IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


‘හරිගියත් වැරදුණත් අගමැති ඉවත් කිරීමේ සටන දිගටම කරනවා‘ - නිශාන්ත මුතුහෙට්ටිගම

 


(අමල් වික්‍රමරත්න)

‘අග්‍රාමාත්‍යවරයාට මේ වෙද්දි මුළු රටේම  අප්‍රසාදයක් තියෙනවා. ඒක මැතිවරණ ප්‍රතිඵල වලින් ප්‍රකාශයට පත් වුණා. අපිට මේ රට ගොඩනගන්න බැරි ලොකුම පිළිලය  පාර්ලිමේන්තුවෙන්  ඉවත් කිරීමේ ,  බලතල වලින් ඉවත් කිරීමේ කර්තව්‍යට අපි අත ගැහුවේ මේක හරි ගියත්  මේක වැරදුණත් මේ සටන අපි දිගටම කරනවා. ‘ යැයි   වරාය සහ නාවික කටයුතු නියෝජ්‍ය  අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසීය.

අද (23) පෙරවරුවේ බද්දේගම සහ යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවලට තේරී පත්වූ සභිකයන් දිවුරුම් දීමේ අවස්ථාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා එසේ පැවසීය.

එහිදී මාධ්‍යවේදීන් අසනලද ප්‍රශ්න වලට පිළිතුරුදුන් එමහතා මෙසේද පැවසීය.

‘පාර්ලිමේන්තුව ඇතුළත වගේම ඉන් පිටතත් වර්තමාන අග්‍රාමාත්‍යවරයා ගෙදර යවනතුරු මේ සටන අත්හරින්නේ නෑ.පක්ෂ පාට භේදයක් නැතිව අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අතිගරු ජනාධිපති තුමාට  පසුගිය ජන්දය අවසන් වෙලා සතියක් යද්දී දැනුම් දුන්නා මේ හොරත් එක්ක ගමනක් යන්න බෑ කියලා.

හොරකම වංචාව දුෂණය තියෙන්නේ අරලියගහ මන්දිරය ඇතුලේ. එයින් එළියේ නෙමෙයි.  මහා බැංකු හොරකමේ ප්‍රබලම චුදිතයා අර්ජුන මහේන්ද්‍රන් ඉන්නේ අරලිය ගහ මන්දිරය ඇතුලේ.පිටරට නෙමේ අපි හොයන්න ඕන.

ඒ තරම් විශ්වාසනීය, මෙ රටේ ඉහළම පුටුව දෙන්න අග්‍රාමාත්‍යවරයා කටයුතුකළ එක ගැන අපේ දැඩිඅප්‍රසාදය තියෙනවා.අපේ දැඩි විරෝධය තියෙනවා.එක තමයි අපි ප්‍රකාශ කරේ. මේකට අපි කාගෙන්වත් අවසර ගත්තේ නෑ.මේක ජනතාව අපිට දීපු අවසරේ ‘ යැයිද නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසීය.



අදහස් (10)

‘හරිගියත් වැරදුණත් අගමැති ඉවත් කිරීමේ සටන දිගටම කරනවා‘ - නිශාන්ත මුතුහෙට්ටිගම

sirimal Friday, 23 March 2018 10:34 AM

වැට උඩ ඉඳගෙන ආණ්ඩුව වට්ටන්න කටයුතු කරන කට්ටියගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද? මේ සේරම " පතෝල බණ්ඩක්කා" වගේ ඉන්න නිසානේ. වෙන මොනවද? 2020 දී "3 වෙනි තැනට ආව මදැයි" කියල අත්දෙක පොරවාගෙන පරණ කෙනාට බලය පුජාකරලා පැත්තකට වෙන්න කටයුතු කරන බව තමා පෙනෙන්නේ.

:       191       140

රවින් Friday, 23 March 2018 10:52 AM

හරි ප්‍රතිපතියක් නැතිකම. තමන් සිටින තැන තමන් විසින්ම විවේචනය කරනවා කියන්නේ තමන්ගේ නුසුදුසු කම මිස අනිකාගේ නුසුදුසුකම නොවේ. අර පහුගියකාලේ තිබුනේ සින්දුවක් " මේ රටේ මිනිස්සු කෙලින්නේ පිස්සු ....................... " ඔං වැඩ.

:       533       530

Aluthgama A. Samathasena. Friday, 23 March 2018 11:18 AM

මේ වගේ මිනිස්සුන්ව පාර්ලිමේන්තු එව්ව අයට බුවල්ලක් දෙන්න ඕනා තමුන්ටම තලාගන්න.

:       348       431

Galle sanjeewa Friday, 23 March 2018 01:31 PM

මෙයා බලන්හිටියේ ආයේ කවද්ද මහින්දට එකතුවෙන්නේ කියලා බලබලා තමයි. මේ අයට ඇමතිකම් දීලා කරපු මෝඩකමක්... කෝ වඳුරඹ ස්ටේජ් එක ගිනි තියපුවට නඩු ?

:       305       402

kumar (galf) Friday, 23 March 2018 02:32 PM

මෙන්න හරියටම, නීතියටම, සාධාරණයටම වැඩ කරන අයෙක් !

:       4       115

Don Saturday, 24 March 2018 03:06 AM

ඡන්දෙ කාලේ සිටේජ්වලට ගිනි තියපු අයට නියෝජ්‍ය ඇමැතිකම් දෙන්න තරම් මෝඩයි.

:       0       0

ajithkaru Saturday, 24 March 2018 05:57 AM

ආ මේ අපේ බස් ඩ්‍රයිවර් මහත්තයනේ. වැරදි බස් එකකට ගොඩවෙලා අන්දුන් කුන්දුන් වෙලා වගේ කතා කරන්නේ..

:       1       1

Shan Saturday, 24 March 2018 08:07 AM

මේ වගේ මිනිස්සු වීරයෝ වෙලා ඉන්නේ ලංකාවේ නිසාම හොඳයි. රනිල් එක්ක බලනකොට මේ කව්ද?

:       0       0

sirimal Saturday, 24 March 2018 10:58 AM

මහින්ද රාජපක්ෂ දිනවීම සඳහා කටයුතු කර ඔහු පරාජය වූවාට පසු අලුත් ආණ්ඩුවට කර ගහපුදා සිට ඒක වට්ටන්නේ කොහොමද කියලා හිතේ තියාගෙන වැඩ කරපු කට්ටිය කියන කතා සාවධානයෙන් අසා සිටිය යුතු වෙයි. එවැනි පුද්ගලයින්ගේ ගුණමකු කම කෙසේවෙතත් වත්මන් ජනාධිපතිවරයා එම පුටුවට ඔසවා තැබූ රනිල්ට එරෙහිව ආණ්ඩුවේ කොටසකගේ දායකත්වය ලැබුන හොත් සිදුවිය හැක්කේ ජනාධිපති වරයාගේ "බෙල්ල ගලවා අතට දෙන" ආකාරයට සැලසුම් කර ඇති එ්කාබද්ධයේ කුමන්ත්‍රණය සාර්ථක වීමයි. ශ්‍රීලනිපයේ සිටින 8 දෙනෙකු හැර අති බහුතරයක් එකාබද්ධය සමග එකඟතාවයකින් ක්‍රියා කරන බව සමහරු කියති. ගම්සභා ඡන්දයෙන් සීයට හතරකට වැටුණු ශ්‍රීලනිපයෙන් යලි කෙදිනකවත් පාර්ලිමේන්තුවට පැමිණිය නොහැකි බව දන්නා මේ කට්ටිය රාජපක්ෂලාට අනුගත වී තිබීම තේරුම් ගත හැකි කරුණකි. ඒ අනුව යම් හෙයකින් විශ්වාස භංගයෙන් අගමැතිවරයා පරාජය කළ හොත් පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස චමල් රාජපක්ෂව පත් කර ගෙන ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම මේ කණ්ඩායමේ සැලසුම බවද කියති. “අනුන් හෙලන්නට වලක් කපන්නා එහි තුල වැටිලා මිය යන්නා" යනුවෙන් සිරිල් ඒ සීලවිමලයන් ලිව්වේ මේවගේ දේවල් ගැන දිව්‍යඥානයෙන් දැන ගෙන විය යුතුයි.

:       0       5

rocky Saturday, 24 March 2018 12:46 PM

හිර ගෙදර සිටිය යුතු පුද්ගලයින් පිරිසක් පාර්ලිමේන්තුවට රිංගා ගෙන ඇති බව පෙනේ!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 702 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17877 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site