IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


දෙවිනුවර පෙරහරෙ අලියකු කුලප්පු වේ

(ක්‍රිෂාන් ජීවක ජයරුක්) 

දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී වීෂ්ණු දේවාලයේ තෙවැනි පේලි පෙරහරේ ගමන් කළ “භානුක” නැමැති අලියකු හදීසියේ කුලප්පු වීමෙන් දැඩි කලබලකාරී තත්වයක් ඇති විය.

කුලප්පු අලියා පහර දීමෙන් ඇත් ගොව්වකු තුවාල ලබා ඇති අතර ඔහු වෛද්‍ය ප්‍රතිකාර සදහා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර සිටී.

ඉකුත් මාර්තු මස 21 වැනි දින දෙවීනුවර දේවාලය ඉදිරිපිට දී තරුණයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කළ ස්ථානයේ දී මෙම අලියා කුලප්පු වීම වීශේෂත්වයක් විය.

කෙසේ වෙතත් ඒ සමග පෙරහර නැරඹීමට පැමීණි පිරීස හිස් ලූලු අත දිව ගිය අතර එම නිසා දැඩි කලබලකාරී තත්වයක් ඇති වී තිබුණි.

පෙරහර ගමන් කිරීමද ටික වේලාවකට අඩාල විය.පසුව අලි ඇතුන් ඉවත් කොට පෙරහැර ගමන් කිරීමට සංවිධායක මණ්ඩලය පියවර ගන්නා ලදි.

කතරගම සිට රැගෙවිත් තිබු “භානුක” නැමැති අලියකු එසේ කුලප්පු වී තිබුණි. මැදමුලන පදිංචි තුවාල ලැබු ඇත් ගොව්වාගේ තත්වය බරපතල නොවන බව මාතර මහ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

කෙසේ වෙතත් සෙසු ඇත් ගොව්වන් හා වන ජීවී නිලධාරීන් එක්ව කුලප්පු වු අලියා දැඩි පරිශ්‍රමයක් යොදා මෙල්ල කර ගන්නා ලදි.



අදහස් (0)

දෙවිනුවර පෙරහරෙ අලියකු කුලප්පු වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 249 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 419 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 748 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site