IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


අයිස් ෆැක්ට්‍රියේ කෝටි 250ක අමුද්‍රව්‍ය මිද්දෙණියෙන් ගොඩ ගනියි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඩී.ජී. සුගතපාල)

ඉන්දුනීසියාවේ ජාකාර්තා නුවරදී අත්අඩංගුවට ගත්  කෙහල්බද්දර පද්මේ විසින් නුවරඑළිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය සඳහා රැගෙන ආ බව කියන රුපියල් කෝටි 250 ක් පමණ වටිනා රසායනික ද්‍රව්‍ය තොගයක් මිද්දෙණිය තලාව ප්‍රදේශයේ වත්තක වළඳමා තිබියදී සොයා ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි

පසුගියදා මෙරටට  රැගෙනා ආ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් පස්දෙනාගෙන් තිදෙනෙකුවන කෙහෙල් බද්දර පද්මේ, පානදුරට නිලංග හා කොමාන්ඩෝ සලින්ත යන තිදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේත් බැකෝ සමන්ත සහ  ලහිරු මදුසංක නොහොත් තැඹිලි ලහිරු යන දෙදෙනා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසේ  රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටී.

ඒ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී රෝහන් ඕලුගල මහතාගේ උපදෙස් මත මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතා විසින් බැකෝ සමන්ත නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී එලෙස රැගෙන ආ රසායනික ද්‍රවය අඩංගු කන්ටේනර් දෙකක් මිද්දෙණිය ප්‍රදේශයේ සඟවා ඇති බවට තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වී ඇත

පෑලියගොඩ උතුරු අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක රෝහන් ඕලුගල මහතාගේ උපදෙස් මත මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි



අදහස් (4)

අයිස් ෆැක්ට්‍රියේ කෝටි 250ක අමුද්‍රව්‍ය මිද්දෙණියෙන් ගොඩ ගනියි

යෝගා Friday, 05 September 2025 07:24 PM

අර පන්නපු කන්ටේනර් 323න් 2ක් වෙන්න පුළුවන් මේවා.

:       29       39

WicramaFriday, 05 September 2025 09:35 PM

දැන් නම් ඔක්කෝටම කෙදිරි ගෑවෙනවා ඇති.

:       1       13

සමන් Saturday, 06 September 2025 03:25 PM

ඔතන චෙෆ් (කුඩු හදපු කෙනා) ඉක්මනට අල්ලාගෙන නීතිය ක්‍රියාත්මක කරන්න. එයාට පුලුවන් ඕනේ තැනක බඩු හදන්න...

:       1       4

Lalla Saturday, 06 September 2025 09:50 PM

නිල් බලකායේ අණ දෙන නිලධාරී නාමල් ගැටය මේවට සම්බන්ධ නැතිය..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30616 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12616 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10913 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 801 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 244 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 889 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site