(ඩයනා උදයංගනී)
ඇමතිධූර ලබාගන්නා අය වසර දෙක හමාරක් තුළ අමාත්‍යධූරයේ වගකීම් නිසි ලෙස ඉටු නොකළහොත් ඔවුන් මාරු කළ යුතු යැයි කැබිනට් ප්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
දක්‍ෂතා නොදක්වන ඇමතිවරුන් වෙනුවෙන් එළඹෙන මහ මැතිවරණයෙන් පසු එවන් ක්‍රියාමාර්ගයක් ගන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන බව ද බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
සංස්ථා, මණ්ඩල ඇතුළු ආයතනවල ප්‍රධානීන් ලෙස පත්කරන අයට ද එම ආයතතන වසරක් තුළ ලාභ ලබන මට්ටමට ගෙන ඒමට හෝ ආයතනය පවත්වාගෙන යා හැකි මට්ටමට ගෙනඒමට නොහැකි වුවහොත් තනතුරු වෙනස් කරන බවට උපදෙස් දී ඇති නිසා අමාත්‍යවරුන් සම්බන්ධවත් එවන් ක්‍රමවේදයත් අනුගමනය කිරීම සුදුසු බව අමාත්‍යවරයා කීවේය.
අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ‘ කලාකරුවන් මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් හා මහකොමසාරිස්වරුන් ලෙස පත්කිරීම සාර්ථකද?’ යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
දක්‍ෂතා නොදක්වන්නන් ඉවත් කිරීමේ ක්‍රමවේදයක් යටතේ ඉදිරියට යා හැක්කේ දක්‍ෂයන්ට පමණක් බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේය.
ආයතනවල සභාපතිවරුන් පත්කරන කමිටුව පත්වීම් ලබාදෙන්නේ සාධක ගණනාවක් සළකා බැලීමෙන් පසුව බව ද අමාත්‍යවරයා කීවේය.
පුද්ගලික අංශය ඉදිරියට යන්නේ ද ඉලක්කයකට අනුව වැඩකිරීම නිසා යැයි බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල අනුව සියලු දෙනාම එක් නීතියක් යටතේ වැඩ කරන රටක් බවට ශ්‍රී ලංකාව පත්විය යුතු බව කී ඇමතිවරයා එය ඇමතිවරුන්ටද අදාළ විය යුතු බව කියා සිටියේය.
COMMENTS
රු.2500කින් මාසයක් ජීවත් වෙන හැටිත් පෙන්වන්න කියයිද මන්දා..? අපරාදෙ කියන්න බැහැ. අපේ ආර්ථික ඔස්තාර්ගේ මොලේ තමයි මොලේ...
ඇමතිතුමා, එහෙම කරන්න ගියොත් එහෙම රටේ ඇමැති මණ්ඩලයක් ඉතුරු වෙන එකක් නැ නේද?
නිසි මිනුම් දඬු හඳුන්වා දෙන්න ඇමතිතුමා ඒ අයවැඩ කලේ කොහොමද කියලා සොයා බලන්න නිකම් ඔහේ හිස් කතාවක් නොකර... ජනතාවටම ඒ කාරිය පවරන්නකෝ... එයාලා හරියටම සොයාබලා තීරණයක් ගනීවි.., වැඩ කරන සහ නොකරන අය ගැන...
කතාව නම් ඇත්ත බන්දුල උන්නැහේටත් එම අදහස් අදාළ ඇතිනේද?
යමෙක් වගකිවයුතු ඇමති ධුරයකට පත්කිරීමේදී ජනපතිගේ කාර්ය වන්නේ ඒ සඳහා උගත්, කාර්යශූර, නිවැරදි තීරණ හා සපයා ඇති පහසුකම්වලින් උපරිම ප්‍රයෝජන ගත හැකි, අය පත්කිරීම මිස, අවුරුදු දෙකහමාරක් ටෙස්ට් කර මාරුකර හෝ එලවාදැමීම නොවේ. පත්වී එන අයගෙන් සුදුස්සා නිවැරදිව තේරීමයි. මහජනයාගේ යුතුකම වන්නේ තමා විසින්, ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්වා පත්කර යවනු ලබන නියෝජිතයන්, උගත්, නිවැරදි තීරණ ගත හැකි හා දූෂණයෙන් තොර අය යැවීමයි. එවිට ඔවුන්ට උගත් රජයේ නිලධාරීන් හමුවේ නිවැරදි තීරණ ගනිමින් රජයේ සේවය තවතවත් ශක්තිමත් කළහැකි වනවා පමණක් නොව ජනපතිතුමා අපේක්ෂා කරන මහජනයාට හානිකරන බාධක ඉවත් කළ හැකිය. එසේ නොමැති වුවහොත් රටේ ඉදිරිගමන ප්‍රමාද වන අතර ඉදිරියටත් කණගාටුදායක සිදුවීම් සිදුවීම වැළැක්විය නොහැකිය...
තනතුරේ වගකීම් හරියට ඉටුකරන දේශපාලුවන් කොහේද ඉන්නේ? පිනට ලැබෙන වරප්‍රසාද භුක්ති විඳගෙන සුවෙන්, සැපෙන් ඉන්නනේ කවුරුත් බලන්නේ...
අවුරුදු 2 1/2ක් කාලා ගියාම අනෙත් කෙනත් එ්කම කරලා යයි. අවුරුදු 5ක් ගෙවිලා රට බංකොලොත් වී හමාරයි. අනේ ආචාර්ය මොලේ.... දැනුත් අවසානේ.. ඒකම තමයි රටට වෙලා තියෙන්නේ. මෙයත් පුත්තලමේද? දැන් නැති නිසා ඇහුවේ... ඔයාට තව ගොඩක් දේවල් ඉගෙනගන්න තියනවා.
අනේ ඔයාල ඔක්කොම ගියාම අපිට කවුද ඉතිරිවෙන්නේ ?
අනේ මගේ කට. මේ අයට ලියන කියන දේවල් හරියට තරාවගේ පිටට වතුර වත් කරනවා වගේ.
එදා රුපියල් 2500 යෙන් පවුලකට මාසයක් කන්න බොන්න පුළුවන් කියපු කෙනානේ මේ.
ඇමතිතුමා නිකං බයිලා කියන්නෙ නැතුව අර 2500 ය මේ සැරේ 3000 වත් කරන්න.
අපි කියන්නෙත් ඕකම තමයි.
වගකීමක් දරන්න පුළුවන් නිසානේ බාර ගන්නේ. බැරි නම් යන එක තමා හොද. කරතොත් කරපන් හරියට නැතිනම් බැහැපන් එලියට යන නියායෙන් තමයි රට කරවන්න ඕනෑ.
එතකොට මෙයා මාරු කරන්න කාලේ හරිද.?
ඔය කියන්නේ, හිසේ අමාරුවට කෝට්ටේ මාරු කරන්න කියලා. ඊයේ පෙරේදා ජනමාධ්‍ය තුලින් දැක්කේ රජගෙදර කවටයා ගොන්පාට් දානවා. එක හොරෙක් පළවැනි අවුරුදු දෙකහමාරක් හොරකම් කරහාම ඊළඟට එන කෙනා ඊළඟ දෙකහාමාර හොරකම් කළා අවුරුදු පහෙන් පස්සේ මහජනයාට වෙන්නේ උඩ බලාගෙන ඉන්න. මහජනයා කලයුත්තේ නුගත් හා නමගිය "උගත් යයි කියාගන්නා" හොරුටික ගෙදර යැවීම මිස නැවත නැවත පත්කර යැවීමෙන් තම තමන්ගේ වළ කපාගැනීමක් නොව.
අපි දන්නවානේ අවුරුදු 10 ක් තිස්සේ කරපුවා. අධ්‍යාපන අමාත්‍යංශය තිබුණේ ඒකාලේ හෝමාගම. මිනිස්සු 2500/- ට කාලා ඇඳලා සුර සැප වින්දා. එක අතකට ප්‍රභාකරන් කියපු දේ හරි. සිංහල මිනිසුන්ට සති දෙකයි මතක තියෙන්නේ සේරම. ඔය බයිලා මෙයාලගේ ඊළඟ මහ මැතිවරණය එනකම් විතරයි. ඊට පස්සේ මෙයාලා දිනුවොත් ඔය කියන ඒටා සේරම හිරු දුටු පිණි මෙන් වාෂ්ප වෙයි.