(යොහාන් භාසුර)
විදුලි ගාස්තු ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයෙන් එන කිසිඳු යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසම සැළකිල්ල නොගන්නා බවත් පනත වැරදි ලෙස අර්ථකනය කර විදුලි ගාස්තු ඉහළ දැමීම ‘සාමාන්‍ය ප්‍රතිපත්ති සැලසුම්’ යටතට ගෙන කැබිනට් මණ්ඩලය යෝජනාව ඉදිරිපත් කිරරීමට සූදානම් වන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (1) පැවසීය.
විදුලි ගාස්තු ඉහළ දැමීමේ ක්‍රමවේදය පැහැදිළිව පනතේ වෙනම දක්වා ඇති බව කී රත්නායක මහතා ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව විදුලිබල මණ්ඩලයෙන් ලැබුණ හොත් පමණක් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.
විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවට තොරතුරු ලැබී ඇති බව කී රත්නායක මහතා කෙසේ වෙතත් මෙම අවස්ථාවේ රටේ පවතින තත්වය මත විදුලි ගාස්තු ඉහළ දැමීමේ කිසිඳු අවස්ථාවක් නොමැති බව ද වැඩි දුරටත් කීය.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කොළඹදී අද (1) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Everyone should pay the cost of electricity they consume. If there is a loss to CEB it will be recovered from some other means through tax payers. In this country everyone expect everything free of charge. But they talk about developing the country. Not only politicians everyone steel as much as they can.
කෙසෙල් ගහට ඇනපු කොට්ටෝරුවා වගේ වෙයි.
ඇමති කාංචන දන්නේ ගාස්තු ඉහළ දැමීම පමණයි. ඒ වගේම අකණ්ඩව ඉන්ධන සපයන්න බැරිව QR කෝර්ඩ් එකක් හඳුන්වා දුන්නා. දැන දැනම ඩොලර් නොමැතිව ඉන්ධන ගෙනල්ල මාස ගණන් මුහුදේ තියං ඉඳල අනවශ්‍ය ප්‍රමාද ගාස්තුත් ගෙවනවා. වෙලාවට ගල් අඟුරු ගෙන්න නැතුව, නොරච්චෝල බලාගාරයේ එක් යාන්ත්‍රණයක් අක්‍රීය කරලා. දැන් පුද්ගලික අංශයෙන් වැඩි මිලට විදුලිය ගන්නවා. මේවා සැලසුම් සහගතව කරන හැන අපරාධාවල්. ඇත්තටම මෙයා අසාර්ථක ඇමති කෙනක්. දැනට තෙල් සහ විදුලියට ඇමතිලා තුන් දෙනක්. නමුත් කිසිම වැඩක් නැහැ.
ඔය කතා වැඩක් නැහැ. අපි විදුලි ගාස්තු වැඩි කරනව වැඩි කරනවාමයි.
මේ කාලකන්නි ආණ්ඩුව ගෙදර යවන්ට කාලය හරි.
විදුලි ගාස්තු ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය හෝ අවශ්‍ය කණඩායම් සමග සාකජ්ජා කර විසදුම් ලබගනාව මිස විශේෂ මාධ්‍ය හමු පැවැත්වීමට අවශ්‍ය නැත.
පෞද්ගලික අංශයට දීලා ඉවත්වීමයි සුදුසුම දේ.
කැබිනට් මණ්ඩලයටත් උඩින් ඉන්න රජයේ සේවකයෙක්?
කැබිනට් මණ්ඩලේට වඩා බලගතු විදුලිබල මණඩලේ.... මේ හැමෝටම වෝල්ට් 33000 වැදිලා වගේ...
එල බුවෙක් නේ
විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවට තොරතුරු ලැබී ඇති බව කී රත්නායක මහතා... තවම ඉදිරිපත් කරලත් නෑ. නිකන් පැනලා දෙනවා. ප්‍රශ්නේ එන්න ඉස්සර ප්‍රශ්නෙට පනිනවා. ඇමැතිතුමාට ඔය හැම එකක්ම අන්ත අසරණ වෙලා ඉන්න මහජනතාවගෙන්ම කඩාගන්න බලන්නේ නැතුව ඕකේ තියෙන දූෂණය 10%ක් වත් අඩුකරන්න බලන්න. ඇමැතිවරු හිටියට කිසිම නිර්මාණශීලී කෙනෙක් නෑ. අළුත් විදියට වැඩක් කරන්න එක්කෙනෙක්වත් නෑ. බදුම වැඩිකරලා මිනිස්සු මතම හැම කෙනාම බර පටවලා ඔවුන්ගේ පාඩු පියවා ගන්නවා. මහජනතාවට වන පාඩුව කවුද ගෙවන්නේ...?
දැන් මෙයා ගහන බයිලා එක මොකක්ද? මට නම් සැකයි...
මේපාර චන්දෙටවත් එනවද. නැත්නම් කාගේ හරි බළල් අතක් වෙලාද.