(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල, වෑවලවැව ප්‍රධාන මාර්ගයේ කැප්ඇල ප්‍රදේශයේදී සංචාරක පිරිසක් ගමන් ගත් බස් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදිකරු මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
යතුරු පැදිය පිටුපස ගමන් ගත් වෛද්‍යවරියක තුවාල ලබා ඇත.
මියගොස් ඇතිතේ දඹුල්ල නිකවට වන පදිංචි මොහොමඩ් මුකුරායි මොහොමඩ් සාරීෆ් නැමති අයකු බව හඳුනාගෙන තිබේ. අනතුර බසයේ සවිකර තිබුණු කැමරාවක සටහන්ව ඇතැයිද කියයි.
විදෙස් සංචාරකයන් ගමන් ගත් බස් රථය පොලිස් භාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජිඑම්ඕඒ අයිත් විරෝධතාවයක් පටන් ගන්න වේලාව හරි... මේ පාර වෛද්‍යවරියකට තුවාල වෙලා