(එම්.සුසිල් පියන්ත සහ ගයාන් සූරිය ආරච්චි)
ගාලු පරේ කොස්ගොඩ හතරමංහන්දිය ප්‍රදේශයේදී නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් අද (11) රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමකින් ත්‍රීරෝද රථ රියදුරකු බරපතල තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කළ බව කොස්ගොඩ පොලීසිය කියයි.
වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි විවාහක අයෙක් බවද පොලීසිය පවසයි.
ඔහු සිය ත්‍රීරෝද රථයෙන් භාර්යාව සහ දරුවන් සමග යමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් මේ වෙඩි තැබීම සිදුකර තිබෙන බවද පොලීසිය සඳහන් කරයි.
මෙම වෙඩි තැබීමෙන් තුවාල වූ පුද්ගලයාගේ සොහොයුරෙක් වන බාලේ නමැත්තාටද මීට වසරකට පමණ උඩදී නාදුනන තුවක්කුකරුවන් තැබූ වෙඩි තැබීමකින් තුවාල පමණක් සිදුවී ජීවිතය බේරුණු බවද පොලීසිය කියයි.
අහුන්ගල්ලේදී වෙඩි වැදී බේරුණු බාලේ යැයි සිතා ඔහුගේ සොහොයුරාට මේ වෙඩි තැබීම සිදුකරන්නට ඇතැයි පොලීසිය සැකකරයි.
කොස්ගොඩ පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd