IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ශ්‍රීලනිප තීන්දුව 3 වැනිදා

(ඩයනා උදයංගනී)

ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගන්නා තීන්දුව එළඹෙන සැප්තැම්බර් 3 වැනිදා පැවැත්වෙන පක්‍ෂයේ 68 වැනි සංවත්සර උළෙලේ දී ප‍්‍රකාශයට පත්කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා පැවසීය.

රට සංවර්ධනය කරමින් ඉදිරියට ගෙන යා හැකි වැඩපිළිවෙළක් පක්‍ෂය මගින් සකස් කර ඇතැයි කී මහලේකම්වරයා එයට සහය දෙන අපේක්‍ෂකයකුට සහය ලබාදෙන බවද සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් දැනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සාකච්ඡා කරගෙන යන බව කී මන්ත‍්‍රීවරයා මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තවත් පක්‍ෂයක් තුළ දියවීමට ඉඩ නොතබන බව ද කීවේය.

මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 68 වැනි සංවත්සර සමුළුව සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගණයේදී සැප්තැම්බර් 3 වැනිදා පැවැත්වෙන අතර පක්‍ෂයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් එහිදී ජනාධිපතිවරයා අදහස් දක්වන බව ද මහලේකම්වරයා කීවේය.

ශ්‍රී.ල.නි.පයට වැදගත් වන්නේ අපෙක්‍ෂකයා කවුරුන්ද යන්න නොව වැඩපිළිවෙලට එකඟවන්නේ කවුරුන්ද යන්න යැයි කී අමරවීර මහතා සියල්ල කරන්නේ පක්‍ෂ අනන්‍යතාව ආරක්‍ෂා කරගනිමින් බව ද පැවසීය.

 ‘පක්‍ෂ ව්‍යවස්ථාවට අනුව වෙනත් පක්‍ෂයක නායකත්වය ගත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ පක්‍ෂ සාමාජිකත්වය අහිමි වෙන්නේ නැද්ද? එතුමාට විපක්‍ෂනායකධූරය දැරිය හැකිද?’ යනුවෙන් මෙහිදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දුන් මහින්ද අමරවීර මහතා පැවසුවේ එතුමාගේ පක්‍ෂ සාමාජිකත්වය අහිමිවීම මෙන්ම විපක්‍ෂනායක ධූරය සම්බන්ධයෙන් ද ප‍්‍රශ්නයක් මතුවන නමුත් දෙපාර්ශවය අතර සාකච්ඡාවලට බාධාවන ආකාරයේ තීන්දුවක් තම පක්‍ෂය මේ අවස්ථාවේදී නොගත යුතු බවයි.

එය තමාගේ පෞද්ගලික මතය බව කී අමරවීර මහතා අවසන් තීරණයක් ගතයුත්තේ පක්‍ෂ මධ්‍යම කාරක සභාව බවත් එය ලබන සතියේ රැස්වන බවත් සඳහන් කළේය.

නිදහස් පක්‍ෂය මගින් ජනාධිපතිධූරය ඇතුළු බොහෝ දේ ලබා ගත් මහින්ද රාජපක්‍ෂ මහතා වෙනත් පක්‍ෂයක සාමාජිකයකුවීම ගැන ගණගාටුවක් තිබෙන බව ද මහලේකම්වරයා කීවේය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහය දීමේ තීන්දුවක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව මෙතෙක් ගෙන නැතැයි කී මන්ත‍්‍රීවරයා මධ්‍යම කාරක සභාව දැනට තීරණය කර ඇත්තේ පක්‍ෂයෙන් ජනාධිපති අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කළ යුතු බව යැයි ද ප‍්‍රකාශ කළේය.

 



අදහස් (4)

ශ්‍රීලනිප තීන්දුව 3 වැනිදා

saliya Thursday, 15 August 2019 11:29 AM

වෙල්ගමටවත් බාරදෙන්න දැන්මම... අරයා 3 වැනිදාට තීන්දු ගන්න ශ්‍රීලනිපයක් ඉතුරු කරාවිද මහත්තයෝ?

:       0       14

sirimal Thursday, 15 August 2019 11:50 AM

ඔය තීන්දුව ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කිසිවෙක් තරඟ නොකර පොහොට්ටුවේ අපේක්ෂකයාට සහය දෙන එකනේ. අපි දන්නේ නැද්ද? ජනාධිපතිවරයාට අලුත් ආණ්ඩුව යටතේ " නම්බුකාර තනතුරක් " ලබාදෙන්නනේ පොරොන්දු වෙලා තියෙන්නේ. අනේ අපොයි මහත්මා දේශපාලනය වෙනුවට බල ලෝභය සහ තණ්හාව තෝරාගැනීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙච්ච දෙයක්. අපට ආරංචියි චන්ද්‍රිකා මැතිණිය අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ගොඩ වැදුණා කියලත්. ඒ මොන ජන්ජාලයකටද කියලා එතුමියම තමයි දන්නේ...

:       5       105

Hafeel Thursday, 15 August 2019 03:22 PM

රට සංවර්ධනය කරමින් ඉදිරියට ගෙන යා හැකි වැඩපිළිවෙළක් පක්‍ෂය මගින් සකස් කර ඇති බව කියනවා. නමුත් ජනාධිපතිවරණයට තරඟ කරන්න බැරි තත්වයකට අද මේ පක්ෂය පත්වෙලා. ඔය පක්ෂය දැනටම දිය වෙලා ඉවරයි.

:       0       2

isuru Friday, 16 August 2019 06:35 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුවට බාලගිරි දෝසේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 713 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17920 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 767 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site