(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නිසි ප්‍රමිතිය නොමැතිකම හේතුවෙන් ඔසුසල් අසූ දෙකක බලපත්‍ර අත්හිටුවා ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය.
ඔසුසල් 219ක බලපත්‍ර යාවත්කාලීන කිරීමද තාවකාලිකව අත්හිටුවා ඇති බව ඔහු සඳහන් කළේය.
ඉන් ඔසුසල් 137ක බලපත්‍ර යාවත්කාලීන කර නැත්තේ ඖෂධවේදීන් ඒවායේ පූර්ණකාලීනව සේවයේ නොයෙදවීම හේතුවෙන් බවත් පූර්ණ කාලීන ඖෂධවේදියෙකු ඉදිරිපත් කරන තෙක් බලපත්‍ර යාවකාලීන කිරීම නොකරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
ඖෂධවේදීන් නැති ඔසුසල් සඳහා බලපත්‍ර ලබාදිය නොහැකි බව කී අමාත්‍යවරයා සුදුසුකම් සම්පූර්ණ කළ ඔසුසල් 1820කට බලපත්‍ර ලබාදී ඇතැයිද පැවැසීය
ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර ඔසුසල් වලින් බෙහෙත් වර්ග නිකුත් කරනවිට පැහැදිලි අත් අකුරෙන් ලිවීම වෛද්‍යවරුන්ටත්, එම ස්ථානවල සේවය කරන අයටත් අනිවාර්ය කරවන්න. පුළුවන් නම් විශේෂ බෙහෙත් වර්ග සහිත වෙබ්සයිට් එකක් සාදා එම බෙහෙත් ගන්නා ලෙඩරෝග, අතුරුඵල විපාක, සහ පරෙස්සම්විය යුතු ආකාරය පිළිබඳව අවබෝධයක් දෙන්න..
සමහර ෆාමසි නමට විතරයි විකුණන්නේ... සිල්ලර බඩු ෆාමසි බෝඩ් එක නිසා හැමදාම ඇරලා ඒ නිසා අපි ගෙදරට බඩු ගන්නේ ෆාමසියෙන්...