IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


අරාබියේ විශාලතම ගුවන් යානා දෙක ආධාර රැගෙන මෙරටට

(ටී.කේ.ජී.කපිල ) 

ශ්‍රී ලංකාවට ආපදා ආධාර තොග රැගෙන ආ ලෝකයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් කටුනායක ගුවන් තොටුපොළ වෙත  අද (09) පස්වරුවේ පැමිණ තිබූ අතර , ඒවා එකිනෙකට සමීපව නවතා තිබීමේ විරළ අවස්ථාවක් දැක ගැනීමට හැකි වී තිබුණි .

මෙවැනි විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළ වෙත මේ දිනවල නිතර පැමිණිය ද මේ ආකාරයට , 12/09 දින ආසන්න වේලාවල පැමිණ , එකිනෙකට සමීපව , ආසන්න ගුවන් යානා අංගනය තුළ නවතා තිබීම විශේෂත්වයකි .

මින් පළමු ගුවන් යානය 12/09 දින පස්වරු 01.20 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාව සතු සී.- 17 වර්ගයේ ගුවන් යානයක් වූ අතර , එය අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

අනෙක් ගුවන් යානය 12/09 දින පස්වරු 01.55 ට ඉන්දියාවේ ගුවන් හමුදාව සතු සී.- 17 වර්ගයේ ගුවන් යානයක් වූ අතර එය ඉන්දියාවේ  බටන්ගූර් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .



අදහස් (2)

අරාබියේ විශාලතම ගුවන් යානා දෙක ආධාර රැගෙන මෙරටට

Ruwan R Tuesday, 09 December 2025 05:27 PM

ජනපතිතුමනි, ඇතිවිය හැකි ව්‍යවසන රැල්ලකට අප රට මුලින්ම හසුවූවා විය හැක. එසේ වී නම් ඒ අපගේ වාසනාවක්මයි. මෙසේ ලැබෙන ආධාර මතු අනාගතය ගැන සිතා නිසි කලමණාකරණයකින් භාවිතා කරන්න. ස්වභාවික ආපදා උවදුරු මෙම සිදුවීමෙන් 100% පහව ගිය ලෙස තැකීම අණුවනකමකි. විදෙස් ආධාර හා රජයේ මුදල් ආධාර ලෙස ලබාදීමේදී සියලු රට වැසියාගේ ඉදිරි අනාගතය සහ නැවත ආපදා ඇතිවීමේ අවධානම පිළිබදව ද අවධානය යොමුකළ යුතුව ඇත.

:       0       17

Akila Kulrathne Tuesday, 09 December 2025 06:21 PM

අරාබියේ විශාලතම ගුවන් යානා දෙකක් නොව එකක් නේද..? එකක් අරාබියේ. අනික ඉන්දියාවේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 424 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 453 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site