(යොහාන් භාසුර)
‘සිපෙට්කෝ’ පිරවුම්හල්වලින් පරිහණය ගාස්තු බද්ද අය නොකරන්නේ යැයි කළ පොරොන්දුව කඩ කරමින් ඛනිජ තෙල් සංස්ථාව එම බද්ද අය කිරීමට විරෝධය දක්වමින් හෙට (4) දිනය සඳහා වන සියලුම ඇනවුම් අවංගු කරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා අද (3) පස්වරුවේ පැවසීය.
එම බද්ද අය නොකරන්නේ යැයි ඛනිජ තෙල් සංස්ථාවේ මූල්‍ය කළමනාකරු ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන් දැනුවත් කර තිබියදී අද පස්වරුවේ එම බද්ද අය කිරීමෙන් මේ වන විට මුදල් ගෙවූ ඇනවුම් ලැබීම ද අවිනිශ්චිත තත්වයකට පත්ව ඇති බවත් මෙම බද්ද අය නොකරන බවට ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ද ප්‍රකාශ කළ බව ද නාඔටුන්න මහතා කීය.
අළෙවියට සාපේක්ෂව පසුගිය වසරේ ගෙවූ වට්ටමෙන් කොටසක් බද්දක් ලෙස ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිලදීගැනීමට තැන්පත් කරන මුදලින් අයකරගන්නා බව දැනුම්දී තිබූ බවත් ඒ සම්බන්ධයෙන් යොමුවූ විරෝධයත් සමඟ එය අය නොකරන බව දැනුම් දී තිබූ බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
‘සිපෙට්කෝ’ තෙල් ඇනවුම් නොකරයි
fairoos Tuesday, 04 October 2022 01:41 PM
මෙ පොහොට්ටුවෙ ආන්ඩුව ඉන්නකම් රට ඉවරයි