(රංජිත් රාජපක්ෂ)
නාත්තන්ඩියේ සිට නුවරඑලිය දක්වා ධාවනය වූ ලොරි රථයක, පුද්ගලයන් දෙදෙනකු ගැටීමෙන් එක් අයෙකු එම ස්ථානයෙම ජීවිතක්ෂයට පත් වී තවත් මගියෙකු බරපතල ලෙස තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු එම තුවාලකරුගේ තත්වය බරපතල නිසා දික්ඔය මූලික රෝහල වෙත මාරැ කර යවා ඇත.
මෙම අනතුර අද (20) දින උදෑසන 7:00ට පමණ සිදු වී ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ දිඹුල පතන මංසන්ධියේදීය.
ඩයගම සිට කොළඹ දක්ව ධාවනය වූ බස් රථයක රියදුරුට විවේක ගැනීම සදහා බස් රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවේ නතර කල අවස්ථාවේ බස් රථයේ ගමන් ගත් මගීන් දෙදෙනෙකු බස් රථයෙ පසුපස දොරෙන් ප්‍රධාන මාර්ගයට බසින අවස්ථාවේ නාත්තන්ඩියේ සිට නුවරඑලිය දක්වා අධික වේගයෙන් රා ප්‍රවහනය කිරිමින් තිබූ ලොරි රථයක ගැටී මෙම අනතුර සිදු වී ඇත.
ලොරි රථයේ රියදුරා දිඹුගල පතන පොලිසිය විසින් සැක පිට අත්අඩංගුවට ගෙන ඇති අතර, රියදුරාට නින්ද යෑමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි අනතුර පිලිබද පරික්ෂණ පවත්වන දිඹුල පතන පොලිසයේ රථවාහන අංශයේ නිළධාරියෙකු කියා සිටියේ. මිය ගිය මගියා සහ තුවාල ලැබූ අනිත් මගියා ලිදුල මෙරායා වත්තේ පදංචිකරුවන් බවත්, එම මගීන් දෙදෙනා කොළඹ යෑම සදහ ලිදුල ප්‍රදේශයෙන් බස් රථයට ගොඩ වී ඇති බවයි දිඹුළ පොලිසියේ නිළධාරියෙකු වැඩි දුරටත් කියා සිටියේ.
අනතුරින් මිය ගොස් ඇත්තේ ලිදුල මෙරායා ප්‍රදේශයේ පදිංචි අබ්දුල් රහීම් නැමති 25 හැවිරිදි තරුණයෙකි.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොරි රථයක ගැටී එක් අයෙකු මරුට - අයෙක් රෝහලට