(ඩයනා උදයංගනී)
උප තැපැල් ස්ථානාධිපතිවරියක ප්‍රසූත නිවාඩු ලබාගැනීමේදී තම වියදමින් ආදේශකයකු සේවයේ යෙදවිය යුතු අතර, ඒ සඳහා ඔවුන්ට දින 30ක් සඳහා ගෙවන ආදේශක දීමනාව දින 84ක දීමනාවක් දක්වා වැඩිකිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ශ්‍රී ලංකා උප තැපැල් ස්ථානාධිපති සේවා ව්‍යවස්ථාවට අනුව උප තැපැල් ස්ථානාධිපතිවරියකට දරු ප්‍රසූතියකදී තම වියදමින් ආදේශකයතු යොදවා ගැනීමට යටත්ව ප්‍රසූත නිවාඩු ලබාගැනීමේ හිමිකම ඇති අතර, එම කාලසීමාව තුළ ආදේශක දීමනාව වශයෙන් දින 30ක දෛනික වැටුපට සමාන දීමනාවක් පමණක් ගෙවනු ලබන බව ඇමතිවරයා සඳහන් කළේය.
ඉන්පසු නිවාඩු ලබාගන්නේ නම් තම වියදමින් ආදේශකයකු යෙදවිය යුතු බැවින් බොහෝ උප තැපැල් ස්ථානාධිපතිවරියන් තම ප්‍රසූත නිවාඩුව දින 30කට සීමා කරන බව පෙනී යන නිසා, ඔවුන්ට ගෙවන දීමනාව දින 84ක් දක්වා වැඩි කිරීමට තීරණය කළ බව ද ඇමතිවරයා කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ ද බන්දුල ගුණවර්ධන මහතා විසිනි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
උප තැපැල් ලොක්කියන්ට වාසියක්