රුසියාවේ මැග්නිටෝගෝස්ක් නගරයේ ගෑස් පිපිරිමකින් කඩාවැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටි මාස 10 ක් වයසැති බිළිඳකු බේරා ගැනීමට සමත් වී ඇතැයි රුසියානු මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම ළමයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු බේරා ගැනීමට සමත් වී ඇති අතර ඉකුත් අඟහරුවාදා (1) පසු කිසිදු පුද්ගලයකු සොයාගෙන නොමැති බව මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම සිදුවීම නව වසරේ ප්‍රාතිහාර්යක් බව රුසියානු බලධාරීහු පවසති.
මේ අතර සුන්බුන් වලට යටවී මිය පුද්ගලයන් 39 දෙනෙකුගේ සිරුරු සොයා ගෙන ඇති අතර සොයා ගත් සිරුරු 39 න් 38 ක් හඳුනාගෙන තිබේ.
දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා 900 කට ආසන්න පිරිසක් සහභාගී වු අතර උෂ්ණත්වය සෙල්සියස් අංශ 27 කට අඩුවීම මෙහෙයුම් වලට බාධා විය.
සෝවියට් යුගයට අයත් මෙම නිවාස සංකීර්ණයේ 1100 ක් පමණ වාසය කරති. සිද්ධියෙන් නිවාස 35 කට හානි සිදුවිය.
(28535)
(වීඩියෝ දර්ශන ද ගාඩියන් ඇසුරෙනි)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රුසියාවේ කඩා වැටුණු ගොඩනැගිල්ලේ සිරවී සිටි බිළිඳකු බේරා ගනී
jayath Wednesday, 16 January 2019 06:06 AM
මොකද්ද මේ උෂ්ණත්වය? සෙල්සියස් 27 ක්...? සාමාන්‍ය වායු සමනය (මතක තියාගන්න සමීකරණය නෙමි) කරපු කාමරයකත් උෂ්ණත්වය 25 යි. ඒක දරා ගන්න අමාරු උෂ්ණත්වයක්ද?