IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ජාත්‍යන්තර මූල්‍ය ආයතන ජනපති සමඟ වට වටමේස සාකච්ඡාවක්

(අංජුල මහික වීරරත්න)

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට  බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවල සහාය ඇති සම්බන්ධීකරණ ආධාර වැඩසටහනක්  අවශ්‍ය බව ලෝක බැංකුව (WB), ආසියානු සංවර්ධන බැංකුව (ADB), ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) නියෝජිතයින් තීරණය කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ  කොළඹදී පැවති දීර්ඝ වට මේස සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණයට  එළැඹිණි.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් “ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ වර්ධනය කිරීම ඇතුළත් දීර්ඝකාලීන සංවර්ධන දැක්ම" සම්බන්ධ ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩසටහන මෙහිදී ඉදිරිපත් කරනු ලැබීය.

ලෝක බැංකුවේ උප සභාපති මාර්ටින් රයිසර් ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති ෂික්සින් චෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර්, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ආචාර්ය උර්ජිත් පටෙල් යන මහත්වරුන් සමග පැවති මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන,මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 



අදහස් (3)

ජාත්‍යන්තර මූල්‍ය ආයතන ජනපති සමඟ වට වටමේස සාකච්ඡාවක්

janahitha UAE Tuesday, 06 December 2022 02:26 PM

කලයුතු එකම දෙය නම් වංචාකරුවන් සහ ඔවුන්ගේ සහචරයන් පාලන තන්ත්‍රයෙන් ඉවත් කර දැමීම පමණි. වටමේස සාකච්ඡා දහසක් තිබුනත් වැඩක් නැත. මුලික විසදුම නැතිව.

:       6       3

Dharmatileke Tuesday, 06 December 2022 04:41 PM

අබුද්දස්ස කාලේ ලබුත් තිත්ත වෙනව කිව්ව වගේ වට මේසෙත් හතරැස් වෙලා.

:       2       0

ගලපර Tuesday, 06 December 2022 05:26 PM

සහතික ඇත්ත... මේ හොරු ආණ්ඩු කරනකන් සත පහක් දෙන්න එපා.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 699 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site