IMG-LOGO

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා


රසායනික ද්‍රව්‍යක් දඹුල්ලේ විදුහලක සිසුන් 7ක් රෝහලට යවයි

(කාංචන කුමාර ආරියදාස)

විද්‍යාගාරයක තිබූ රසායනික ද්‍රව්‍යයක් දිවේ ගෑවීමෙන් දඹුල්ල ප්‍රදේශයේ විදුහලක  හත්වැනි වසරේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් හත් දෙනෙකු 07 දින දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ බව දඹුල්ල පොලිසිය කියයි.

පිරිමි දරුවන් පස්දෙනෙකු සහ ගැහැණු දරුවන් දෙදෙනකු මෙසේ රෝහල්ගත කර තිබෙන බව පොලිසිය සඳහන් කළේය.

සහකාර ‍පොලිස් අධිකාරියේ එම්. එස්.කේ  වික්‍රමනායක මහතා සඳහන් කළේ   විද්‍යාලයේ හත්වැනි වසරේ ඉගෙනුම ලබන දරුවන් පිරිසක් මෙසේ රෝහල්ගත කොට තිබෙන බවත්   විදුහලේ විද්‍යාගාරය පසුගිය නිවාඩු දින කිහිපයේ රිලවුන් කඩා එහි තිබූ භාණ්ඩ ඇද දමා තිබුණු බවය.

 ඒ අනුව එහි විසිරී තිබුණු රතු පැහැ ගැන්වූ ද්‍රව්‍යයක් මෙම දරුවන් මිරිස් කුඩු යැයි සිතා  දිව මත ගා රස බලා   ඇති බවද  කියයි.



අදහස් (5)

රසායනික ද්‍රව්‍යක් දඹුල්ලේ විදුහලක සිසුන් 7ක් රෝහලට යවයි

ජයම්පති Tuesday, 07 October 2025 01:21 PM

රිලව් මේ රටම විනාශ කරනවා. අධි ගහනයක් බවට පත්ව ඇති සත්තු විනාශ කරන්න. රටේ ආහාර හිගය සහ දුප්පත්කම වැඩිවීමට මේ වන සතුන් එක් මූලික හේතුවක්.

:       0       18

beau Tuesday, 07 October 2025 05:40 PM

රතුපාට රසායනිකය... ලෙඩ් ටෙට්‍රොක්සයිඩ්... මම පාසල් යන කාලයේ අපේ ලැබ් එකෙත් තිබුණා...

:       2       5

Chandadasa Wednesday, 08 October 2025 04:48 AM

ලංකාවෙ මා ඇතුලු 69 ලක්ෂයක්වූ ඡන්දදායකයින් මතක්වුනා මොකද අපි/ ඔවුන් කරන්නෙත් මේ දරුවො වගේ සෙවිල්ලක් බැවිල්ලක් නොකර තීරණ ගැනීම නිසා රටේ විනාශය ඇතිවුනා

:       0       1

Perera Wednesday, 08 October 2025 07:59 AM

බිම වැටීලා තියෙන කුඩක් තොළගාලා බලන්න තරම් මෝඩද මේ ළමයින් . රිලව් බේරිලා ළමයින් ලෙඩ වෙලා.

:       0       0

විදුරංග Wednesday, 08 October 2025 10:36 AM

විද්‍යාගාරයකට යන්න කලින් ආරක්ෂාව ගැන ලෙක්චර් එකක් දීලා නෙමෙයිද යවන්නේ දරුවන්ව? අපි ගිය දවස්වල නම් එහෙම කියලා දීලා තමා දොරෙන් ඇතුළට එන්න දුන්නේ... ලැබ් එකක් ඇතුලේ තියන කිසිම රසායන ද්‍රව්‍යයක් දිවට තියා අත්ආවරණ නැතුව අතින්වත් අල්ලන්න එපා කියලා තමයි අපිට කියා දුන්නේ. අනික ගුරුවරයෙක් නැතිව අපිට ලැබ්වලට යන්න කිසිම අවස්ථාවක අවසරයක් නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 416 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 327 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site