IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


කුලී යතුරුපැදිකරුවකුට වෙඩි ප්‍රහාරයක්

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මහරගම නාවින්න බස් නැවතුම්පළ ඉදිරිපිටදී හයිලේවල් මාර්ගයේ කූලි රථ සමාගමක ලියාපදිංචි යතුරුපැදියක යමින් සිටි පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ තරුණයකු කලුබෝවිල ශික්ෂණ කෝහලට ඇතුලත් කළ බව මහරගම පොලිසිය පවසයි.

තුවාල ලබා ඇත්තේ දෙහිවල කළුබෝවිල විමලසාර මාවතේ තරුණයෙකි.

මෙම පුද්ගලයා නුගේගොඩ දෙස සිට මහරගම දෙසට  යතුරුපැදියක යමින් සිටියදී එම දෙසටම ධාවනය වූ තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මීටර් දහයක් පමණ දුරට දිවගොස් වැටී ඇති බව පොලිසිය කියයි.

සිද්ධිය වාර්තා වීමත් සමඟ පොලිසිය පැමිණ තුවාලකරු කළුබෙල්ල රක්ෂික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.



අදහස් (1)

කුලී යතුරුපැදිකරුවකුට වෙඩි ප්‍රහාරයක්

Kamal Koyrala Thursday, 07 August 2025 11:40 AM

විදෙස් ගතව ඉන්න සංවිධානාත්මක පාතාල නායකයකුගේ මෙහෙයවීම මත කුඩු ආරවුලක් නිසා වෙඩි තිබ්බා

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 350 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 472 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site