(ඩී.ජී. සුගතපාල,ජේ.කේ.එල්. චාමින්ද , රවි ලියනගේ,බිමල් ශ්‍යාමන් ජයසිංහ, බී.එච්.රම්‍යා සහ ගයාන් සූරියආරච්චි )
හිනිදුම පනංගල පිහිටි නවාතැන් පොලකට පැමිණි දෙදෙනකු එල්ල කළ වෙඩි තැබිමකින් නවාතැන් පොලේ හිමිකරු සමග තවත් දෙදෙනකු එම ස්ථානයේම මියගොස් ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන දෙදෙනෙකු ඊයේ (30) රාත්‍රී ටී.56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබිම සිදුකර ඇති බවද කියයි. මියගොස් ඇති තිදෙනා හිනිදුම මහාබෝධිවත්ත පදිංචි නවාතැන්පොලේ හිමිකරු (55) බටපොල නාමල් සෙවණ සහ හිනිදුම උතුර නැවතිමුල්ල පදිංචි තිදෙනෙකු බවට හදුනාගෙන තිබේ. මොවුන් තිදෙනා සාදයක් පවත්වමින් සිටියදි රාත්‍රි 11.30ට පමණ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පලාගොස් ඇත.
මින් දෙදෙනෙකු විවාහකයින් බව පොලිසිය පවසයි. සිද්ධිය වු ස්ථානයේ තිබි හිස් උණ්ඩ කොපු 14ක් පමණ සොයාගෙන ඇති බව පොලිසිය පවසයි. මුදල් ආරවුලක් සම්බන්දයෙන් මෙකි වෙඩි තැබිම සිදුකොට ඇති බවට පොලිසිය සැකකරුයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙඩිකාලාම මැරෙන්න තරම් නොසන්ඩාල වැඩක් මෙයාලත් කරලා ඇති.
පාතාලය පිටුපස දේශපාලකයෝ ඉන්නව කිව්වනෙ ඒ කාළේ. දැන් නම් පේන්නේ ඒ කාලේ ඉඳලම පාතාලය පිටුපස ඉඳල තියෙන්නේ ජවිපෙ දේශපාලකයෝ කියලා. ඔවුන්ට බලය ලැබුණම පාතාලය වර්ධනය වෙලා!
සල්ලි සල්ලි පොලු, පොලී මුදල්, ඒවා තමයි මේවාට මුල තමන්ට ලද දෙයින් සතුටට පත්වෙන්න බැරිව අනුන්ගේ දේපල තමන් සතු කරගන්න යාම තමයි මේවාට මුල, ගම්වලටත් මේක පැතිරීම තමයි වඩාත්ම ඛේදවාචකය...!
මේක තමයි රටේ පැතුම...