(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වනාතවිල්ලුව ලැක්ටෝ වත්තේ නිවසක් තුළ කිසියම් පිරිසක් කළ රහසිගතව කැණිමක් සම්බන්ධව රජයේ රස පරික්ෂකවරයාගේ සහ අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ විශේෂ පරීක්ෂණයක් අද (29) දින අරඹා තිබුණි.
වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත නිවසේ ඇතුළත පොළවේ සිමෙන්ති තට්ටුව කිසියම් පිරිසක් දින කිපයකට පෙර කඩා එහි අඩි කිපයක් ගැඹුරට කැණීම් කරතිබීම සම්බන්ධව වනාතවිල්ලුව පොලිසිය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හා රජයේ රස පරීක්ෂකවරයා දැනුවත් කර තිබුණි.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර රුෂාන් ප්‍රනාන්දු මහතා අද (29) දහවල් අදාළ ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබුණි. අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ විශේෂ කණ්ඩායමක්ද මෙම පරීක්ෂණ සදහා එක්ව සිටියහ.
වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත තුළ විශාල පුපුරණ ද්‍රව්‍ය තොගයක් මෙම වසරේ ජනවාරි 16 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ විශේෂ කණ්ඩායමක් සොයා ගෙන තිබු අතර එහිදි සැකකරුවන් සිව්දෙනෙකුද අත් අඩංගුවට ගෙන තිබුණි.
ඉන් පසුව අවස්ථා කිපයකදී මෙම ඉඩමේ තිබි ගිනි අවි සහ තවත් දෑ අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව සොයා ගැනීමට සමත් වි තිබුණි.
මෙම ඉඩම තුළ පසුගිය කාලයේ රටේ දේවස්ථාන තුළ සිදුවු පිපිරීම් සම්බන්ධ යම් ක්‍රියාකාරකම් සිදුව ඇති බවට ආරක්ෂක අංශ මගීන් සනාථ කරගෙන ඇත.
එම පරීක්ෂණවලට අනුව නාඳුනන පිරිස කළ කැණිම් සම්බන්ධව දීර්ඝ නිරීක්ෂණයක් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ කණ්ඩායම අරඹා ඇත.
කෙසේ වෙතත් එම නිවස හා අවට පිළිබඳව රජයේ රස පරීක්ෂක වෙනුවෙන් පැමිණි නිලධාරීහු ද පරීක්ෂණයක් කර එහි තිබූ ඇතැම් සාම්පල ලබාගත්හ. මෙම අවස්ථාවට වනාතවිල්ලුව පොලිසියේ නිලධාරීන් සමග පුත්තලම මුලස්ථාන පොලිසියේ අපරාධ ස්ථාන නිලධාරීහු ද එක්ව සිටිති.
ගල්කිස්සේ වෙරළ පාර, ගාලු පාර අසල මීට සුළු මොහොතකට ඉහතදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.
ලූනු බිකටත් පොර බදින්නේ නැතිව රට ගොඩ නගන ගමනට එකතු වන්නැයි වෘත්තිය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වනාතවිල්ලුව ලැක්ටෝවත්ත නිවස රස පරීක්ෂකගේ පරීක්ෂාවට
nalin Tuesday, 29 October 2019 10:31 AM
හංගපු දේවල් අරගෙන ගියමද විමර්ශනය කරන්නේ
sachith Tuesday, 29 October 2019 10:44 AM
ඔන්න අපේ රටේ පොලිසියේ තරම. මේවගේ දෙයක් (අඩුම ගානේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ) හොඳට හොයල බලන්න තිබ්බ. නිල සුනඛයෝ ගෙනවා නම් ගොඩක් දුරට හොයාගන්න තිබ්බා