IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


සුරංගනීට මාළු ගෙනාවා අසමින් මෝදි දීපවාලි සමරයි

 

ඊයේ (24) ඉන්දියාව පුරා දීපවාලී උත්සව සැමරුම් සිදුවෙද්දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පාකිස්ථාන දේශ සිමාවේ පිහිටි කාගිල් හමුදාකඳවුරේ සෙබළුන් සමග දීපවාලී උත්සවය සැමරුවේය. එහිදී තමිල්නාඩුවේ සිට පැමිණ සිටි සෙබළු “සුරංගනීට මාළු ගෙනාවා” ගීතය ගයමින් අගමැතිවරයා සමග සතුටු වූ ආකාරය අගමැතිවරයාගේ නිල ට්විටර් ගිණුමට එක් කර තිබුණි. තමිල්නාඩු සෙබලු එම ගීතය ගයා තමන් පුදුම කළ බවද මෝදි සටහන් කර තිබුණි.

මෙම උත්සවයේ දී  අදහස් දැක්වූ ඉන්දීය අගමැතිවරයා ඉන්දියාව යුද්ධය පළමු තෝරාගැනීම ලෙස නොසලකන බවද ලංකාව සමග යුද්ධයේ දී හෝ කුරුක්ෂේත්‍ර යුද්ධයේ දී අවසන් මොහොත දක්වාම ඉන්දියානුවන් යුද නොකරන්නට උත්සාහ කළ බව පැවසීය.  ඉන්දියාව යුද්ධයට විරුද්ධ වුවද ශක්තිය නොපෙන්වා සාමය ලඟාකර නොහැකි බවද පැවසීය. එසේම ඉන්දියාව දෙස යම් අයෙකු කෝපාවිශ්ඨ ඇසකින් බලන්නේ නම් ඉන්දීය හමුදා එයට ගැළපෙන ආකාරයකින් ඔවුන්ට පිළිතුරු දෙන බවද පැවසීය.



අදහස් (7)

සුරංගනීට මාළු ගෙනාවා අසමින් මෝදි දීපවාලි සමරයි

ගමක උපන් කොල්ලෙක් Tuesday, 25 October 2022 03:33 PM

දීපවාලිය මෙවර මුලු ඉන්ඳියාවම ඉහළින්ම සැමරුවේය... එයට හේතුව එදා ඉන්ඳියාව ආක්‍රමණය කරලා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යටතට පත්වුනු ගමක උපන් කොල්ලෙක් අද බ්‍රිතාන්‍ය අගමැති පුටුවට පත්වුනු දවසම නිසාය!

:       1       5

susantha Tuesday, 25 October 2022 03:54 PM

තමිල්නාඩුවෙ උනුත් මරු බඩු තමා. සිංහල සින්දු කියන්නේ හැබැයි සිංහලයෝ එක්ක ජනමාන්තර වෛරයි.

:       2       6

සිංහළයා මෝඩයාTuesday, 25 October 2022 05:46 PM

අපෝ එහෙම වයිරයක් නැහැ..! ඔය අගේට උං තමිල්නාඩුවෙන් වවන කහ කිලෝ ගණන් කම්මැළි සිංහළයට එවලා නැති බැරි සිංහලයටම මේ මෑතකදීත් මුදලින් ලොකු ආධාරයකුත් එවලා පෙන්නුවෙ සිංහළයා මෝඩයා දෙනදේ කන්න දක්‍ෂයා කියලා !

:       0       4

Sam Tuesday, 25 October 2022 05:28 PM

අපේ එතරම් සැලකිල්ල නැතත්, සුරංගනීට මාලු ගෙනාවා සිංදුව රටවල් ගොඩක ජනප්‍රිය සිංදුවක්. දකුණු ආසියාවේ, අග්නිදිග ආසියාවේ සහ ඕස්ට්‍රේලියාවේ පවා. මාත් එක්ක බටහිර රටක වැඩ කරන ඕස්ට්‍රේලියන් එක්කෙනෙක් පාටියකදි ඔය සිංදුව කීවා. ඒ සිංදුව දන්නෙ කොහොමද කියලා ඇහුවාම ඔහු කීවේ, පාටි වලදි එයාගේ සීයාත්, තාත්තාත් මේ සින්ංදුව කියන බවත්, මොන රටේද ඒකෙ තේරුම වත් නොදන්නා බවයි.

:       1       9

sunimal Tuesday, 25 October 2022 05:42 PM

මේවා දේශීය සන්නිවේදන සමාගම් බිමට සමතලා කිරීමට මේ දවස්වල අසීමිත උත්සහයක් දරන ඉන්දියානු සන්නිවේදන සමාගමේ සහ ඔවුන් නියෝජනය කරන කොටස්වල උගුල් බව සිතන මට පිස්සුද?

:       0       0

Prabha Tuesday, 25 October 2022 06:22 PM

සුරංගනිගේ මාළු කෙසේ වෙතත් අපේ මුහුදේ මාළු නම් හොරා කනවා.

:       0       0

agith Tuesday, 25 October 2022 08:54 PM

මෙම ගීතය ඉන්දීය හමුදා සාමාජිකයන් අතර ජනප්‍රිය ගීතයක්. ඉන්දියානුවන් කැමති සිංහල ගීත රසය කුමක්දැයි හඳුනා ගැනීමසිංහල ගීතයට වෙළඳපොළක් නිර්මාණය කර ගැනීමටගොඩක් උපකාරී වෙයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site