(රංජිත් රාජපක්ෂ)

ලෝක ජනාවාස දිනයට සමගාමීව තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක් යන සංකල්පය යටතේ දිවයින පුරා නිවාස 5000ක් ජනතා අයිතියට පත් කිරිමේ වැඩසටහනට සමගාමීව නව නිවාස 31 ජනතා අයිතියට පත් කිරිම අද (05) සිදු කෙරිණ.

ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ඉදි කල නව නිවාස 18ක් පාර්ලිමේන්තු මන්ත්‍රීනි අනුෂ්කා තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන්ද, මහනුවර දිස්ත්‍රික්කයේ පස්භාගේ කෝරලයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ඉදි කල නව නිවාස 13ක්  පාර්ලිමේන්තු මන්ත්‍රීනි තුෂාරි ජයසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන්ද  ජනතා අයිතියට පත් කෙරිණි.

කොත්මලේ ප්‍රාදේයෙ ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ අඩු ආදායම් ලාභීන් 41 දෙනෙකු සදහා නිවාස ඉදි කිරිම් කටයුතු ආරම්භ කර ඇති අතර, ඉන් වැඩ නිම වූ නිවාස 18ක් මෙසේ ජනතා අයිතියට පත් කරන ලදි. 

හිසට සෙවනක් නොමැති අඩු ආදායම් ලාභී පවුල්වලට නිවසක් ලබා දීමට වතුමන් රජය මේ වසරේ කටයුතු කළා මෙන්ම ලබන වසරේදිද මෙම නිවාස යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන බව පාර්ලිමේන්තු මන්ත්‍රිනි තුෂාරි ජයසිංහ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.