IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


අන්තරේ පා ගමනට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

(ඩයනා උදයංගනී)

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ආරම්භ කළ පා ගමනට අග්‍රාමාත්‍ය කාර්යාලය අසල දී පොලීසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කරනු ලැබිණි. 

පා ගමනට එක්වූ පිරිස ගාලු පාර ඔස්සේ පැමිණ කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය අසලින් ගමන් කරමින් සිටියදී මෙම කඳුළු ගෑස් හා ජල ප්‍රහාරය එල්ල විය.

පොලීසිය මේ වන විට පා ගමන ඉදිරියට යාම වැළැක්වීම සඳ්‍හා මාර්ග බාධක යොදමින් සිටින බව ද වාර්තා වේ. 

අගමැති කාර්යාලය අසලදී පිරිසකට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වුවත් පිරිස තවදුරටත් ඉදිරියට ගමන් කරමින් සිටිති. 

(ඡායාරූප: ගයාන් අමරසේකර)

 



අදහස් (12)

අන්තරේ පා ගමනට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

de silva Friday, 18 November 2022 04:05 PM

මේක සාධාරණ උද්ඝෝෂණයක්...

:       125       40

Suicide BomberFriday, 18 November 2022 07:13 PM

ඊලඟ සැරේ කඳුළු ගෑස් නොවේ... ඩයිනමයිට් ගෑස් වදින්නේ...! මිනිස්සුන්ට නොපෙනෙන්න ආරක්‍ෂක හමුදා සීරුවෙන් තියලා ඇයි කියලා දන්නවාද?

:       6       6

saali Friday, 18 November 2022 04:23 PM

හැමදාම මහපාරේ.. රස්තියාදු කාරයෝ...

:       42       146

විපරමා Friday, 18 November 2022 04:34 PM

අරගලයට පින් සිද්ද වෙන්න ආපු පින් ජනපතියා... ජනතාව පාරට බැහැලා උද්ඝෝෂණය කරන්නේ දූෂිත, මජර දේශපාලුවන්ට... දූෂිත තීරණවලට විරුද්ධව... අසාධාරණ විදියට හිරකරගෙන ඉන්න වසන්ත, සිරිධම්ම හිමි නිදහස් කළ යුතුයි. රටම විනාශ කරපු මහාපරිමාණ හොර, දූෂිත දේශපාලුවන් අද නිදහසේ සුවසේ ඉන්නවා. හරි නම් සදහටම හිරේ ඉන්න ඕනේ...

:       84       35

ranjith Friday, 18 November 2022 04:58 PM

මේ රටේ උගත් දරුවන් ටික මේ ඉන්නේ... 225 වගේ නෙවෙයි..!

:       79       28

Lal Friday, 18 November 2022 04:59 PM

තේරුමක් නෑ... යමක් කරන්න... කාලය නාස්ති කරනවාට වඩා...

:       14       105

Santhu Friday, 18 November 2022 05:36 PM

අරගලයට පින් සිදුවෙන්න රස්තියාදු කාරයින්ටත් වෙනත් දේ ලැබෙනවනේ බෝඩ්ස් වල මොනවා හරි ලියලා දීලා" මෙන්න මේවා කියලා කෑගහමින් පාර දිගේ යන්න කියලා" කිව්වම... ඒකෙන් රටටවත්, තමුන්ටවත් සෙතක් වෙනවද? නැහැනේ... නුදුරේදීම ඇස් පෙනීම දුර්වල වෙනවා. කඳුළු ගෑස් නිසාම...

:       19       130

සමිත සේනක අලුත්ගමගේ. Friday, 18 November 2022 05:49 PM

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය දේශපාලුවන් ගේ රෙදි අස්සේ වෙන්න ඇති තියෙන්නේ... එසේ නැතිව, එහෙම දෙයක් තියෙන තැනක් අපට නම් පේන්නේ නැහැ. රටම හොරා කෑ පොහොට්ටු හොර නඩයට එරෙහිව ජනතාව පාරට බැස්සා. හොරුන් අල්ලන්න බැහැ. රට හොරා කා බංකොලොත් කළ වුන් තවමත් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඉතිරි අයද සුවසේ නිදැල්ලේ. ඒත්, දඬුවම් දෙන්නේ හොරකමට, දූෂණයට එරෙහිව පාරට බැස්ස අයටයි. හොරු අල්ලන්න කිසිම වුවමනාවක් නැහැ. මේ රටේ තවමත් සත්‍ය වටහා ගන්න බැරි මන්ද මානසික අය ඉන්නවා. කොළඹ රජයේ කාර්යාලයක මා දන්නා එක්තරා කාන්තාවක් සිටිනවා. විශ්ව විද්‍යාලයේ සිසුන්ට පොලීසියෙන් ගහන දර්ශන රූපවාහිනී නාලිකාවල දුටුවිට "හොඳ වැඩේ තව ගහපන්" යනුවෙන් සතුටින් ඇය උඩ පනිනවා. මේ මිනිසුන් මේ පාරට බැස්සේ රට කෑ හොරුන්ට එරෙහිව බව ඒ වැනි අයට වටහා ගැනීමට බුද්ධියක් නැහැ. හොඳ වෙලාවට වලිගය නැත්තේ. තිබුණා නම්, ගවයින් කියා හොරු මරන් කනවා...

:       62       20

Bamunuarachchi Friday, 18 November 2022 06:50 PM

මොවුන් දැන් මෙහෙම නම් ජෙප්පන්ට බලය ලැබුණොත් තුණ්ඩු කෑල්ලෙන් රටපාලනය කරාවි. මේ ගොබ්බයින්ට නොතේරෙන දේ තමයි මෙවැනි උද්ඝෝෂණ නිසා ජෙප්පන්ට ඡන්දය දැමීමට මිනිස්සු කීප සැරයක් හිතන බව... මේවායින් මොවුන්ට අවාසියක් මිස කිසිම වාසියක් අත්වෙන්නේ නැත...

:       8       58

සත්‍ය ගවේෂී.Friday, 18 November 2022 07:56 PM

මේ ගොයියාත් අර ඉහත ලිපියේ සඳහන් මන්ද මානසික කාන්තාව වගේම කෙනෙක්.රට කෑ හොරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවන්න කියා බලපෑම් එල්ල කරන විට, ඒ අයට පොලීසියෙන් ගහන විට තව ගහපන් කියා සතුටු වෙනවා.කතාව ඇත්ත.වෙලාවට වලිගය නැත්තේ.තිබුණා නම්,ගවයන් කියා හොරු මරාගෙන කනවා.

:       4       3

mp Friday, 18 November 2022 06:59 PM

මේ කම්බ හොරුන්ට පාඩමක් උගන්වන්නේ කවදා හරි ඔවුන්ගේ කර්මය විසින්මයි...

:       28       5

sharm warn Monday, 21 November 2022 09:20 AM

මෙරට සැබෑ උඩ්දමනය115% කියල මෙතන කොල්ලන්ට සාප කරන අහිංසක ප්‍රෙක්ශකයො දනන්වද දන්නෙ නෑ. . එ උඩ්ධමනයට හේතුව මෙ පාරෙ ඉන්න ලමයි නැතිනම් අර පරම්පරා ගානක් තිස්සෙ දියවන්නාවෙ හරක් ගාලෙ ලැගගෙන ඉන්න නාකි මොටයි සහ පාදඩ හොරු කියලා තේන අය මෙතන ඉන්නවද? ( මෙක පල වුනොත් ඩිස්ලයික් වැටෙන ගානත් කියන්නම්. . ඔනම නම්.. හි හි )

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 175 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 54 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 744 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site