යෝෂිත - ඩේසි ඇප මත මුදා හරියි
වසර තුනක කාලයකදී විශූද්ධීකරණය කළ මුදලින් රුපියල් කෝටි 08 කට අධික මුදලක් යොදවා රත්මලාන හා දෙහිවල ප්‍රදේශ වලින් ඉඩම් ඇතුළු දේපල මිලදී ගත් බවට වු අධිචෝදනා පත්‍ර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතාට සහ නැන්දම්මාට බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු අදිත්‍ය පටබැඳිගේ මහතා රුපියල් ලක්ෂ 05 බැඟින් වටිනා ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදා හැරීමට අද (04) නියෝග කළේය.