IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


‘කළුවර වප් පෝය’ අවලංගු කරයි

 

(යොහාන් භාසුර)

ආගමික ස්ථානවල විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් සාධනීය පිළිතුරක් බලධාරීන්ගෙන් ලැබී ඇති බවත් විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධය දක්වමින් අද (9) පස්වරුවේ ආගමික ස්ථානවලවල විදුලි බුබුලු නිවා අඳුරේ තැබීමේ ක්‍රියාමාර්ගය අත්හිටුවූ බවත්  ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවසූහ.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ආගමික ස්ථානවල විදුලි ගාස්තුව සම්බන්ධයෙන් විසඳුමක් ඉදිරිපත් කර ඒ පිළිබඳව මහානායක ස්වාමීන් වහන්සේ දැනුවත්කර ඇති බව කී ඕමල්පේ සෝභිත නාහිමියෝ ආගමික ස්ථාන පොදු ආයතන ලෙස විදුලි බිල අඩු කිරීමට පියවර ගෙන ඇති බව ද සඳහන් කළහ.

‘කළුවර වප් පෝය’ ලෙස නම් කර තිබූ එම විරෝධතාව පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා සියලුම විහාරස්ථානවල විදුලි පහන් නිවා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ බව ද ඕමල්පේ සෝභිත නාහිමියෝ කීහ. 



අදහස් (6)

‘කළුවර වප් පෝය’ අවලංගු කරයි

Kamal Sunday, 09 October 2022 01:44 PM

වර්ජනය අසාර්ථකවෙන බව දැනිල වගේ

:       2       15

Kuke Sunday, 09 October 2022 02:13 PM

පංසලේ වායුසමීකරණ නිවාදැම්මනම් තුසිතෙට ගියා වගේ තියෙයි.

:       2       19

shanitha senarath Sunday, 09 October 2022 02:28 PM

තිළිණිගේ ව්‍යාපාරයේ තැන්පත් මුදල කීයද?දැන් කළුවර වෙලා ඇත්තෙන් හොඳටම

:       0       8

Prabha Sunday, 09 October 2022 03:13 PM

කොච්චර සල්ලි තිබුණත් හැම දේම පිනට ඉල්ලන්න ලැජ්ජා නැද්ද?

:       3       21

SUNIL MILANO Sunday, 09 October 2022 03:14 PM

ජාතියේ පාපයට උපන් හිමිවරු

:       0       8

Bamunuarachchi Sunday, 09 October 2022 05:29 PM

පන්සලේ විදුලිපහන් නිව්වාට නිදන කාමරේ AC විදුලිපහන් නිවාගෙන කළුවරේ ඉන්නේ නැහැ නේද?

:       4       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 114 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2037 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site