IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


හරකා එස්.ටි.එෆ් සෙබළුන් දෙදෙනාට මරු කැඳවයි

(රොමේෂ් මධුෂංක සහ සිතුම් චතුරංග)

වව්නියාව හොරොව්පතාන මාර්ගයේ කෝවිල්කුලම් ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් ඩිෆෙන්ඩර් රථයක් අයාලේ යන ගවයකුගේ ගැටි සිදු වූ අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළුන් දෙදෙනකු මියගොස් තවත් 05 දෙනකු තුවාල ලබා ඇතැයි  වවුනියාව පොලීසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ කුරුණෑගල කුඹුක්වැව පදිංචි පොලිස් කොස්තාපල් (27287) හේරත් මුදියංසේලාගේ හසිත දිනේෂ් මධුසංඛ සහ මැදවච්චිය දුම්රිය නගරය පදිංචි පොලිස් කොස්තාපල් (38778) යාපාමුදියන්සේලාගේ සුපුන් ප්‍රදීපන නැමති වවුනියාව , මඩුකන්ද පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට අනුයුක්තව සේවය කළ විශේෂ කාර්ය බලකා සෙබලුන් දෙදෙනෙකි.

වව්නියාව මඩුකන්ද පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අයත් මෙම ඩිපෙන්ඩර් රථය මඩුකන්ද සිට වව්නියාව දෙසට ගමන් කරමින් සිටියදී කෝවිල්කුලම් ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව තිබේ.

ගවයාගේ ගැටුණු ඩිපෙන්ඩර් රථය මාර්ගය අසල තාප්පයක්ද කඩාගෙන රථය පෙරලී ගොස් ඇති බව පොලීසිය පවසයි.

අයිතිකරුවන්  ගාල් නොකිරීම හේතුවෙන් මෙම  මාර්ගයේ මීට පෙරද අවස්ථා කීපයකදී සිදු වූ අනතුරු හේතුවෙන් මරණ සහ තුවාල සිදුවීම් ගණනක් වුවද  ගවයින් පාලනය කිරීමට බලධාරීන් හෝ ගව අයිතිකරුවන් කිසිදු පියවරක් ගෙන නොමැති බව ප්‍රදේශවාසීහු චෝදනා කරති. 



අදහස් (8)

හරකා එස්.ටි.එෆ් සෙබළුන් දෙදෙනාට මරු කැඳවයි

Sisira Kumara Tuesday, 10 October 2023 08:40 AM

හැප්පුන ගවයාට මොකද උනේ

:       4       25

පිටිගල මිලානෝ Tuesday, 10 October 2023 09:22 AM

හරකා නොව වේගයයි ඔවුන්ට සහ සමහරවිට හරකාටත් මරු කැදවා ඇත්තේ. වේගයෙන් ගමන් කරන හමුදා සහ පොලිස් වාහන සමාජයට කරදරයකි.

:       6       61

NimalTuesday, 10 October 2023 09:59 AM

‍යුද්දෙ කාලෙ නම් එහෙම කිව්වෙ නෑ නේද? දැන් වුනත් බොම්බයක් කොහෙ හරි තියෙනව කිව්වොත්, ඉබ්බො වගෙ යන්න කියලද කියන්නෙ??

:       27       10

කඵණසිරි ගජසිංහTuesday, 10 October 2023 10:35 AM

මන්නෙන් කපලා මරන්න හදනවා, ගෙවල් දොරල් කඩලා දාලා ගිනි තියන්නත් හදනවා කියලා පොලිසියට Call කරලා කිව්වහම, 1.1.9. ට කිව්වහමත් පැයට කි.මී. 20ට වැඩියෙන් යන්ට එපෝ....... හිමීට යන්ටෝ....... හය්යෙන් යන එක නමැති කරදරය මින් ඉදිරියට මුන්ට කරන්ට එපෝ........

:       14       9

Galkotuwe Gedara Suneth Hemantha KumaraTuesday, 10 October 2023 02:58 PM

මනුස්සයෙක් පාරේ හිටියත් ඔය ටිකම තමා. කපන කොටන අය බේරන්න ඉස්සරවෙලා තමනුයි, අනිත් අයයි බේරිලා ඉන්න ඕනෑ...!

:       1       13

කිරිපුතා Tuesday, 10 October 2023 09:26 AM

මිනිසුන් නිකම්ම නිවැරදි දේ කරන්න තරම් සත්පුරුෂ නෑ. ඒකට රටේ ක්‍රියාකාරී නීතියක් තියෙන්න ඕන. රටම අයාලේ යන්නේ එහෙම නීති නැති නිසා.එස්. ටී.එෆ් .සෙබලු දෙන්නෙක් කියන්නෙ කොයි තරම් වටිනා සම්පත් දෙකක්ද රටට ?

:       5       19

සෙනෙවිරත්න Tuesday, 10 October 2023 03:22 PM

හතළිහට ගියාම ඔහොම වෙනවා... මේ ගිහිල්ලා තියෙන්නේ ⁣කපලා කොටලා මරණ තැනකට බෝම්බ හොයන්න. පාරේ ගවයෝ යන්නේ ඔය පාරේ විතරක් නෙවෙයි. ඒ වගේම ඔය පාරේ යන්නේ එස්.ටී.එෆ් වාහන විතරක්ම නොවෙයි...

:       0       6

PALITHA Tuesday, 10 October 2023 04:28 PM

ගිහින් තියෙන්නේ හරි හෙමින්නේ, ඔයිට වඩා ටිකක් හයියෙන් ගියා නම් ඔහොම වෙන්නේ නැහැ. හමුදාවේ නෙවෙයි මොන මගුලේ වුණත් වාහනයක් අතට අරන් පාරට බැස්සාම විනයක්, හික්මීමක් තියෙන්න ඕනේ. හික් නැතුව මීමෙක් වාහනේ අතට ගත්තාම මෙහෙම වෙනවා...

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1585 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1375 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 490 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site