහෙම වෙන බව අහන්නත් ඕනද? රන්ජන් ඔබට ඇහෙනවද?

:       378       728

කපුරුහාමි Friday, 17 January 2020 10:48 AM

මේ අය නිදහස් වෙන බව අපිට කල්තියාම හිතුණා. කවර කතාද?

:       380       710

BamunuarachchiFriday, 17 January 2020 11:29 AM

ඔව් ඉතින් රන්ජන්ලා අධිකරණයට ඇඟිලි ගහලා මිනිසුන්ට බොරුනඩු දැම්මාම නීතිය හරියට කරන කොට අවලන් වැඩකරපු අය ඇතුළට යනවා. අනික් අය එළියට එනවා. අනික මේ සිවිල් වැසියන්ට බල නොපාන මේ නඩු ගැන අපි අැයි උනන්දු වෙන්නේ?

:       1680       1176

NalakaSaturday, 18 January 2020 02:12 AM

කලකට පස්සේ බමුණා එළියට බැස්සේ... ඔලුව අතගාලා බලනවා අං එනවද කියලා. ඔහොම හිතන අය නිසා තමයි මෙහෙම රටට වෙලා තියෙන්නේ...

:       16       311

wimal Friday, 17 January 2020 10:50 AM

බොහොම හොඳ දෙයක්...

:       246       153

sharm warn Friday, 17 January 2020 10:51 AM

ඒකනේ ඉතින්.. බොරුවටනේ අපි කරදර වෙලා තියෙන්නේ..

:       0       36

Asanga Friday, 17 January 2020 10:55 AM

ඔබට දැන් සතුටුයිද?

:       21       383

රවින් Friday, 17 January 2020 10:56 AM

ස්වාධීනයි ! ස්වෛරීයි ! ....... එහෙම නොකලොත් ඔබ කියාවි... මෝඩ ගෑනි මං ... මෝඩ ගෑනි මං... කියලා.

:       0       322

SARATH SILVA Friday, 17 January 2020 10:57 AM

අපේ රට සෞභාග්‍යය කරා යන අභීත ගමනක්.. ජයවේවා !!!

:       383       408

Ajith Abeywardhana Friday, 17 January 2020 11:13 AM

ගරු ජනාධිපතිතුමනි, කරුණාකර නිස්සංකටත් නාමයෝජනා දෙන්න. ඔහු බොහෝ දේවල් කරනවා කියලා මම විශ්වාස කරනවා.

:       14       213

Warnakulasuriya Friday, 17 January 2020 11:19 AM

මේක අපේ ප්‍රජාතන්ත්‍රවාදී උරුමයයි. රටේ කරුමයයි. ඊළඟ වාසනාවන්තයා දුමින්ද සිල්වා මහතාය. රංජා ගැනයි කණගාටු...

:       277       612

PasukulaSaturday, 18 January 2020 12:33 PM

මොකද වෙන කෙනෙක් නැද්ද? 

:       75       0

Nadeeka Friday, 17 January 2020 11:30 AM

මේ පුවත් දාද්දි පුළුවන් නම් මේකට කතාකරන ලෝයර්ගේ නම්ගම් දාන්න.

:       1       24

Raveendra Friday, 17 January 2020 12:35 PM

මෙම පුවතෙහි සඳහන් පරිදි "චෝදනා 7573ක් යටතේ නීතිපතිවරයා විසින් " නඩු පවරලා තියෙන්නේ. හත්දෙයියනේ... මේ තරම් චෝදනා සංඛ්‍යාවකට නඩු පවරන්න මොන තරම් කාලයක් මිඩංගු කරන්න ඇද්ද නීතිපතිවරයා විසින්? අනිත් වැදගත් කරුණ නම් මෙතරම් වැරදි ප්‍රමාණයක් සාමාන්‍ය මිනිසෙකුට කළ හැකිද? චෝදනා 7573කින් අඩුවශයෙන් එකක්වත් සනාතකිරීමට නොහැකිවීම අපට නම් මහා පුදුමයකි.

:       9       353

සත්‍යපාල Friday, 17 January 2020 02:17 PM

මෙච්චර චෝදනා කන්දරාවක් තියගෙන නිදහස් කරපු එකනේ පුදුමේ. සමහරවිට වැරදීමක් වුණාදෝ දන්නෙත් නැහැ..

:       1       231

harindra Friday, 17 January 2020 02:50 PM

පළවෙනි චූදිතයා රටේ ලොක්කා වුණාම මොන කතාද..?

:       4       1037

බද්රානි Friday, 17 January 2020 03:39 PM

රටේ ජනතාවට හිමිවිය යුතු ධනය කොල්ලකන්නේ මේ රටේ වීරයෝ කියන එක අද බොහෝ අයට අමතක වෙලා වගේනේ මෙතන කමෙන්ට් දාන්නේ..? මෙතුමාට රටේ ලොකු තනතුරක් දෙන්න වටිනා පුද්ගලයෙක්. රටේ සිටින හිඟන්නන්ව තව තවත් හිඟන තත්වයට පත් නොකර මේ රට කවදාවත් ගොඩගන්න බැහැ. පාලකයින්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සතුට සමරන්න කිරිබතක් උයාගන්න තරම් වත්කමක් ලබා දුන්නොත් හිඟන්නන්ට ඒ හොඳටම ඇති... පරම ජනතා සතුට එයයි.

:       0       210

P. de. silva- North America Saturday, 18 January 2020 11:22 AM

මොකද මෙයා දැන් රෝද පුටුවල, ඇමෙරිකාවේ සුකෝපබෝගී වාහන හිරේ නැති හින්දද? මෙයා ඔය පැතිවලට පැනපැන ඉන්න විජේදාසගේ හොඳ මිතුරෙක්.. ඇමෙරිකා ගෙනත් ලිමවූ සීන් වලින් ඩිස්නි ලන්තේ එහෙම රවුම් ගස්සන්න මොහුට කොයින්ද මෙපමණ සල්ලි... හිටපු හමුදා මේජර්වරයෙකු හැටියට මේ සියල්ලම රාජපක්ෂලාගේ ඇති හිතමිතුරුකම් තමයි. හමුදාවේ සිටි කාලයේ ගෝඨාභයගේ කිට්ටු හිතවතෙකු විය යුතුයි. හෙට අනිද්දා ඔහුත් නිදහස් වේවි. පසුව එසේම දුමින්දත් නිදහස් වේවි. මේ නව රජයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරීත්වයයි. වැරදි ඇති ඔවුන්ගේ අය සියල්ලෝ නිදහස් කර ගනිති. කර කියාගත නොහැකි සියල්ලන් හට සපිරි ගෙය සහ සියලු වැඩ දඬුවම් සැමදා සදා උරුමයි.

:       0       210

Rata Perata Saturday, 18 January 2020 12:17 PM

රන්ජන් ඔප්පු කරන්න පුළුවන් විදියට අධිකරණයට ඇඟිලි ගැහුවා. කපටි අය හීන්නූලෙන් ඇඟිලි නෙමෙයි අතම දානවා.

:       0       163

saman Sunday, 19 January 2020 04:01 AM

චෝදනා දහස් ගණනකින් අඩුම වශයෙන් සියයක්වත් පවත්වාගෙන යාමටවත් නොහැකි තරමට නඩු දැමීමට තරම් නීතිපති දෙපතමේන්තුව දුර්වලද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වීඩියෝ දර්ශන




ගල්කිස්සේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 මැයි මස 05 2279 6

ගල්කිස්සේ වෙරළ පාර, ගාලු පාර අසල මීට සුළු මොහොතකට ඉහතදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.


‘ලූනූ බිකටත් පොර බදින්නේ නැතිව රට හදන්න එක්වන්න‘
2025 මැයි මස 02 858 11

ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක



මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1047 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 251 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1294 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site