IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


සූර්යග්‍රහණය උතුරට දර්ශනය වූ අයුරු

(රොමේෂ් මධුෂංඛ )
                                        
ඉතා විරල වූ වලයාකාර සූර්යග්‍රහණයක් අද(26)  උදෑසන වසර 10 කට පසුව උතුරේ ජනතාවට ඉතා හොඳින් දැක බලා ගැනීමට අවස්ථාව උදා විය.
 
උතුරු පලාතේ මුලතිව් ,යාපනය හා මන්නාරම් දිස්ත්‍රීක්කයන්ට ඉතා හොඳින් මෙම වලයාකාර සූර්යාග්‍රහණය නිරීක්ෂණය වූ අතර එම සූර්යග්‍රහණය නිරීක්ෂණය කිරීම සඳහා තාරකා විද්‍යා නිරීක්ෂණ කමිටුද අද උතුරු පළාතට පැමිණ සිටියහ.
 
මේ අනුව යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සූර්යග්‍රහණය වෙනුවෙන් විශේෂ වූ නිරීක්ෂණ කඳවුරක් ඉදිකර තිබූ අතර මේ සඳහා යාපනය විශ්වවිද්‍යාලය මෙන්ම කොළඹ හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයන්හි තාරකා විද්‍යා නිරීක්ෂණ නිලධාරීහු සහභාගී වී සිටියහ.

සූර්යග්‍රහණය නැරඹීම සඳහා යාපනය විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් මෙන්ම යාපනයේ පාසල් රැසක සිසු දැරියෝ යාපනය විශ්ව විද්‍යාලයට පැමිණ සිටියහ.

එමෙන්ම  තාක්ෂණ හා නවඋත්පාදන අමාත්‍යංශයද පූර්ණ සහය ලබා දී තිබූ අතර සූර්යග්‍රහණය නැරඹීම සඳහා තාක්ෂණ හා නව උත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතාද සහභාගී විය.

 


 

( රොමේෂ් මධුෂංක - වව්නියාව) 



අදහස් (12)

සූර්යග්‍රහණය උතුරට දර්ශනය වූ අයුරු

eresh S kumara Thursday, 26 December 2019 05:22 AM

අමතක වෙලා කෙලින්ම බැලුනා.. දැන් අන්ධ වෙලා ඉන්නේ...

:       9       103

MS Mohamed Thursday, 26 December 2019 06:00 AM

"සූර්යයා, එය චන්ද්‍රයාට ළඟාවීමට හෝ රාත්‍රිය දහවල පෙරටු කිරීමට හෝ නොහැක. තවද (ග්‍රහයන්) සියල්ල (ඒවාට හිමි නිශ්චිත) කක්ෂයක යයි"

:       6       23

ධම්මික සුරංග Thursday, 26 December 2019 06:04 AM

ලෝකයේ කලාතුරකින් දකින්නට ලැබෙන සංසිද්ධියක් බැවින් අපිද නැරඹුවා.

:       0       58

hira Thursday, 26 December 2019 08:49 AM

මෙය සිද්ධිය පිටුපස ඉන්නේ අපගේ සර්වබලධාරී දෙවි පියාණන්ය. එතුමා විවිධ ප්‍රාතිහාර්යය කරමින් අපව අමන්දානන්දනයට පත් කරනු ලබන සේක.

:       1345       47

DenverThursday, 26 December 2019 11:01 AM

ඒක ශෝක් විහිළුව. ඕවට ‍රැවටෙන අය තාමත් ඉන්නවනේ මහත්තයෝ. එංගලන්තේ මිනිස්සු මේ වගේ ඒවා නිසා ආගමෙනුත් ඈත්වෙලා. අපේ අය සල්ලිවලට ඒ ආගමට හැරෙනව‍ා. බොරු කියලා හිතෙනවා නම් එක්සත් රාජධානියේ ආගම් කියලා ගූගල් සර්ච් කරලා බලන්න.

:       9       856

sunilThursday, 26 December 2019 01:13 PM

කෙසේවෙතත් එතුමාට තව වන තෙක් සුනාමි, ගං වතුර, නාය යෑම්, ත්‍රස්ත ක්‍රියා වැනි දේ නවතා ගත නොහැකි වුණා.

:       20       540

chanukaFriday, 27 December 2019 03:03 AM

Hira, දරුවෙක් හම්බවුනාට පසුව එම ගැහැණිය කන්‍යාවක් වෙන්නේ කෙසේද ?

:       5       624

kanchanaFriday, 27 December 2019 07:04 AM

හිරා වෙත යොමු කරන ප්‍රශ්නය, ඔබගේ සර්වබලධාරි දෙවියන්ගේ හැඩරුව කොයි වගේද? අඳිනවා නම් ඒවා මිලදී ගන්නේ කොහෙන්ද? එතුමා වැඩවාසය කරන්නේ ගෙයක් වැනි තැනකද? ඔහු එහිදී ආහාර අනුබව කරනවද? වැසිකිලි එහෙම යනවද? දැන‍ට මේ සරල ප්‍රශ්න කිහිපය විසඳන්නකෝ...

:       46       1566

nisa Thursday, 26 December 2019 11:03 AM

හිරා, මෙතරම්ම මැවුම්කරු ප්‍රාතිහාර්ය දක්වනවා නම්, අප්‍රේල් 21 පල්ලියටම ඇවිල්ලා ගහලා යනකම් කොහෙද හිටියේ? ලෝකයට විහිළු සපයන්න එපා. මොකද මැවුම් වාදය නවීන විද්‍යාවෙන් බොරුකර හමාරයි. ලෝකය පැතලි කියපු කාලයකුත් තිබුණා මතකද? ඒ පොත් දැන් බහුතරයක් විනාශ කරලා ඉවරයි..

:       17       1217

samanThursday, 26 December 2019 02:59 PM

මැවුම්කරු ඒ අවස්ථාවේදී තේ එකක් බීමට එළියට ගොස් සිටි බව දන්නේ නැද්ද?

:       18       1146

සෙනෙවිරත්න Thursday, 26 December 2019 04:15 PM

දැන් නක්ෂත්‍රකාරයො අර ලග්නෙට මෙහෙමයි අර ලග්නෙට මෙහෙමයි කියල කියාවි. හැබැයි මේගොල්ලන්ට මේ ග්‍රහන ගැන කිසිදු අනාවැකියක් කියන්න බැහැ විද්‍යාත්මක ක්‍රමවේදයෙන් බැහැරව. ග්‍රහලෝක ගැන කියන ,හොයන මේ කේන්දර කාරයො ක්‍රි ව 1571 උපන් ජර්මන් ජාතික කෙප්ලර් හොයාගත් ග්‍රහලෝක වල ගමන ගැන කියන නියමයන් තුනවත් දන්නවද කියල මං අහන්නෙ.

:       33       109

Rashmika Dilshan Monday, 30 December 2019 01:56 AM

මරු, සුපිරී.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 90 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site