(මොහොමඩ් ආසික්)
මහනුවර - මාතලේ මාර්ගයේ හතේ කණුව ප්රදේශයේදී කොන්ක්රිට් මිශ්රණ ප්රවාහනය කරන ලොරියක් පෙරලමෙන් වාහන 10කට ආසන්න ප්රමාණයකට හානි සිදුව ඇතැයි පොලිසිය කියයි.
මෙම අනතුරින් 5 දෙනකු පමණ මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි ද වාර්තාවේ.
ත්රිරෝද රථ හතරක්, ලොරි රථ දෙකක්, යතුරු පැදි තුනක් අනතුරටපත් වාහන අතර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න, එක නොහික්මුණු රියදුරෙක් නිසා ජීවිත කීයක් නම් හානි වුණාද කියලා. මේ වගේ මිනිස්සුන්ගේ ජීවිතාන්තය දක්වා බලපත්ර තහනම් කරලා හිරේ දාන්න ඕන. මේවා දවස ගානේ දැක්කත් කිසිම කෙනෙකුට ගාණක්වත් නැහැ. ඇත්තටම මේවා දකිද්දී පුදුම දුකක් හිතෙන්නේ. අපි තාම නිකන් සත්තු වගේ හැසිරෙන්නේ. අනෙකා ගැන කිසිදු තැකීමක් නැතිකම. මෝඩයෝ. මේ වගේ පටු ජනාකීර්ණ පාරක මොනතරම් පරිස්සමෙන් යන්න ඕනද? දඬුවම තමයි මේකට එකම බෙහෙත.